IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මීගොඩ සහ හංවැල්ලේ වෙඩි තැබීම් දෙකක්

(කේ. බුද්ධික කුමාරසිරි,ගයාන් සුරියආරච්චි,බිමල් ශාමන් සහ ශාන්ත කුලරත්න )


හංවැල්ල පහත්ගම සහ මීගොඩ  නදුන්උයන ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.

හංවැල්ල  ප්‍රදේශයේ නිවසකට පා ගමනින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (13) රාත්‍රී 9.50 ට පමණ සිදුකළ  වෙඩි තැබීමකින් නිවසේ සිටි එක් අයෙකුගේ පාදයකට වෙඩි වැදී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

වෙඩි වැදුණු පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

තුවාලකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක  අපරාධකරුවකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තාගේ සමීපතමයෙකු බව කියන කන්දඋඩ ඉරේෂ් නැමැත්තාගේ පියා වන 55 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

මේ අතර මීගොඩ මුතුහේනවත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ  (13) රාත්‍රී 10 ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසයි.

එක් වෙඩි පහරක් තබා ඇති අතර එම උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත. වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇත.

එම නිවැසියන් පවසන ආකාරයට දහවල් කාලයේ ද වෙඩි තැබීමට පැමිණි ආකාරයේ යතුරුපැදියකින් පැමිණ නිවස ඉදිරිපිටින් හරවා යළි ගොස් ඇති බවද පොලිසිය පවසයි.

අදාල නිවසේ සිටින කාන්තාවක ඩුබායි රාජ්‍යයේ කාර්ගෝ සේවාවක් පවත්වාගෙන යන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිය කිරීම සඳහා මෙලෙස ආසට වෙඩි තබා පලා ගියාද යන්න සැක කරයි. 



අදහස් (3)

මීගොඩ සහ හංවැල්ලේ වෙඩි තැබීම් දෙකක්

Perakum Liyanagama Thursday, 14 August 2025 09:38 AM

අනවසර ගිනි අවි දරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය මැලිකම් දක්වන්නේ මන්දැයි දැන් අපට සිතාගත හැක. මේ ගැන තවත් කතා නොකර සිටීමට සිතාගතිමු.

:       2       6

අන්_ර Thursday, 14 August 2025 10:24 AM

ගණන් ගන්න එපා. ඕවා අලුත් පොලිස්පති පිලිගන්න පත්තුකරන මල් වෙඩි.

:       7       8

soosad Thursday, 14 August 2025 11:38 AM

දවසේ වෙඩිල්ල. කෝ මේ වොෂින්ටින් අරවින්ද ඩෝබිවිල. ටක් ගාලා ඇවිත් මේවා හෝඳනවා මනුස්සයෝ . මිනිහටත් ඉතින් හෝදන්න කියලා එක තැනක් යැයි. හැම තැනම එක වගේ හොඳන්න වෙලා නේ

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site