විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගී වීමට පෙර අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී මෙලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් නව රජය ඉදිරියේ සිදු කරන්නට යන වැඩපිළිවෙළ ගැනත් ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවරයන් පිළිබඳව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කළේය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ යන මහත්වරුද සහභාගී වූහ.
අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවන දෙවැනි අවස්ථාව මෙයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ හමුදාවල සුළු පිරිසක් අතිනුත් අපරාධ සිද්වී ඇති බවට ශාක්සි තිබෙනවානේ... දේශීය යාන්ත්‍රණයකින් ඒ අයට දඩුවම් දී උතුරේ මිනිස්සුන්ට සාධාරනය ඉටු කරන්න. (අ)
තිත්ත වුණත් ලෝක බල තුලනයේ යථාර්තය පිළිගත යුතුයි (අ)
මර්වින් සිල්වා මැතිදුන් මේකට ගියා නම් උඩින් බේරා ගන්නවා මේ ප්‍රශ්නේ. මොනවා හරි විවාහ යෝජනාවක්වත් ගෙනල්ල. ගැනිට පුලුවන්ද මිනිහට විරුද්දව යන්න. (අ)
සාකච්ඡා සාර්ථක වේවා! (නි)
පිවිතුරු යහපාලට තමන්ගේ ඇත්ත නමින් ලියන්න හයියක් නැද්ද? (නි)
පිවිතුරු යහපාල වගේ වැඩවසම් යුගයක් පතන අයට මේවා තේරෙන්නේ නැහැ. ජාත්‍යන්තරයත් එක්ක වැඩකරනකොට මෙහෙම තමයි වැඩකරන්නේ. යම්කිසි සම්මුතියක් ගොඩනඟා ගන්න වෙනවා. (නි)
විරුද්ධ දේශපාලන මත දාරීන් මොනවා කිවත්, මෙම රජයෙන් රටට යහපත් ප්‍රතිචාර විදේශ රටවලින් ලබා දෙනවා නිසැකය. රටට යහපතක් හොඳක් වෙනවා කියන්නේ මුළු රටටම සේම ජාතියකටම ආගමකට යහපතක් (නදී)
වටහා ගැනීමේ තීරණ ගැනීමේ ව්‍යාකූලතාව ඇතිවෙන අයුරින් අනන්‍යතාව වැළලුනු කල ප්‍රතිඅදහස් වල කිසි හරයක් නොමැත. පිවිතුරු යහපාල නමින් මුලින්ම ඇති අදහස සැබෑ පිවිතුරු යපාලගේම බව තහවුරු කරන්න බැරි කල, ඔහු ඔවැනි බාල අදහස් ඇත්තෙක් බව හිතන්නට බැරිය. (නි)