තමා බදාදා (13) ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස තෙරේසා මේ වැඩ බාර ගනු ඇතැයි ද කැමරන් කීවේය. බ්‍රිතාන්‍යයේ මුල්ම අගමැතිනිය වූ යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලද මාග්‍රට් තැචර්ගෙන් පසු තෙරේසා එම තනතුරට පත්වීමට නියමිතය.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බවට ජනමත විචාරණයකින් තීරණය වීමත් සමග කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කළේය.
බ්‍රිතාන්‍යෙය් පාලක කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු මෙන්ම රටට නව අගමැතිවරයකු ද තෝරා ගැනීමේ අරමුණින් ඉකුත් දා (6) ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර එයින් ඉදිරියට පැමිණියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය වූ තෙරේසා මේ ය.
කෙසේ වෙතත් අගමැතිධුරය හා පක්ෂ නායකත්වය සඳහා ස්වදේශ කටයුතු ලේකම්වරිය තෙරේසා මේ හා බලශක්ති කටයුතු ලේකම්වරිය වන ඇන්ඩ්‍රියා ලීඞ්සම් අතර තරගයක් පැවැති අතර අවසානයේදී ඇන්ඩ්‍රියා ලීඞ්සම් එම තරගයෙන් ඉවත් වූවාය. ඇය පක්ෂ නායකත්වය හා අගමැතිධුරය සඳහා වන සටනින් ඉවත් වීමත් සමඟ තෙරේසා මේ හෙට (13) අගමැතිධුරයේ වැඩ බාරගනු ඇතැයි වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේය.
වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් එළිසබෙත් රැජින මුණගැසීමට නියමිත අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැජිනට බාරදීමට නියමිතය.
කැමරන් මීළඟ අගමැතිවරයා ලෙස තෙරේසා මේ ගේ නම ස්වදේශ කටයුතු ලේකම්වරයාට යෝජනා කිරීමට ද නියමිතය.
‘බදාදා දිනයේදී අගමැතිවරයා වෙත යොමු කර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ඉන් අනතුරුව මාළිගාවට ගොස් රැජිනට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා.” යැයි කැමරන් මාධ්‍යයට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් චෞර රැජිනක් නොවේවායි පතමි. (නි)
කිත්සිරි කියන්නේ කවුරු ගැනද? හොරකමේ අභිමානය වෙන්න ඇති. (නි)
අපේ අය ස්විස්ටර්ලන්ත මොඩලය, අර මොඩලය මේ මොඩලය මෙහෙට ගේනවා කිය කියා ඉන්නවා. ඇයි එංගලන්ත මොඩලය අරගෙන පැරදුනාම බාරදීලා යන්න පුරුදු වෙන්නේ නැත්තේ. මෙහෙ තියෙන්නේ බදා ගැනීමේ හා බෙදා ගැනීමේ මොඩලය. (නි)
කිත්සිරි වගේ අයත් කොච්චර ඉන්නවද? (නි)
මේ ශ්‍රේෂ්ඨ නායකයාගේ නික්මයාම කාට කාටත් හොඳ ආදර්ශයකි. ඔහු ජාතික ධනය හොරා කෑවේ නැත. මහජන මතයට ගරු කළ උතුම් මිනිසෙකි...! (නි)
අපේ අයට තියෙන්නේ හැකිතරම් හම්බ කරගන්න, බලයට ඒමේ තණ්හාව. මේ මිනිසුන්ට තියෙන්නේ තම ආත්ම ගෞවය නැතිවෙයි කියන ලැජ්ජාව. (නි)
නීති ගරුක විනයගරුක මහත්මයෙක්....ඉල්ලා අස්වීම තුලින් ඔහුගේ ශ්‍රේෂ්ඨ බව ලොවටම පෙන්වා ඇත .....අපේ රටේ වෙන්නේ මේකේ අනෙක් පැත්ත.... (ම)
