IMG-LOGO

මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍යයට තවත් ගැහැණියක්

තමා බදාදා (13) ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස තෙරේසා මේ වැඩ බාර ගනු ඇතැයි ද කැමරන් කීවේය. බ්‍රිතාන්‍යයේ මුල්ම අගමැතිනිය වූ යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලද මාග්‍රට් තැචර්ගෙන් පසු තෙරේසා එම තනතුරට පත්වීමට නියමිතය.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බවට ජනමත විචාරණයකින් තීරණය වීමත් සමග කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කළේය.  

බ්‍රිතාන්‍යෙය් පාලක කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු මෙන්ම රටට නව අගමැතිවරයකු ද තෝරා ගැනීමේ අරමුණින් ඉකුත් දා (6) ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර එයින් ඉදිරියට පැමිණියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය වූ  තෙරේසා මේ ය.

කෙසේ වෙතත් අගමැතිධුරය හා පක්ෂ නායකත්වය සඳහා ස්වදේශ කටයුතු ලේකම්වරිය   තෙරේසා මේ හා බලශක්ති කටයුතු  ලේකම්වරිය   වන ඇන්ඩ්‍රියා ලීඞ්සම් අතර තරගයක් පැවැති අතර අවසානයේදී ඇන්ඩ්‍රියා ලීඞ්සම් එම තරගයෙන් ඉවත් වූවාය. ඇය පක්ෂ නායකත්වය හා අගමැතිධුරය සඳහා වන සටනින් ඉවත් වීමත් සමඟ තෙරේසා මේ හෙට (13) අගමැතිධුරයේ වැඩ බාරගනු ඇතැයි වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේය.

වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් එළිසබෙත් රැජින මුණගැසීමට නියමිත අතර   ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැජිනට බාරදීමට නියමිතය.

කැමරන්  මීළඟ අගමැතිවරයා ලෙස තෙරේසා මේ ගේ නම ස්වදේශ කටයුතු ලේකම්වරයාට යෝජනා කිරීමට ද නියමිතය. 

‘බදාදා දිනයේදී අගමැතිවරයා වෙත යොමු කර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ඉන් අනතුරුව මාළිගාවට ගොස් රැජිනට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා.”  යැයි කැමරන් මාධ්‍යයට කීවේය.



අදහස් (0)

මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍යයට තවත් ගැහැණියක්

සිරි Tuesday, 12 July 2016 08:41 AM

තවත් චෞර රැජිනක් නොවේවායි පතමි. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 12 July 2016 02:54 AM

කිත්සිරි කියන්නේ කවුරු ගැනද? හොරකමේ අභිමානය වෙන්න ඇති. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 12 July 2016 02:53 AM

අපේ අය ස්විස්ටර්ලන්ත මොඩලය, අර මොඩලය මේ මොඩලය මෙහෙට ගේනවා කිය කියා ඉන්නවා. ඇයි එංගලන්ත මොඩලය අරගෙන පැරදුනාම බාරදීලා යන්න පුරුදු වෙන්නේ නැත්තේ. මෙහෙ තියෙන්නේ බදා ගැනීමේ හා බෙදා ගැනීමේ මොඩලය. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 12 July 2016 02:58 AM

කිත්සිරි වගේ අයත් කොච්චර ඉන්නවද? (නි)

:       0       0

තුෂාරී Tuesday, 12 July 2016 03:07 AM

මේ ශ්‍රේෂ්ඨ නායකයාගේ නික්මයාම කාට කාටත් හොඳ ආදර්ශයකි. ඔහු ජාතික ධනය හොරා කෑවේ නැත. මහජන මතයට ගරු කළ උතුම් මිනිසෙකි...! (නි)

:       0       0

පීරිස් Tuesday, 12 July 2016 03:05 AM

අපේ අයට තියෙන්නේ හැකිතරම් හම්බ කරගන්න, බලයට ඒමේ තණ්හාව. මේ මිනිසුන්ට තියෙන්නේ තම ආත්ම ‍ගෞවය නැතිවෙයි කියන ලැජ්ජාව. (නි)

:       0       0

නිහාල් Tuesday, 12 July 2016 03:28 AM

නීති ගරුක විනයගරුක මහත්මයෙක්....ඉල්ලා අස්වීම තුලින් ඔහුගේ ශ්‍රේෂ්ඨ බව ලොවටම පෙන්වා ඇත .....අපේ රටේ වෙන්නේ මේකේ අනෙක් පැත්ත.... (ම)

:       0       0

නිහාල් Tuesday, 12 July 2016 03:30 AM

ඒ රටේ මිනිස්සු ඉතාම උතුම් මිනිස්සු මේ රටේ මිනිස්සු පිස්සුම කෙලින මිනිස්සු .....ඕය්...... වෙනස (ම)

:       0       0

සංජීව Tuesday, 12 July 2016 03:31 AM

මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ වාහන පර්මිට් ගත්ත සියලු මන්ත්‍රීවරු මේ වගේ ජනතාවගෙන් සමාව අරගෙන පර්මිට් ආපහු බාර දීල මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියල ඉල්ලා සිටිනවා. (ම)

