මාගම්පුර වරායේ ඉඳිකර ඇති වරාය දූපත සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිරියේ දී යොදා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හම්බන්තොට දී කීවේය.
මෙම දූපතේ හෝටල් ව්‍යාපෘතියක් ඉඳිකිරීමට පසු ගිය රජය සැලසුම් කර තිබුණද ඒවා දැනට ක්‍රියාත්මක නොවන අතර, මේ සඳහා සුදුසු ආයෝජකයකු ඉදිරියේ දී ඉල්ලීම් කළ හොත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දූපත යොදා ගන්නා බව අමාත්‍යවරයා කිවේය.
මාගම්පුර වරාය ඉඳිකිරිමේ දෙවැනි අදියරේදී වරායේ බටහිර කොටසේ අක්කර 100 ක පමණ මුහුද ගොඩකර මෙම දූපත බඳිකර තිබේ.
දෙවැනි අදියර යටතේ ඉඳිකිරිම්වලදී ඉවත් කළ පස් හා කළුගල් පුරවා මෙම දූපත නිර්මාණය කර තිබේ.

![waraya_doopatha1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/waraya_doopatha11.jpg)
![waraya_doopatha[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/waraya_doopatha1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd