ප්‍රතිඅපනයනය සඳහා මාගම්පුර ජාත්‍යන්තර වරායේ මේ දිනවල පිටරටින් ආනයනය කරන වාහන ගාල් කර තැබීමට ඉඩකඩ මදිවන තරමට අලුතින් වාහන ගොඩබා ඇතැයි මාගම්පුර වරායේ සාමාන්‍යාධිකාරී නෝමන් වීරරත්න මහතා කියයි.
මෙම මාසයේ පැමිණි නැව්වලින් වෙනත් රටවලට යැවීමට වාහන 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගොඩබා ඇතැයිද මෙරට පරිහරණය සඳහා දිනපතා වාහන පිටකරන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාගම්පුරේ රට වාහනවලින් පිරේ
රත්නායක Sunday, 28 December 2014 09:32 AM
මේවා ආයෙත් කොළඹට ප්‍රවාහනය කරන්න එපැයි. මේකට කියන්නේ ආශ්චර්ය කියලා.(දිල්)
අනුරුද්ධ Sunday, 28 December 2014 10:23 AM
මේවා ආයෙත් කොළඹ ගේන්නේ නැ .වෙන නැවක පටවලා වෙන රටකට යනවා (බ)
නාමල් වික්‍රමසිංහ Monday, 29 December 2014 05:06 PM
ඉස්සැල්ලා ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා බලන්න (නදී)
නීල් Sunday, 28 December 2014 01:53 PM
මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා!(දිල්)
නීල් Sunday, 28 December 2014 01:56 PM
රත්නායක කොළඹ විතරද කාර්යාල තියෙන්නේ (දිල්)
සමන්ති Sunday, 28 December 2014 02:27 PM
කොළඹට ගේන ත්‍රිවීලයකට රුපියල් 400 ක් වැඩිකරනවා. කාර් වලටත් එහෙමයි. ප්‍රති අපනයනය නොකර එම රටින් (පෙර පරිදි) කෙලින්ම යවන්න බැරිද.? මේවා ඉන්දියානු වාහන නේද ? (ර)
මහින්ද කැලිෆෝර්නියා Sunday, 28 December 2014 05:14 AM
නත්තල් කාලෙට ලොකු ඕඩර් එකක් අරන් වගේ ! (ර)
ජේ.පි.අබේරත්න Sunday, 28 December 2014 05:49 AM
සේරම කොරියන් වාහන වගේ. කොරියා වාහන පිටරට පැටවීමෙන් අපටත් වාසියක් වෙනවා. රටට සෙතක්.(නදී)
කුසුම් - ඩුබායි Sunday, 28 December 2014 05:53 AM
නැව් එන්නැති වරාය කොහොමද වාහන වලින් පිරෙන්නේ? ඒ වට පිටාවේ අයගේ ඒවාද? (නදී)
සරත් පියසේන Sunday, 28 December 2014 06:40 AM
වරාය ඕකෙ ගල් නෙ, අපරාදේ මහජන, ණය,කෝ කිව්ව කටවල් දැන් ගියානම් බලාගන්න පුළුවන් චින්තනය කොහොමද කියල (බ)
සී.කේ.ලංකාපුත්‍ර Sunday, 28 December 2014 06:59 AM
ඡන්දෙට ඉස්සරලා අපටත් වාහනයක් ලැබෙනවා වගේ. අනේ වාසනවයි (බ)
ටී ජී ලියනගේ Monday, 29 December 2014 03:47 AM
රත්නායක, සමන්ති, ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැති හැඩයි. (අ)