:       0       0

ප්‍රදීප් Tuesday, 12 July 2016 03:40 AM

මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයන් ලබන්න තරම් අප පින් කර නැත (ම)

:       0       0

උදය Tuesday, 12 July 2016 03:52 AM

මහජන මතයට ගරුකර අයින් උන එක දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීමක් කියල කියන එක මටනම් තේරන්නේනේ නැත. (ම)

:       0       0

බන්දුල Tuesday, 12 July 2016 03:59 AM

මේවා ඉගෙන ගන්නවානම් අපිටත් හොද පාඩම්. (ම)

:       0       0

මොහාන් Tuesday, 12 July 2016 05:38 AM

කිත්සිරි කියන විදියට ඩේවිඩ් කැමරන් මේ අවුරුදු ගානක්ම කරලා තියෙන්නේ ලංකාවේ හිටපු රජතුමාව පන්නන්න යටිකූට්ටු වැඩ කරපු එක විතරක්නේ. අනේ මෙහෙමත් පිස්සු කතා. (නි)

:       0       0

පැතුම් Tuesday, 12 July 2016 06:17 AM

මහත්මා ගති පැවතුම් ඇති දේශපාලනයක් මගේ මාතෘ භූමියට ලැබෙන්නේ කවදාද????????????? (ම)

:       0       0

සුජීව (ජර්මනි ) Monday, 11 July 2016 05:20 PM

ශ්‍රේෂ්ඨ නායකත්වයක් ගත් උතුම් මිනිසකුගේ අනගිභවනිය දේශපාලන නික්මයාමක්. මම හිතන හැටියට, මෙය මගේ ශ්‍රී ලංකාවට හොඳ ආදර්ශයක් වනවාට සැකයක් නැත (නි)

:       0       0

ගජබා Tuesday, 12 July 2016 06:20 AM

සමහර උදවිය 29 පාරක් පැරදිලා ඔය ඉන්නේ අපුරුවට (නි)

:       0       0

සුරංග Tuesday, 12 July 2016 06:22 AM

බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව අනුව ජනමත විචාරනයකින් පරාද වූ විට අගමැතිට බලයේ ඉන්නට බැහැ. වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ. (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 11 July 2016 07:06 PM

මේවා ලංකාවට හොඳ ආදර්ශ. බලයේ ඉන්න තව කල් තියෙද්දිත් බලය හැරදමා යනවා. ලංකාවේ බලයෙන් පහකළත් පසුපසින් බලය ගන්න කඩා පනිනවා (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 July 2016 07:08 AM

ඔන්න ඕකයි එහෙයි මෙහෙයි වෙනස! (නි)

:       0       0

රංග Tuesday, 12 July 2016 07:26 AM

නීතිගරුක, යුක්තිගරුක වෙන්න ඕනෑ තමන්ගේ රටට විතරද? අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන වෙලාවේ මේ නායකයා අනවශ්‍ය බලපෑම් කළේ නැද්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 11 July 2016 11:16 PM

අපිට ඔය කවුරු ආවත් එකයි. හැබැයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අපිට පුද්ගලිකව පාඩුයි (නි)

:       0       0

කරුණාපාල Tuesday, 12 July 2016 07:24 AM

කිත්සිරි, සංවර්ධිත රටවල දේශපාලකයින්ගේ තීරණ ගැන ඉගෙනගන්න තව හොඳට පොතපත කියවන්න. (නි)

:       0       0

පේදුරු Monday, 11 July 2016 11:31 PM

ලොකු දෙයක් යන එක. (නි)

:       0       0

සාමා Tuesday, 12 July 2016 07:31 AM

සුපිරි ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ මේවට තමයි. ජනතාවගේ මතයට ගරුකළ යුතුයි (නි)

:       0       0

ලතා Tuesday, 12 July 2016 12:19 AM

ඔන්න මිනිස්සු. අර මහා බැංකු හොරකම එළිවුණාට පස්සේ වෙන රටක නම් ඉවත්වෙලා (නි)

:       0       0

ලලිත් Tuesday, 12 July 2016 12:26 AM

දැන් අලුතින් සම්බන්ධතා ඇතිකරගන්න අපේ අයට අායෙත් එකපෙළට එංගලන්තේ සවාරි ගහන්න වෙනවා. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 12 July 2016 12:49 AM

ලංකාවේ දියුණුවට ඊර්ෂ්‍යා කර, මහජනතාව රවටා ලංකාවේ අභිමානවත් ජන නායකයා පන්නා දැමීමට උදවුකළ කැමරන්ලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇත. මේ අකුසලය කරගත් අනෙක් පුද්ගලයන්ට වනදේද ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. (නි)

:       0       0

සුරනිමල Tuesday, 12 July 2016 08:07 AM

මේ රටවල නායකයන්ගෙන් ප්‍රජතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ලෝකයට ලැබෙන ආදර්ශය ඉතා වැදගත් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site