හංවැල්ල ඇඹුල්ගමදී පසුගිය සිකුරාදා උදෑසන පැහැරගත් බව කියන සුදත් චමින්ද නැමැති දේපල වෙළඳාම් ව්‍යාපාරිකයා කිතුල්ගල නිවසක රඳවාගෙන සිටියදී ඉන් පැන ආ බව හංවැල්ල පොලීසිය කියයි.
පහරකෑමට ලක්ව ඇතැයි කියන මෙම ව්‍යාපාරිකයා රෝහල් ගත කර ඇත. ඔහුගේ වළලු කර පෙදෙස තුවාල වී ඇත.
ලොරියකින් පැමිණි පිරිසක් තම වාහනය හරස්කර තමන් පැහැරගෙන ගිය බවත් එහිදී තමා මුරකිරීමට සිටි පුද්ගලයාට පහර දී කිතුල්ගල ගිණිගත්හේන පාරට පැමිණ එහිදී හමු වු පිරිසක් සමඟ පොලසියට පැමිණි බවත් ඔහු කියා ඇත.
තමන් පැහැර ගත් පිරිස අත් මේස් පැළඳ, වෙස් මුහුණු දමා පැමිණි හැඩි දැඩි පිරිසක් බවත් තම ව්‍යාපාරය නතර කරන ලෙස ඔවුන් තර්ජනය කළ බවත් ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත සෙවීම පිනිස පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd