මීගමුවේ මාළු ධීවරයින් හා කරවල ධීවරයින් අතර ගැටුමකින් ගෙවල් දෙකකට, ත්‍රී රෝද රිය තුනකට හා තවත් වාහන කිහිපයකට අලාභ හානි කර බෝට්ටුවක්ද ගිනි තබා ඇතැයි පොලීසිය කියයි.
පහර කෑ ධීවරයෝ දෙදෙනෙක් රෝහල ගත කරනු ලැබූහ.
මාතර, හම්බන්තොට හා තංගල්ල ප්‍රදේශ වලින් එන බව කියන මාළු කරවල කර අඩුමිලට විකුණතියි අලුත් මාළු ධීවරයෝ කරවල ධීවරයන් සමග ගැටුමකට පැටලී ඇතැයි ද කියති. මේ වන විට ආරක්ෂාව සඳහා සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන්නේ ලේන්සු මාෆියාව කියලා. මහල්ලෙක් සහ දරුවන් දෙන්නෙක් මේක කරන්නේ. ඉතාලියේ ඉන්න මීගමු වැසියන් තමයි මේවා කියන්නේ. (ර)
ද සිල්වා, නොදන්නා දේට කට නොදා ඉන්නවද? (නි)
බඩු මිල ඉහල ගියාමත් රජයට බනිනවා. අඩුමිලට දෙනවිටත් මරාගන්න හදනවා. (නි)
පිටිගල මිලානෝ කොහොමද දන්නේ මම මේ කාරණය ගැන දන්නවාද නොදන්නවාද කියලා? මම ලියපු සෑම දෙයක්ම සාධක ඇතුව තමා ලියලා තිබෙන්නේ. පාරිභෝගිකයන් ගසාකන වෙළඳ මාෆියාවට විරුද්ධව ලියනකොට ඔයාට රිදෙන්නේ ඔයත් ඒගොල්ලන්ට කඩේ යන කෙනෙක්ද? (නි)
ධීවරයන් කියන්නේ මාළු අල්ලන අයට. මාළු විකුණන අය මාළු වෙළෙන්දන්. මාළු කන අය මාළු මිලදී ගනියි. කරවල කන අය කරවල මිලදී ගනියි. මස් කන අය මස් මිලදී ගනියි. බලෙන් මාළු කවන්න බැහැ. මේක තේරෙන්නේ නැද්ද? (නි)
දකුණෙ ඉඳන් ගෙනත් අඩු මිලට දෙන්න පුළුවන්නම් මූදෙන් අල්ලන මාළු මීගමුවෙදි අඩු මිලට දෙන්න බැරි ඇයි. දකුණෙ අයටත් මීගමුවෙ අයටත් එකම වියදමනෙ වැයවෙනව ඇත්තෙ.(අ)
තමන්ට කැමති තැනකින් බඩු ගැනීම තමන්ගේ නිදහස. (අ)
මේක වෙළද මාෆියාවේ කුමන්ත්‍රණයක්. මේ ප්‍රශ්නය මාළු වලට පමණක් සීමාවුණ දෙයක් නොව එළවලු වලටත් තිබෙනවා. දඹුල්ලේ එළවලු කිලෝ එක රුපියල් 3 කටවත් විකුණාගන්න බැරුව ඉන්නකොට, කොළඹ රුපියල් 100ට වැඩියි. අතරමැදියන් විසින් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ගසාකනවා. බඩු මිල අඩු කිරීමට නම් ආණ්ඩුව විසින් වහාම මේ මාෆියාවට විරුද්ධව යමක් කළයුතුය (නි)
දැන් යුරෝපයට මාළු විකුණන්න බැරිවෙන නිසා මාළු මිල බහීවි. (නි)
මාළු පිටරට යැවීම වහාම තහනම් කළයුතුයි. එතකොට ලංකාවේ මාළු මිල බහීවි. අපේ පුරවැසියන් හාමතේ ඉඳගෙන යුරෝපයට මාළු යැවීම බොරු වැඩක් (නි)
දකුණෙන් එන බෝට්ටු කරවල ඉතා හොඳ තත්වයෙන් තිබෙනවා මිලත් සාධාරණයි. දකුණේ මාළු අධිවේගී මාර්ගය හරහා පැය 1 1/2 - 2 අතර කාලයකදී කොළඹට සහ මීගමුවට ගෙන එන්න පුළුවන්. මීගමුවේ මාළු වැඩි කාලේදී මේ ගොල්ලන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. මීගමුවේ සිට අධිවේගී මාර්ගය හරහා හොරණ , මතුගම , ඇල්පිටිය වැනි ප්‍රදේශ වලට ඉක්මනින් ළඟාවෙන්න පුළුවන්. එම ප්‍රදේශවල මාළු වලට හොඳ මිලක් ලැබෙනවා. (නි)
ඇඟේ මාළු ඇඟේම තියලා කපනවා කියන්නේ මේවට වෙන්න ඇති. (නි)