ඒ රටේ මිනිස්සු ඉතාම උතුම් මිනිස්සු මේ රටේ මිනිස්සු පිස්සුම කෙලින මිනිස්සු .....ඕය්...... වෙනස (ම)
මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ වාහන පර්මිට් ගත්ත සියලු මන්ත්‍රීවරු මේ වගේ ජනතාවගෙන් සමාව අරගෙන පර්මිට් ආපහු බාර දීල මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියල ඉල්ලා සිටිනවා. (ම)
මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයන් ලබන්න තරම් අප පින් කර නැත (ම)
මහජන මතයට ගරුකර අයින් උන එක දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල කියන එක මටනම් තේරන්නේනේ නැත. (ම)
මේවා ඉගෙන ගන්නවානම් අපිටත් හොද පාඩම්. (ම)
කිත්සිරි කියන විදියට ඩේවිඩ් කැමරන් මේ අවුරුදු ගානක්ම කරලා තියෙන්නේ ලංකාවේ හිටපු රජතුමාව පන්නන්න යටිකූට්ටු වැඩ කරපු එක විතරක්නේ. අනේ මෙහෙමත් පිස්සු කතා. (නි)
මහත්මා ගති පැවතුම් ඇති දේශපාලනයක් මගේ මාතෘ භූමියට ලැබෙන්නේ කවදාද????????????? (ම)
ශ්‍රේෂ්ඨ නායකත්වයක් ගත් උතුම් මිනිසකුගේ අනගිභවනිය දේශපාලන නික්මයාමක්. මම හිතන හැටියට, මෙය මගේ ශ්‍රී ලංකාවට හොඳ ආදර්ශයක් වනවාට සැකයක් නැත (නි)
සමහර උදවිය 29 පාරක් පැරදිලා ඔය ඉන්නේ අපුරුවට (නි)
බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව අනුව ජනමත විචාරනයකින් පරාද වූ විට අගමැතිට බලයේ ඉන්නට බැහැ. වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ. (නි)
මේවා ලංකාවට හොඳ ආදර්ශ. බලයේ ඉන්න තව කල් තියෙද්දිත් බලය හැරදමා යනවා. ලංකාවේ බලයෙන් පහකළත් පසුපසින් බලය ගන්න කඩා පනිනවා (නි)
ඔන්න ඕකයි එහෙයි මෙහෙයි වෙනස! (නි)
නීතිගරුක, යුක්තිගරුක වෙන්න ඕනෑ තමන්ගේ රටට විතරද? අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන වෙලාවේ මේ නායකයා අනවශ්‍ය බලපෑම් කළේ නැද්ද? (නි)
අපිට ඔය කවුරු ආවත් එකයි. හැබැයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අපිට පුද්ගලිකව පාඩුයි (නි)
කිත්සිරි, සංවර්ධිත රටවල දේශපාලකයින්ගේ තීරණ ගැන ඉගෙනගන්න තව හොඳට පොතපත කියවන්න. (නි)
ලොකු දෙයක් යන එක. (නි)
සුපිරි ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ මේවට තමයි. ජනතාවගේ මතයට ගරුකළ යුතුයි (නි)
ඔන්න මිනිස්සු. අර මහා බැංකු හොරකම එළිවුණාට පස්සේ වෙන රටක නම් ඉවත්වෙලා (නි)
දැන් අලුතින් සම්බන්ධතා ඇතිකරගන්න අපේ අයට අායෙත් එකපෙළට එංගලන්තේ සවාරි ගහන්න වෙනවා. (නි)
ලංකාවේ දියුණුවට ඊර්ෂ්‍යා කර, මහජනතාව රවටා ලංකාවේ අභිමානවත් ජන නායකයා පන්නා දැමීමට උදවුකළ කැමරන්ලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇත. මේ අකුසලය කරගත් අනෙක් පුද්ගලයන්ට වනදේද ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. (නි)
මේ රටවල නායකයන්ගෙන් ප්‍රජතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ලෝකයට ලැබෙන ආදර්ශය ඉතා වැදගත් (බ)