කොට්ටාව බොරැල්ල 174 බසයකින් විසිවුණු මගියකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බස් කොන්දොස්තරවරයෙක් හා රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. එම පුද්ගලයා පාර අයිනේ වැටී තුවාල ලබා සිටි බව කියමින් නාවින්නේ බොරු ලිපිනයක් හා කහවත්තේ දුරකථන අංකයක් රෝහලට දී ඇතැයිද පොලිසිය කියයි. රෝහලට ඇතුළු කර මිනිත්තු 15 කින් පමණ ඔහු මිය ගිය බවත් ඔහු බසයෙන් වැටී මිය ගිය බවට තොරතුරු ඇති බවත් ඔහුගේ හැඳුනුම්පත තිබූ බෑගය සොයාගත නොහැකි බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවාට දැඩි දඬුවම් දිය යුතුයි (නි)
ලෝකයේ බොහෝ රටවල් මෙවැනි වැරදි නොවන්න වගබලාගෙන ඉවරයි. අපේ රටේ ලොක්කෝ රටරටවල් වල ගියාට ලක්ෂ ගණන් වියදම් කළාට දැක බලාගෙන එන්නේ මොනවාද? රටට සෙතක් වෙන දෙයක් දැකබලාගෙන ඇවිත් ක්‍රියාවට නන්වන්න දන්නේ නැහැ අපේ බලධාරීන්. බස් රථ වල පොල් පටවනවා වගේ පටවනවා. දොරවල් අැරගන වේගයෙන් යනවා. ඒ මදිවට රේස් එකට තරඟයකට යනවා. නීතිය හරියට ක්‍රියාත්මක කළා නම් මේවා නවතිනවා (නදී)
මම පාසල් ගියේත්, ඉන්පසු උසස් අධ්‍යාපනයට රැකියාවට ගියේත් මේ බස් මාර්ගයේ. මට නම් පුදුම එළියට විසිවෙන්න පෙර බස් එක ඇතුළේ තදවෙලා මගියා මියගියේ නැති එකට. එක දවසක් මම බොරැල්ලේ ඉඳලා තලවතුගොඩ හන්දියට වෙනතුරු ආ බස් එකෙන් බැස්සේ ක්ලාන්ත වෙලා. පාර අයිනේ හිටි වැඩිහිටි පිරිමියෙක් මාව වැටෙන්න නොදී අල්ලා ගත්තා. නැත්නම් බසයට යටවෙනවා. පුදුමයක් නැහැ මේ මඟියාට වුණ දේට. (නි)
අපේ රටේ පාරවල් හදනවා, කාපට් කරනවා, ඒත් දෙපයින් යන මිනිසුන්ට යන්න පාර දෙපැත්තේ පදික වේදිකා හදන්න හිතෙන්නේ නැත්තේ ඇයි මන්දා? (නි)
ලංකාවේ පුද්ගලික බස් මාර්ග වල රජයනවා. සමහරු මිනිසුන්ට සළකන්නේ සතුන්ටත් අන්ත විදිහට (නි)
පුද්ගලික බස් නම් කරන්නෙම වැරදිමයි. (නි)
174 මාර්ගයේ අහිංසක දරුවෙක් හප්පලා මරපු රියදුරෙක් තවමත් බස් එකක වැඩ කරනවා කියනවා. එක පාරක් ලංගම බස් රියදුරෙකුටත් පහරදීලා මග ඇරලා හිටපු කෙනෙක්. වචනයේ පරිසමාර්ථයෙන්ම රස්තියාදු කාරයෙක්. මේකටත් මිනිහම සම්බන්ධද දන්නෙ නැහැ. (නදී)
මෙයට තියෙන හොඳම විසඳුම තමයි, බස් එක ධාවනය වෙන හැම වෙලාවේම දොරටු දෙක වසා ධාවනයේ යෙදවීම. පිට රට වල මෙය තමයි ආරක්ෂිතව මගී ප්‍රවාහනයේ යොදන ක්‍රමය. ඒ සඳහා දොරවල් වලට හයිඩ්රෝලික් ක්‍රමයට දොර ඇරීමට සහ වැසීමට රියදුරුට හැකියාව තිබිය යුතුයි. හොරකමක් කර පලා යාමටත් නොහැකියි මේ ක්‍රමය තිබෙයි නම්. එවිට පොලිසියෙන් කරදර වෙන්නෙත් නැහැ. ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු වග කීමක් (නදී)
මානගේ ඔබ හරි. එ්ත් ඕක යෝජනාවක් විදිහට ගෙනාවත් පෞද්ගලික බස් සංගම්වල ඉන්න මගමරු සභාපතිලා පහුවෙනිදම වර්ජනයක් ආරම්භ කරයි. ඇයි ඉතින් උන්ටම ගිය රටනේ (නදී)
පදික වේදිකා නැති පාරවල් මම නම් දැක්කේ නැහැ . ඔය කියන්නේ වේවැල් පාරද කස පාරද කණේ පාරද ? (ස)
සමහරු ඉන්නේ ලංකාවේද මන්දා, අදහස් බලද්දී? (නි)
පුද්ගලික මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රයිවෙට් බස් මාර්ග පර්මිට් දෙන්නේ බොහොම අඩුවෙන්. මේ නිසා පාරේ පුද්ගලික බස් හිඟයි. පර්මිට් එකක් ගන්න ගොඩක් වියදම් කරන්න වෙනවා, කාලයත් යනවා. මිනිස්සු බොහෝ විට තෙරපිලා යන්නේ සාඩින් වගේ. ඒ වගේම බස් නවත්තගන ඉන්නවා. සමහර වෙලාවට විනාඩි 15-20, ඊළඟ බස් එක එනකම්. මෙය මඟීන්ට කරන ලොකු අසාධාරණයක් (නදී)