ශ්‍රී ලංකා විදේශ සේවාව විධිමත් කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ප‍්‍රතිපත්ති සහ සැලසුම්වලට යොමුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
විදේශ සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී කෙටිකාලීන සැලසුම් යටතේ විදේශ දුත සේවා සම්බන්ධයෙන් වන වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සමරවීර මහතා කියා සිටී.
වියදම් අවම කිරීම සඳහා විදේශයන්හි පිහිටුවා ඇති ප‍්‍රමාණවත් සේවා ඉටු නොකරන දුත සේවාවන් අහෝසි කර දැමීමටත්, ඒ අනුව ඇතැම් රටවල පව්ත්වාගෙන යන තානාපති කාර්යාල වෙනුවට අනේවාසික තානාපතිවරුන් හඳුන්වා දීමට විදේශ අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
තවද රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් පත් කිරීමේදී මෙතෙක් ක‍්‍රියාත්මකවූ පුද්ගල බද්ධ හා අක‍්‍රමවත් තෝරා ගැනීමේ පටිපාටිය වෙනුවට මාරුකිරීමේ මණ්ඩලයක් පත් කිරීමටත් , අභ්‍යන්තර ඉල්ලූම්කරුවන් සඳහා ඉඩක් ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසූ සමරවීර මහතා සඳහන් කරනුයේ මේ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායික සහාය ලබාදීමට සිංගප්පූරු රජයේ එකඟතාවය පළ කර ඇති බවයි. ඒ සඳහා වන විශේෂඥ කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට ද නියමිතය.
විදෙස් ගත ලාංකික ශ‍්‍රමිකයින් ආරක්ෂා කිරීමටත්, නව විදේශ වෙළඳපොළ අවස්ථා ලබා ගැනීමටත්, විදේශ සහාය මෙරට අවශ්‍ය අවස්ථාවන් හිදී ලබා ගැනීමට සඳහා කටයුතු කරන කාර්යක්ෂම රාජ්‍යතාන්ත‍්‍රිකයින් වෙනුවෙන් දිරි දීමනා හා උසස්වීම් ලබා දෙන ක‍්‍රමවේදයක් සකස් කිරීමටත් අමාත්‍යාංශය අදහස් කරන බව ද ඇමැති කියයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංගල විදෙස් සේවය පීලිගත කරයි
ලලිත් Monday, 14 December 2015 07:01 PM
ඔය ඉන්දියාවෙන් ගෙන්වූ පීලිද? නැත්නම් චීනෙන් ගෙනා පීලිද? (නි)
විද්‍යා Monday, 14 December 2015 08:24 PM
නෑදෑයෝ, ඉංග්‍රීසි හරියට බැරි අය වගේම හරියට වැඩක් කරන්න බැරි අය යවන්න එපා. (නි)
විජිත් Monday, 14 December 2015 08:36 PM
හැමෝම විදේශ සේවය ඒ වගේම විදේශ ප්‍රතිපත්ති "පීලිගත කරනවා". නමුත් ටිකක් කල්යනකොට ඒ අයම "පීල්ලෙන් පනිනවා". අනේ මන්දා...! ඉස්සර නම් විදේශ සේවය කිවුවහම ලොකු පිළිගැනීමක් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඒක අපේ වගේම අපේ රටේම අවාසනාව! (නි)
තිලක් Monday, 14 December 2015 09:29 PM
බොහොම හොඳයි (නි)