එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් ලබන මස මුල දී ජිනීවාහි දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම ලබන සැප්තැම්බර මාසය තෙක් කල් දැමීමට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කිරීමෙන් පසු මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙරට රජයේ නියෝජිතයකු හමුවන පළමු අවස්ථාව මෙයයි.