ගෞරවනීය දේශපාලනඥයකු, තානාපතිවරයකු හා නීතිඥයකු වූ මංගල මුණසිංහ මහතා (84) අභාවප්‍රාප්ත විය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
එංගලන්තයේදී බැරිස්ටර්වරයකුවූ මුණසිංහ මහතා අයිසන් හවර් ශිෂ්‍යත්වය ලබා කැලිෆෝනියාවේ වෙස්ටන් ස්ටේට් සරසවියේදී අජටාකාශ නීතිය හැදෑරීය.
ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1965 – 77 කාල සීමාවේදී බුලත්සිංහල මන්ත්‍රීවරයා විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පත්කැරුණු මුණසිංහ මහතා සාමය හා දේශපාලන ස්ථාවරත්වය උදාකරගැනීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය.
ඔහු නවදිල්ලිය හා ලන්ඩනයේ මහ කොමසාරිස් වශයෙන් ක්‍රියා කළේය. මාර්ග ආයතනයේ ද සංවර්ධන අධ්‍යයනය සඳහා වන ශ්‍රී ලංකා කේන්ද්‍රයේද අධ්‍යක්ෂවරයකු වූ මුණසිංහ මහතාගේ අවසන් කටයුතු බොරැල්ලේ දී අද (24) පස්වරු 3ට සිදු කිරීමට නියමිතය.
COMMENTS
හොඳ පුද්ගලයෙක් (නි)
හොඳ දේශපාලකයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා (බ)
ඔබ තුමාට නිවන්සුව ලැබේවා!!! (හේ)
සාමදානයේ සැතපේවා! (නි)
ඉතාමත් හොඳ පුද්ගලයෙක්. අද දේශපාලකයෝ මෙවැනි මිනිසුන් ආදර්ශයට ගන්න. ඔබට නිවන් සැප ලැබේවා මැතිදුනි. (බ)
වරක් අලුත් බස් මිලදීගත් කොමිස් මුදලින්,රටේ සෑම බස් ඩිපෝ වලටම බිත්ති ඔරෝලෝසු අරන් දුන්නා.මගියෙකු ලෙස බස් රථ වල ගමන් ගිහින් අඩු පාඩු සොයා බැලුවා.අවංක මිනිසෙක්.(රේ)
හොඳ මහත්මා දේශපාලනයක් තමයි මෙතුමා කළේ. ඔබට නිවන් සුව! (නි)
මගේ පියාත් මවත් බෙහෙවින් ගරුකළ කෙනෙක් මෙතුමා. (නි)
ගරුකළයුතු දේශපාලකයෙකුගේ අභාවය ගැන මගේ ශෝකය මෙයින් පළකරමි. ආදර්ශයට ගතයුතු දේශපාලන චරිතයකි. නිවන් සුව පතමු! (නි)
අවංක නායකයෙක්. (නි)