මීට වසර 220ක් පමණ පෙර ලන්දේසීන් විසින් මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකළ අඩි 150ක් පමණ උස කලුනක් අද අලුයම කඩාවැටීමෙන් ඒ අසල තිබූ කටාන මධ්‍යම බෙහෙත් ශාලාවට ද දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
1796 වසරේ ලන්දේසීන් මෙම කුලුන ඉදිකර ඇත්තේ සන්නිවේදන කටයුතු හා මැනුම් කටයුතු සඳහා බව පැවැසේ. මෙයින් කිසිවකුටත් හානියක් සිදුව නොමැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බව කියන මෙම කුලුන පිපිරුම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අදාල බලධාරිනට දැනුම්වත් කර තිබූ බව ප්‍රදේශවාසීයු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. මෙහෙ ඉතින් එහෙම සංරක්ෂණය කරන්නේ නැහැනේ කිසිම දෙයක්. කඩා වැටෙනතුරුම ඉන්නවා. දැන් බලන්න කොයිතරම් පාඩුවක්ද? ඒකත් තිබිලා තියෙන්නේ නිකම් ඔහේ කැලෑවට යන්න වගේනේ. ආයෙත් මේ වගේ එකක් හදන්න පුලුවන්ද? (නි)
මෙවැනි දේවල් වෙන රටවල සංරක්ශනය කර තබා ගන්නවා (හේ),
මොනතරම් අපරාධයක්ද? (නි)
ඔතන පාර පළල්කර හදන එක මේකට හේතුවක් වෙන්න බැරිද? (නි)