පසුගිය ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා මීගමුවේ ප්‍රචාරක රැළියක් පැවැත්වීමට හිටපු ඇමැතිවරයකු රුපියල් 89,50,000 ක් වැය කර ඇත්තේ මීගමුව කලපුව සංවර්ධනය කිරීමට අයවැයෙන් වෙන් කළ මුදල්වලින් බව බරපතල මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවට කරුණු ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ඇත.
මීගමු කලපුව හෑරීම ගැන මේ වන තෙක් නිශ්චිත තීරණයකට පැමිණ නැතැයිද කියති. අදාළ අමාත්‍යවරයා තම අමාත්‍යංශයේ උසස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් රැකියා වලින් නෙරපන බවට තර්ජනය කර වෙනත් වැය ශීර්ෂයක් යටතේ ඡන්ද වැඩට මුදල් ලබාගෙන ඇතැයි කියති.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග යන මහත්වරු සහ විගණකාධිපති මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද රටේ සල්ලිවලට කරන නස්පැත්තියක තරම. (ම)
ජයවේවා මහරජාණනි (ම)
මෙන්න නැවතුන සංවර්ධනය....!! කොහොමද කෑම? (නදී)