හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියාව සහ නැව් අලුතින් ඉදිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුකමට අත්සන් කැරිණි.
ගිවිසුම අත්සන් කිරීම වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවිය. කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමේ නියෝජිතයෝ ඊට අත්සන් කළහ.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉඳිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 60කි. (රුපියල් කෝටි 8400) කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අලුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් හා සම්බන්ධ විවිධ සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන බව වරාය හා නාවික අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියයි.
මාගම්පුර වරායේ පළමු අදියර යටතේ දැනට නැව් සේවා සිදු කෙරෙන අතර එහි දෙවන අදියරේ ද ඉඳිකිරිම් අවසන් කර වරාය ජලයෙන් පුරවා අවසන් වැඩ නිම වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර ගොඩක් කට්ටිය එහෙම හිතන්න කැමති නැ මදිකමක් හෝ තියන කුහක කම හින්ද. (අ)
මොන ආණ්ඩුවේ හැදුවත් මේවා ජාතික ධනය. නිකම් නාස්ති වෙන්න නොදී මෙහෙමවත් දෙයක් කරන එක ගැන අපේ ස්තුතිය! ඒ වගේම මත්තල ගුවන්තොටත් යම්කිසි ප්‍රයෝජනවත් වැඩකට යොදාගනී කියලා අපි හිතනවා. (නි)
අර්ජුන, ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
අපේ රටේ ආර්ථිකයට වගේම උපාධිධාරී තරුණයින් හොඳ දෙයක් (නි)
ඇයි රොහාන් මත්තල වී ගබඩා කරලානේ තියෙන්නේ (නි)
ක්‍රිකට් දැවැන්තයින් හමුවේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ ඔබගේ අරමුණ නිසැකවම පලදරනු ඇත. හම්බන්තොට වරාය නුදුරේදීම ලෝකයේ අවධානයට යොමු වෙයි. අපේ ප්‍රණාමය! (නි)
ඉදිරි වසර 5 තුළ කාටත් බලන්න පුළුවන් නව රජයේ වැඩ. රට ඉතා ඉහළ තලයකට ගෙනයන්න වැඩ කරලා තමයි පස්ස බලන්නේ. (නි)
ඒත් ඉතින් ඕවා කෙරුනේ මහින්ද මහත්තයා නිසානේ (නි)
ඔයාල හිතනවද දවසින් දෙකින් අවබෝධතා ගිවිසුම් සැලසුම් කරනවා කියලා. මේවාට අවුරුදු ගණන් යනවා. මෙයාල අත්සන් කරන්නේ තාම පහුගිය රජයේ ආර්ථික සැලසුම්. (ම)
ඔය අවබෝධතා ගිවිසුම් ගැන කියනකොට නෙමෙයි නම ඇහෙනකොටත් බය හිතෙනවා. (නි)