ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින්හි සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනෙකු හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජේසුරාජ් කෲස් අරුලනේසන්(32) සහ එමනුවෙල් රේවල් (35) දෙදෙනාය. මොවුන් මීට වසර පහකට පමණ පෙර මුහුදු යාත‍්‍රා මඟින් ඕස්ටේ‍්‍රලියාවේ සරණාගතභාවය ඉල්ලමින් එරටට පැමිණි අය බව පැවසේ.
මිතුරන් කිහිපදෙනෙකු සමඟ විනෝද චාරිකාවක නිරතව සිටිදී ඔවුන් ගමන් ගත් වාහනය පාලනය කරගත නොහැකිව වෙනත් වාහනයක ගැටීමෙන් මෙම ලාංකික සරණගතයින් දෙදෙනා රිය අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් තිබේ. මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙකු මෙම වාහනය පදවා ඇතැයි කියැවේ.
ඔවුන්ගේ මිතුරෙකු සුළු තුවාල ලබා එරට රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගතයන් ලෙස රටවල් ගණනාවකට පනින අය පිළබඳ මෙම නම් දෙකෙන් පැහැදිලි වේ. එහි ගියදා සිට ලංකාවට එරෙහිව කතා පතුරමින්ද, උසාවි වල කේස් ෆයිල් කරමින්ද, තවත් තම නෑයන් ගෙන්වා ගැනීමට වෙර දරයි. උතුර සාමකාමි වුනොත් කේස් පරදී. එනිසා නිතරම උතුරේ ගින්නක් මවන්නටද මේ මිනිස්සු උත්සහ දරති. (නදී)
බහුතර සිංහලයින් විසින් පත්කරන ආණ්ඩු සහ දේශපාලකයෝ හරියට වැඩ කරනවා නම් අපේ රට සංවරධනය වෙලා මේ මිනිස්සු යන එක නවතිනවා. නමුත් තක්කඩියෝ පාර්ලිමේන්තු අරින ගමන් මෙහෙන් බෝට්ටු වල යන උන්ට බැනල වැඩක් නෑ.හොරු පාර්ලිමේන්තු ඇරලා පළමු වරද කර ඇත්තේ බනින උදවියමයි. (ස)
මේ මරණ ගැන කනගාටුයි. එහෙත් තිත්ත ඇත්ත නම් සරණාගතයන් බහුතරයක් ආණ්ඩුවේ දීමනාවන් යැපෙමින් බාර් ගානේ බොමින් විනෝද වෙති . වෘත්තිකයන් සහ උගත් සංක්‍රමණිකයන් රැකියා කරමින් දිවා රාත්‍රී වෙහෙසෙමින් මෙහි ජිවත් වෙති . ඔවුන් සමහරුන් විනෝදගමන් යන්නේ පස් මහා බැලුම් බලාය. (බ)
බලන්න වෙනස , ඔවුන් සරණාගතයන් වන්නට ගියේ බහුදින ධිවර යාත්‍රා වලින් , ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙලා , ඔවුන් ලබපු සුපිරි ජිවිත විනෝද ගමන් වාහන වලින් , කොහොම උනත් මාරයා වෙලාවට අවා , පව් අහිංසකයෝ දෙන්න (බ)
මෙයාල කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, හැම රටකම සරණාගතයන් වගේ ගිහිල්ල ඊලාම් එකට උදවු කරපු එක තමා කලේ. (ස)
මම මෙම රිය අනතුරේ සුන්බුන් දැක්කා. මාර්ගයේ වේග සිමාව 70 තිබුනත් මේ අය 100 වේගයෙන් ගිහිල්ලා. අනතුරෙන් ලොකු ට්‍රක් එකකට කාර් එකකට දැඩි හානිවෙලා. මේ අය ගිය කාර් එක සුන්බුන් වෙලා. ගිනිනිවන අය කාර් එක කඩලා සිරුරු ගත්ත බව දැනගන්න ලැබුන. ජුලි 25 උදේ දැඩි වාහන තදබදයක් තිබුන.මේ අය පෙරදින අධික ලෙස මත් පැන් පානය කරලා තිබු බව දැනගන්න ලැබුන. මත් ගතිය අඩු වූ පසු පාන්දර රිය ධාවනය කළබවත් දැනගන්න ලැබුන. (ස)