ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට දීමට යයි.
මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි.
ශක්‍යතා වාර්තාවට ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.
බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් මිලදී ගනිමින් සියලු පහසුකම් සුපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම තියෙන්නේ අනාගතේ වෙන දේවල්නේ .හරියට අර ලංකාවේ තෙල් හම්බ වෙන්ව වගේ. අද නෙමෙයි හෙට .වෙන්වන ම බොහොම හොඳයි (අ)
අනේ වාසනාවන් (අ)
අනේ වාසනාවන් (අ)
දුම්රියේ විදුලි බිලත් අපේ බිලට ලස්සනට එයි. තාම බැරි වුණා විදුලි බිල අඩු කරන්න. දවසම විදුලිය නැහැ හිටි ගමන් කිසිම දැනුම්දීමක් නැතුව. කරුණාකරලා විදුලි බිල අඩු කරන්න. (නි)
තවත් මහින්ද චින්තනයට ඇතුලත්ව තිබු වැඩක්. හොඳයි හොඳයි කවුරු උනත් කමක් නැ මහින්ද චින්තය ක්‍රියාත්මක කරනවානම් රටට හොඳයි (බ)
දැන්නම් මේ මාර්ගය දුම්රිය හැමදාම ප්‍රමාදයි ? (බ)
ලයිට් ගියාම මිගමු- කොළඹ පයින් තමයි. තියෙන කෝච්චිය වෙලාවට දුවන්නේ නැතිව (ම)
සුබ පැතුම් , ඉතාමත් හොද කාලින යෝජනාවක් , මේ යෝජනාව සහ කොළඹ පිටත වට රවුම් අධිමාර්ගය මා එවකට හිටි ප්‍රවාහන ඇමති ජයරාජ් ෆේර්නාන්දෝ පුල්ලේ ඇමති තුමාට යෝජනා කලේ 1998 ජනවාරි 1 වෙනිදා . මේ සමග මා යෝජනා කළා කොළඹ සිට මිගමුව දක්වා , කොළඹ සිට රත්මාලාන දක්වා , කොලමබ සිට කඩවත දක්වා හා කොළඹ සිට මහරගම දක්වා අධිවේග මාර්ග ඉදිකරන ලෙස , මට නිකන් අපහාසෙට වගේ හිනා වෙලා මගේ යෝජනාව සිනාවෙන් prathikshepa කළා . නමුත් අද මේ දේවල් යාතාර්ත්යක් වන්නයි යන්නේ . මේ වගේ වියාපෘති , ජාතික වියාපෘති ලෙස හා අනාගත ආයෝජන ලෙස සලකා , විදේශ ආදාර , ආණ්ඩු ප්‍රතිපාදන හා මහජන මුදල් ( උදා . කොළබට ඇතුළු වීමේ ගාස්තු ලෙස දැන් වුවද සුළු ගානක් අයකළ ගත හැක හා යුතුයි ? ). නැවතත් කියන්නේ පක්ෂ පාට බෙදා නොසලකා , අඩුපාඩු ගැන නොසලකා සහයෝගය ලබා දිය යුතුයි . ඒ වගේම මා යෝජනා කල තවත් දෙයක් නම් , ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදය අඩු කිරීමට , ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට නම , දුම්රිය බස් හදුන්වා දිය යුතුයි , මේ යෝජනාව පසුගිය විශේෂ ව්‍යාපෘති ඇමතිතුමාටත් කිව්වා. හොදම උදාහරණ . ජපානය ටෝකියෝ වටා යන යමනොතේ විදුලි දුම්රිය , සහ අභ්‍යන්තර රවුම් අධිවේගී මාර්හය , මිලානෝ නගරය වටා යන අධිවේගී මාර්ගය (බ)
බලල කාගේ උනහම මොකෝ හොඳට මියෝ අල්ලනවනම්. (බ)
වැඩේ හොදයි, එ්ත් ඕව හදන්න කලින් තියෙන කොච්චි ටික හරියට දුවගත්තොත් නරකද? (බ)
අපේ ලංකාවේ විදුලි බලය බොහෝ වෙලාවට නැතිවෙන නිසා කෝච්ච්ය තල්ලු කරගෙන යන්න කව්රු හරි පත් කරන්න වෙයි. (බ)
ඉදි කිරීමට කලින් කව්රු හෝ ඇමති කෙනෙක් ඇතුළුව ඉංජිනේරු කණ්ඩායමක් සමග ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගමනය සහ පර්යන්තය වහාම බලා අදහස් හා ක්‍රම එයින් බලා ගන්න, එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් 3 ගෙන් එක අයෙක් ලාංකිකයෙකි. (බ)
මෙවැනි දෑ විය යුතු දේවල්. (බ)
අර චන්ද්‍රිකා නෝනා මුල් ගලක් තිබ්බ පිළියන්දල ගුවන් පාලමකට එ්කනම් තිබ්බ තැනවත් හොයාගන්න බෑ (බ)
ඒක ඇත්ත ෆාරා. ඩුබායි මෙට්‍රෝ මගේ ව්‍යාපෘතියක් ලංකාවට ඉතා ප්‍රයෝජනවත්. ප්‍රධාන නගර යා කරමින් විදුලි දුම්රිය පද්ධතියක් නිර්මාණය කර දුම්රිය ස්ථාන වලට මගින් ගෙනයන බස් සේවාවක් ඇතිකළ යුතුයි. එමගින් ප්‍රධාන නගර අතර මගී ප්‍රවාහන බස් රථවල අවශ්‍යතාවය නැති වන අතර මාර්ග තදබදයද අඩුවෙනවා. බලමු ඉතින් ඔක්කොම එකවර කරන්න බැහැනේ. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය යොදාගත හැකියි. සාර්ථක වෙන්න කියල සුභ පතනවා. (අ)
හරිම සතුටුයි (නි)
ෆාරා, සමන් වසන්ත, හොඳ යෝජනාවක්. ඉතාමත් කාලෝචිතයි.මේ ව්‍යාපෘතිය රටට ආයෝජනයක් ලෙස සළකා, කඩිනම් කළයුතුයි (නි)
නියමයි (ම)
නියමයි. හැබැයි කළොත් තමයි. මුල්ගල් පැලනොවී වැඩේ වෙයිද කියලා බලමුකෝ (නි)
2012 නෙ ඕක අත්සන් කළේ. දැන් කළා වගේ කියන්නේ. (බ)
පරිසර හිතකාමී සංවර්ධනයක් වේවා (බ)