විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අතර විශේෂ හමුවක් අඟහරුවාදා (02) ජිනිවාහිදී පැවැත්විමට නියමිතය.
ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම හය මාසයක් කල් දැමීමෙන් පසු මානව හිමිකම් මහ කොමසාරිස් රජයේ නියෝජිතයකු හමුවන ප්‍රථම අවස්තාව මෙයයි.රටවල් 65ක විදේශ අමාත්‍යවරුන් සහභාගිවන සැසිවාරයක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේදී පැවැත්වෙන අතර එයට සහභාගීවන අමාත්‍ය මංගල සමරවීර මහතා මානවහිමිකම් රැක ගැනීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන මානවහිමිකම් මහ කොමසාරිස්වරයා දැනුම්වත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා! මෙතුමාට නිවාඩුවක් දෙන්නෙම නැද්ද? 9 වෙනිදා වැඩට බැස්සට පස්සේ තාම විවේකයක් ලැබෙන්නේ නැතුව ඇති.ගිනස් රෙකෝඩ් එක දැන්නම් අලුත්වෙලා ඇති, අඩුම කාලයකදී වැඩිම විදේශ සංචාර කළ විදේශ ඇමති හැටියට. (නි)
පිවිතුරු, එතුමා මේ යන්නේ පිවිතුරු වැඩ වලට. අන්න වෙනස (නි)
දුමින්ද මහත්තය හරි. පිවිතුරු වැඩට යන්න ඕන පිවිතුරු කෙනෙක් තමයි. මංගල මහත්තයාගේ පිවිතුරුබව නොදන්නා කෙනෙක් මේ රටේ ඉන්නවද. ඒ තරමටම ඒ පිවිතුරු කම පිවිතුරුයි. (නදී)