කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් පරස්පර විරෝධී හා ආචාර ධර්මවලට පටහැනි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇතැයි මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
මේ ගැන විමසීමට ඔහු කැඳවීමටද කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා හා නිමල් පුංචිහේවා මහත්වරු තීරණය කළහ.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා එක් වාර්තාවක්ද සැප්තැම්බර් 30 වැනිදා තවත් වාර්තාවක්ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කොමිසමේදී කියැවිණි.
පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ තරංජග වීරසිංහ මහතා ද, කැළුම් අත්තනායක නම් එක්දරු පියා වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.
පැමිණිල්ල ඉදිරිපත් කැරුණේ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් අත්අඩංගුවට ගතයුතුයි.නමුත් සැකකරුවන්ට පහරදිය හැකි වෙනම නීතියක් නැති බව නම් සියල්ලන්ට කියාදිය යුතුය (නි)
මෙතන අදහස් දක්වන සමහරු මානවයින් නොවෙයි වගේ පෙනෙන්නේ. මානව හිමිකම් යනු, මේ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම හිමි මුලික අයිතියක්. ඒ ගැන කතාකිරීම වරදක් නොවෙයි. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ජීවත්වන්නේ වැඩවසම් මානසිකත්වයෙන් වීමයි ප්‍රශ්නය. දේශපාලකයින් මෙතරම් පිස්සු නටන්නේත් මහජනතාවගේ මෙවැනි ආකල්ප නිසයි. (නි)
හරියට වැඩේ කළා නම් හරිනේ (නි)
යහපාල මහත්තයා හැමදේකම අල්ලගන්නේ වැරදි කොන. ඔබතුමා කියන එක හරි. පොලිසියට දිවැස් නැහැ. නමුත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තහම ඒ මිනිහා වැරදිකාරයෙක් වෙන්න ඉස්සර මාධ්‍ය හරහා ඔහු එල්ලුම් ගස් යවන එකයි වැරදි. (නි)
හැමෝම තමාගේ මූලිකම වගකීම අමතකකර ඇති හැඩයි.එක එකදේට යටනොවී මැදහත්ව මේ ප්‍රශ්ණය විසඳන්න හැකි අය මේ රටේ ඉතිරිවෙලා ඇත්තෙම නැද්ද? (නි)
පොලිසිය හැමදේකටම දාන සෙල්ලම් මේකටත් දානවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තාම ඔහුට වරද පිළිගන්න බලකරනවා. සමහරු වදහිංසා වලින් බේරෙන්න නොකළ වැරදි පිළිගන්නවා. පසුව උසාවියට දැම්මාට පස්සේ නිවැරදිකරු කියනවා. බලෙන් කටඋත්තර අරගෙන පොලිසිය මාධ්‍ය සංදර්ශන පවත්වනවා. මට පුදුම, පොලිස් නිලධාරිනුත් අපි වගේ මිනිස්සු වෙලා කොහොමද මේ වගේ වැඩ කරන්නේ? පොලිසියට මේවා සුළු දේවල්. මේ පොලිස් නිලධාරීන් පුනරුත්තාපනය කළයුතුයි. නැත්නම් මේක සමාජ ව්‍යසනයක් වෙනවා. (නි)
අපේ පොලීසිය නම් මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළයුතුයි (නි)
මෙවැනි දේවල් නිසා අවමානයට පත්වන්නේ මෙම නිළධාරියා පමණක් නොවේ. (ර)
අනේ දැන් අර පුන්චි දරුවා මරපු එක අමතක වෙලාද.? (ර)
පිවිතුරු යහපාලට මේක වුණා නම් ඔහොම කියන්නේ නැහැනේ. හොරකමට හොරෙක් අල්ලන එක නෙමෙයි කරන්න ඕනෑ, හොරා අල්ලන එක (නි)
අපරාධකාරයව අමතකම වෙනකම්, වෙන වෙන බොරු ඒවා කියවා කල්මරනවා. (ර)
සමීර, පුංචි දරුවා මැරුන එක අමතකවෙලා නෙමෙයි. පණපිටින් ඉන්න පාසල් සිසුවාට මුල් තැන දියයුතුයි (නි)
ලංකාවේ මිනිස්සුන්ට යුක්තිය, සාධාරණ නීතිය ගැන ඒ තරම් උවමනාවක් නැහ තමන්ගේ බඩ පිරුනොත් ඒ හොඳටම ඇති. (ර)
අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ. සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුනානම් ඉවරයි. (ර)
දැන් හැමෝම කතා කරන්නේ මානව අයිතිවාසිකම් ගැන. (ර)
මානව හිමිකම් කිය කියා තවමත් කරන්නේ සිසුවාව අපහසුතාවයට පත්කිරීමම නොවේද? (නි)