හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපයේ සිට අධි සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් අද (15) පැමිණියේය.
නෞකාවෙන් පැමිණි සංචාරක මගීහු 200 ක් මාගම්පුර වරායෙන් බැස යාල, බුන්දල, කතරගම, උඩවලව යන ස්ථාන නැරඹීම සඳහා පිටත්ව ගියහ.
ලෝක සවාරියක නිරත වී සිටින මෙම සංචාරකයින් රැගත් අධි සුඛෝපභෝගී එම්.එස් යූරෝ නෞකාව මගීන් 380 ක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් පවතී.
විශ්‍රාමික සුවයෙන් පසුවෙන යුරෝපයේ සංචාරක මගීහු ලෝකයේ විවිධ රටවල සංචාරයේ නිරත වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ අපි ඕකෙත් හාල් දාමු. (ර)
රටට අදායම් ලබාගන්න පුළුවන් හැම මාර්ගයක් ගැනම සිතා බලා රටේ ආර්ථිකය සකසන්න ඕනේ. එක එකාගේ වැරදි හොය හොයා හිටියා හොඳටම ඇති. දැන් බලන්න ඩොලර් එක කීයද කියලා. අපනයනයට වඩා ආනයනය වැඩියි. රටට මුදල් ගලා එන මඟක් හදා ගත්තේ නැත්නම් තව තවත් අගාධයට යනවා සිකුරුයි. මත්තල ගුවන් තොටුපොලත් සංචාරකයෝ ගෙන්නන්න පුළුවන් තැනක්. ඒ හරහා යාල, බුන්දල, කතරගම, උඩවලව යන ස්ථාන නැරඹීම සඳහා ඔවුන් යොමුකරන්න පුළුවන්.(හේ)
උපුල් ඔබ නිවෑරදී. (හේ)
ඕකත් හොද අවස්ථාවක් වරායෙන් ප්‍රයෝජන ගන්නවානම් (බ)
හොඳ පණිවිඩයක් (බ)
හෆීල්, වරායක් ගුවන්තොටක් හදපු ගමන් නැව්, ගුවන්යානා එන්නේ නැහැ. නැව් ගමන්, ගුවන් ගමන් සැළසුම් කරන්නේ අවුරුදු ගානක් ඉදිරියට. ඉතින් ඒවගේ ආයෝජනයකින් ප්‍රතිඵල ගන්න කල්යනවා. මේවා ඉතා ඉහළ ව්‍යාපෘති. අපේ රටේ ජනතාවට ඒවායේ අගය නොතේරුනාට තව අවුරුදු 10කින් බලන්න මහින්ද කළ සංවර්ධනයේ ප්‍රතිඵල (නි)
දැන් නෞකාවක් අවොත් ඒකෙ එන්නේ සල්ලිකාරයෝ - ඉස්සර නෞකාවක් අවොත් ඒකෙ ආවේ හිපියෝ අනේ මෙහෙමත් රටක් (ම)
හම්බන්තොට වරායට කට්ටිය බැන්නා. දැන්වත් තේරෙනවද වටිනාකම? ඕවා හැදුවේ අදට විතරක් නෙමෙයි, අනාගත පරපුරටත් එක්ක. බඩ ගැන විතරක් හිතන අයට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
කල් ගත වෙන විට තමයි මෙවැනි මහා පරිමාණ ආයෝජන පල දරන්නේ. (ස)
කල් ගත වෙන විට තමයි මෙවැනි මහා පරිමාණ ආයෝජන පල දරන්නේ. (ස)
සුද්දෝ ටිකට දෙවියන්ගේ පිහිටයි බලාගෙන. (ස)
හොඳ වැඩක්. පහුගිය රජය මේක ඉදිකළාට ප්‍රයෝජන ගන්න ඔවුන්ට නොහැකි වුණා.(ම)
ඩුබායි වල කාන්තාර වලින් ප්‍රයෝජන ගන්න හැටි දැක්කම අපිට ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි කියල හිතෙනවා. කරුණාකර දැන්වත් මේවාට ආර්ථික සැලැස්මක් හදන්න. බදු රහිත ප්‍රදේශයක නීති සදා යටිතල පහසුකම් දියුණු කර කර්මාන්ත නගරයක් සාදන්න සේවකයන් ලංකාවෙන් ලබා ගත යුතු.(ම)
නොබෝ දිනකින් ම මාගම්පුර වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්වී ලාංකිකයන් දස දහස් ගණනකට රැකියා අවස්ථා උදා කරනු ඇත. අවාසනාව යනු අද දින එදෙස සුබවාදීව බැලිමට නොහැකි වන ලෙස අපේ ජනතාවගේ සිත් කුහක වී තිබීමයි. (ම)
කෝටිපති සංචාරකයන් රැගෙන හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපයේ සිට පැමිණි අධි සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව පිළිගැනීමට හිටපු ලොක්කෝ එහෙම ආවද? මීට ඉස්සර මේ වරායට ආවේ බඩු නැව් විතරක් නේද? (නි)
මට හිනා යනවා... (ර)
මම නම් කියන්නේ අඩු තරමින් ලේවායේ ලුණු ගබඩා කරන්න ඔය වරාය පාවිච්චි කලානම් ඔයිට වඩා ප්‍රයෝජනවත් කියලා. (ර)
ඔය එන්නේ නැව් නෑ කිව්වට. (ර)