(විනීතා එම් ගමගේ)
හම්බන්තොට වරායේ නව පරිපාලනය යටතේ ක‍්‍රියාත්මක වන දිනය දෙසැම්බර් අටවැනිදා ප‍්‍රකාශ කළ හැකි බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
චයිනා මර්චන්ට් පෝට් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අනුව වැඩ කටයුතු ආරම්භ කිරීමට මාස හයක කාලයක් පවතින අතර එම කාල සීමාව ජනාවරි 18 වැනිදා අවසන් වන බවත් ඒ අනුව ඊට පෙර වරාය කටයුතු ආරම්භ කළ හැකි බවත් හෙතෙම කියයි.
ගිවිසුම අනුව දෙසැම්බර් අට වැනිදා වන විට මුලික මුදලින් සියයට 10 ක් ශ්‍රී ලංකාවට ලබා දිය යුතු වන අතර අදාල සමාගම සමඟ සාකච්ඡා කර එම ප‍්‍රමාණය සියයට 30 ක් දක්වා වැඩි කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව විදේශ මුදල් සංචිතයට ඩොලර් මිලියන 446 ක් පමණ දෙසැම්බර් අට වැනිදා වනවිට එකතු වනු ඇතැයි ද සමරසිංහ මහතා කියයි.
නව එකඟතා අනුව කැබිනට් පත‍්‍රිකාව නැවත සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය.
මහින්ද සමරසිංහ මහතා බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන බොරුවට උද්ගෝෂණය කරන්න එපා, පාලුවට ගිය , අලාභ ලබන , රටට බරක්වූ වරායකට වඩා , කාර්යක්ෂම නැව් එන වාරයක් ඇතිවුනොත් , මුළු මාගම්පුර පළාතම දියුණු වේවි. පළාතේ අයට නව ව්‍යාපාරික අවස්ථා ඇති වේවි. යටිතල පහසුකම් වැඩිවේවි. විදේශික සහ පුද්ගලික ආයතන සමග මෙවැනි ව්‍යාපෘති අපිට ලොකු විනාශයක් සේ පෙනුනට මේවා ලෝකයේ, ජාත්‍යන්තරයේ සාමාන්‍ය සංවර්දන වැඩපිළිවෙලක්,
දැන් වරාය විකුණුවේ ඒක හදන්න ගත්ත ණය ගෙවාගන්න බැහැ කියල නේද? විකුණලා හම්බවෙන සල්ලිවලින් විදේස සංචිත වලට එකතු වෙනවනම් ඇයි අද ඉදිරිපත් කල අය වැයෙන් එම මුදල් වාරයේ ණය පියවන්න වෙන් නොකළේ? ඔබතුමා ඇතුලු ආණ්ඩුවට කියපු දේවල් මතක නැද්ද? වරාය විකුණුවේ ආණ්ඩුවේ අනිත් වියදන් පියවගන්න නේද?