මරදාන දුම්රිය ස්ථානයේදී අඟහරුවාදා (20) කලබලකාරී තත්ත්වය ඇති වන අවස්ථාවේදී එහි සවි කැර තිබෙන සී සී ටී වී කැමරා පද්ධතිය ක්‍රියාත්මක නොවී යැයි මරදාන පොලීසිය හා දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
දුම්රියෙන් ආ මගියකු අලව්වේදී දුම්රිය රියදුරකුට පහර දුන්නැයි කියමින් නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි පිරිසක් ඔහුට මරදානේ පහර දීමේ ඡායාරූප ඒ අනුව එම කැමරාවේ සටහන් වී නැත.
දුම්රිය ආරක්ෂක නිලධරයන් හා පොලීසිය එම තරුණයාට පහර දීමට කිසිත් නොකළ බව එහි සිටි මගීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන්ට කරන තවත් නිවේදනයක්, දුම්රිය ස්ථානවලින් ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න (නදී)
මේ ලියල තියන දේවලුත් අපැහැදිලියි ..ගුටි කනවයි පළි ගන්නවයි ඉවරයක් නැහැ ලංකාවේ. කාගෙන මැරෙනවා අවසන් සිංහලය දක්වාම ..එවිට ඔය සේරම ඉවර වෙයි ...?අනේ මගේ රටට ගිය කල ..එදා පාසලේ බාල පන්තිවල ඉගන ගනිද්දී මගේ රට ගැන උගත් දේවල් කොපමණ භක්තියෙන්ද? මගේ රට ගැන ආඩම්බරයෙන්, මුළු ලෝකෙටවත් නැහැ මගේ රට වගේ උතුම් එඩිතර වීරවරු බිහි උන රටක් කියල ..ඒ මගේ දේශයට මිනිසුන්ට මොකද අද උනේ ..?මේ දැනුත් මගේ ඇස්වලින් ගලා හැලුණු කදුළු කැට දෑතින්ම පිසදැමුවේ ඉවසා ගන්න බැරි තරමට වේදනයි. මේ දිනෙන් දින මිනිසුන්ගේ අගාධයට ඇද දමන අපේ අනාගතය සහ දේශය ...මිනිසුනේ ..ඉවසීම ප්‍රගුණ කරපල්ලා ..ජීවිත වලට ආදරය කරපල්ලා ..!!!! (ස)
මෙම කැමරා පරිපාලනය කරන පුද්ගලයට දඬුවම් කළ යුතුයි. මොකද මෙය පුරුද්දකට අරගෙන ගොඩක් දේවල් වෙනවා අද. ඕක පටන් ගත්තේ කටුගෙයි කන්ගැට්ටාගේ කාලයේ සිටයි (නි)
කටුගෙයි ක්‍රමය අත්හදා බලන්න ඇති. (නි)
බලදාරීන් මෙයට සම්බන්දද ? (නදී)
මහජන මුදල් කාබාසිනියා කරමින් ස්තාපනය කරනලද කැමරා ගැන මහා ඉහළින් කතා කල නිලදාරීන් මෙයට කියන්නේ කුමක්ද ? (නදී)
මේක කුමන්ත්‍රණයක් . තරුණයට ගහන්න සැලසුම් කල දෙයක්. (දී)
මගීන්ට කරන නිවේදනයි " දුම්රිය වේදිකාවේ වැසිකිලි පරිහරනය කරන විට සැලකිලිමත් වන්න " මෙම මහජන මුදල් කාබාසිනියා කරමින් ස්තාපනය කරනලද කැමරා සවිකර ඇත. (නදී) '
ලංකාව දැන් ගෝත්‍රික සමාජ ක්‍රමයකට යනවා ..(දී)
මේකේ සම්පුර්ණ වැරැද්ද තියෙන්නේ කැමරාවෙයි. කැමරාව බලපෑම් වලට යට නොවී රාජකාරිය කල යුතුව තිබුන. වහාම කැමරාවට විරුද්දව විනය පරීක්ෂණයක් අවශ්‍යයි. (දී)
මේ සිද්දිය හිතා මතා කළ දෙයක්. මගීන්ට දුම්රිය රියදුරෝ පහර දෙනවා මම ඇහින් දැක්කා. කැමරා අක්‍රීය කරන්න ඇත්තේ මගීන්ට ගහන්නමයි. (ස)
රියදුරුට ගහපු එකට නීතිය ක්‍රියාත්මක කරනවානම් මගීන්ට ගහපු එකටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. රටේ නීතිය වල් වදින්න දෙන්න හොඳ නැහැ. (ස)
ඔන්න ඕක තමයි කිසිම නීතියක් නැතුව ගහලා ප්‍රශ්න විසදන්න යන එකේ ප්‍රතිපල. දැන් ඒකට ආස අයට සන්තෝසද? (අ)
ආසියාවේ ආශ්චර්ය (නදී)
සෝබන" කියන විදිහට විසඳුමක් දෙන්න බැරි නම් කැමරාව කොහෙට හරි අරන් යන්න සඟවා ඇති දෙයක් පෙන්නන්න.(නදී)