IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මගේ හැමදේකටම අක්කා ඉන්නවා

20160323-ent-11

කෙටි කාලයක් තුළ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සහ මේ වන විට ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වල සහ Music Video වල බොහෝ සේ දකින ඇය දිනූෂා සිරිවර්ධනයි. ඇයගේ එදිනෙදා කටයුතු පිළිබඳ සාරවිට කතාබහට එක්වූයේ මෙලෙසිනි.

 

ඉතිං කොහොමද දිනූෂා මේ දවස් වල වැඩකටයුතු..?

20160323-ent-09"මේ දවස්වල ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සහභාගී වෙමින් රූගත කිරීම් කරමින් කාර්යබහුල ගමනක තමයි ඉන්නේ. ඊට අමතරව අප්‍රේල් 03 වෙනිදා පැවැත්වෙන දෙරණ අවුරුදු කුමරිය අවසන් තරගයට සහභාගී වෙන්න සූදානම් වෙනවා.."

 

දිනූෂා, මේ වෙනකොට මොනවද ඔයා සහභාගි වෙලා තියෙන රූගත කිරීම්?

"මේ වෙනකොට ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් කරනවා. ඒ ITN නාළිකාවේ විකාශය වන "ආදර වැස්ස", සිරස නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" යන ටෙලි නාට්‍ය. ඊට අමතරව ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිත ඉෂාර මධුරසිංහ ගයන "පාලුවේ මා හැරදාලා" සහ ශෂිකා නිසංසලා ගයන "නවතින්න හිත අස්සේ" යන Music Video සඳහා තමයි මා රංගනයෙන් දායක වන්නේ.

 

දිගටම වෘත්තියේ ඉන්නවද? නැත්නම් විනෝදාංශයක් ලෙස සිදුකරනවාද?

ඔව්. ඉදිරියට ලැබෙන අරාධනා වලට මගේ රංගන දායකත්වය දෙමින් මම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

 

මේ ක්ෂේත්‍රයට එන්න උදව් කළ අය කවුද?

ඇත්තටම මට මේ තැනට එන්න මගේ හැමදේකටම මගේ ළඟින් ඉන්නේ අක්කා. ඊට අමතරව දීපාල් අයියා, ලලිත් වසන්ත මහතා, සජීව අයියා යන හැමෝම, මගේ මේ ගමනට ගොඩක් උදව් කළා. ඒ අයට මම ගොඩක් ස්තූති කරනවා.

 

සටහන / ඡායාරූප - ඉෂාන් සංජීව

 

20160323-ent-04
20160323-ent-05
20160323-ent-06
20160323-ent-07
20160323-ent-08
20160323-ent-10

 

 

 

 



අදහස් (0)

මගේ හැමදේකටම අක්කා ඉන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site