
(ආරියරත්න රණබාහු)
පුරා වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සනහාලු හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද(28) සිය දිවිසැරිය නිමා කළේය.
ටික කාලයක් රෝගී තත්වයෙන් පසු ඒ මහතා මිය යන විට72 වියේ පසුවිය හෙතෙම දෙදරු පියෙකී.
හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍යවලට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳ මාමා ළමා වැඩසටහනේ පෙත්තප්පු හඩ නළුව ඉදිරිපත් කර තිබේ.
දේහය රාජගිරිය ගෝතමී පාරේ අංක133/25 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සවස 4.00බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අමාමහ නිවන්සුව අත්වේවා
ඔබතුමාට නිවන් සුව.
එදා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් , ඔබට නිවන් සුව අත්වේවා