(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන්ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
දඹුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය අද(7) දහවල් නිට්ටඹුව ප්‍රදේශයට ආසන්න වෙද්දී පිටුපස ආසනයක සිටි මගියා රෝගී තත්ත්වයට පත් වී ඇති බව අනාවරණය වීමෙන් පසු නිට්ටඹුව පොලිසිය අසලදී බස් රථය නවතා සුව සැරිය ගිලන් රථය ගෙන්වීමට පියවර ගෙන ඇත .
සුවසැරීය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ රෝගියා ඒ වන විට මියගොස් ඇති බව හෙළි වීමෙන් පසු පොලිසිය මැදිහත්ව මෘත දේහය වතුපිටිවල මූලික රෝහල වෙත ගෙන යනු ලැබීය .
මෙසේ මිය ගොස් ඇති වයෝවෘද්ධ පුද්ගලයා පිළිබඳ විස්තර අනාවරණය වී නොතිබිණි. නිට්ටඹුව පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd