IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මගේ හීනෙ වුණේ ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා වීමයි

2016-07-07-ent-102

 

පේ‍්‍රමය වගේම විරහවත් අපේ ජීවිතවලට හුඟක් සමීප දෙයක්. විරහව උපදින හිත්වල පීඩාව වචනවලින් කියන්නට බැරි තරම් දුක්බරයි.ඇස්වලින් කඳුළු ගංගා ගලා යන පේ‍්‍රම විරහ වේදනාව පදවැල්වලට නගපු ආදරණීය ගීතයක් මේ දිනවල අපේ සවනට නිතර ඇසෙනවා.

ඒ තමයි ”ආයෙත් වරක්” ගීතය. එම ගීතය ඉතා කෙටි කලකින්ම රසික රසිකාවියන්ගේ හදවත් තුළ ලැගුම්ගත් ගීතයක් බවට පත් වුණා.

ඒ නිසාමයි මේ ගීතයේ සැබෑ හිමිකරු වන සඳුන් පෙරේරා සඳැල්ල සමග එක්කර ගන්න හිතුවෙ.

 

සඳුන් අළුත් ගීතය ගායනා කරමුකො.

 

තිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ

ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ

සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ

 

ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්

හමුවේවා කියා ඔබට මා පතනවා....//

 

මේ භවේ යළි සිහිවෙලා එදා

තේරුණොත් මම ඉස්තරම් කියා

මන්දිරේ දොරගුළු කඩා දමා

ආයෙමත් ඔබ එන්න මා සොයා

 

 

සඳුන්ගේ මේ අලූත් ගීතය ගොඩක් ජනප‍්‍රියවෙලා තියෙනවනෙ?

2016-07-07-ent-101ඒ ගැන මොකද හිතෙන්නෙ? අලූත් ගීතය ජනප‍්‍රිය වීම ගැන ගොඩක් ආඩම්බරයි. ඒ වගේම සමහර වෙලාවට උදේ නැගිටිනකොට තවමත් මේ සින්දුව මගේද කියලා හීනෙන් වගේ දැනෙන හැඟීමක් තියෙනවා. මට දැනුණා කවදහරි දවසක මේ වගේ දෙයක් ලැබෙනවා කියලා. නමුත් ඒ දේ මේ ගීතයෙන් ලැබෙයි කියලා හිතුණෙ නෑ. ගීතයක් ජනප‍්‍රිය වෙයිද? නැද්ද? කියන දේ විශ්වාස කරන්නත් බෑනෙ. නමුත් හිතන්න බැරි විදියට ජනප‍්‍රිය වුණා. අද මගෙ ජීවිතේ වෙනස් කරපු ගීතයක් තමයි ”ආයෙත් වරක්”

 

මේ ඔබේ පළමු ගීතය ද?

නෑ. මේ මගේ 3 වෙනි ගීතය. ”තනි වෙන්න එපා” සහ ”ඔබ සතුටින්” යනුවෙන් ගීත දෙකක් එළිදැක්වූවා. නමුත් ජනප‍්‍රිය වුණේ මේ ගීතය.

 

”ආයෙත් වරක්” හැදුණෙ කොහොමද?

මෙහි පද රචනය සජිත් වී. චතුරංගගෙ, සංගීතවත් කළේ චන්දන වල්පොළ, වීඩියෝව ලහිරු මුදලිගේ. ඒ වගේම ප‍්‍රිහාන් මඩප්පුලි අයියත් ගොඩක් උදව් කළා. මේ ගීතය සාර්ථක වුණේ මේ හතර දෙනාගෙම වෑයමක් මත.

 

ගීතයෙ වීඩියෝවට ෂනුද්‍රිවයි ධනුකවයි තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද?

ෂනුද්‍රිව ගන්න ලොකු හේතුවක් තිබුණා. අපිට ඕන වුණේ හැමවෙලේම නොදකින කෙනෙක්ව මියුසික් වීඩියෝවට සම්බන්ධ කරගන්න. වීඩියෝ කන්සෙප්ට් එක සම්පූර්ණයෙන්ම ලහිරු අයියගෙ. ඔහු තමයි කිව්වෙ මේ සඳහා මේ දෙන්නා සුදුසුයි කියලා. ෂනුද්‍රිට තියෙන ජනප‍්‍රියත්වය සහ ධනුකගෙ ජනප‍්‍රියත්වයත් මෙයට ඉවහල් වුණා. ඒ වගේම ධනුක තමයි දැන් ඉන්න ඇක්ෂන් කිං. ඔහුගෙ පැත්තෙන් ගත්තොත් ඔහුට සුපිරි හැකියාවක් තියෙනවා. ඒ දේවල් බලලා තමයි ඔවුන්ව තෝරගත්තේ. ඒ වගේම එහි ඉන්න සුළු චරිතත් ගොඩක් ජනප‍්‍රිය චරිත. ඒ අයවත් ආදරෙන් මතක් කරන්නම ඕන.

 

මේ ගීතය සඳුන්ගෙ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාවනෙ. මේ තරම් ජනප‍්‍රිය වෙයි කියලා හිතුවද?

මට ඕනකම තිබුණෙ කවදහරි ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා වෙන්න. එය මට තිබුණු ලොකු බලාපොරොත්තුවක්. ඒක මොන ගීතයෙන් ද කියන එක මම දන්නෙ නෑ. නමුත් ”ආයෙත් වරක්” ගීතය මට මුලින්ම ලැබුණු දවසෙම මට තේරුණා මේ ගීතය මගේ ජීවිතේට ලොකු වෙනසක් කරයි කියලා. ඒත් මේ තරම් විශාල වශයෙන් ප‍්‍රතිචාර ලැබෙයි කියලා හිතුණෙ නෑ.

 

ගෑනු ළමයින්ගෙන් වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

ඒකනම් මාරයි. ගොඩක් ප‍්‍රසිද්ධ කට්ටිය තමයි මුලින් කතා කළේ. ඉතින් හැමෝටම වඩා ගෑනු ළමයින්ගෙන් නම් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කොහොමහරි අඳුනන්නෙ නැති කෙනෙක් දවසට අනිවාර්යයෙන්ම කතා කරනවා.

 

එහෙනම් පේ‍්‍රම ආරාධනාත් ඇති නේද?

ඔව් අනිවාර්යෙන්ම, පේ‍්‍රම ආරාධනා ලැබෙනවා. බොරු කියන්න ඔනෙ නෑනෙ. ඒත් ඒ හැමදේටම කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවනෙ.

 

ඒ කියන්නෙ ඒවා ප‍්‍රතික්ෂේප කරනවද?

සමහර ඒවා ප‍්‍රතික්ෂේප කරන්න වෙනවනෙ. මොකද මට හැමෝම එක්ක සම්බන්ධතා පටන්ගන්න බෑනේ. ඒක කවදහරි හොඳ විදියකට සිද්ධ වෙයි. මට හදිස්සියක් නෑ. කොහොමත් මම මට ආදරේ කරන අයට ගොඩක් ආදරෙයි.

 

ප‍්‍රසංග වේදිකාවෙ තියෙන ඉල්ලූම කොහොමද?

ප‍්‍රසංග වේදිකාවෙ තියෙන ඉල්ලූම ඉතා ඉහළයි. ඒක මගෙ හීනයක් සැබෑ වුණා වගේ. මම ආසයි ලංකාව පුරාම තියෙන ප‍්‍රසංගවලට සහභාගි වෙන්න. මිනිස්සු මට ආදරේ කරන විදිය දැක බලාගන්න මට ලොකු ආසාවක් තිබුණෙ. ඉතින් ඒ හැමදේම සැබෑ වුණා. මම ප‍්‍රසංගවල ගීත ගායනා කරද්දි ඉදිරි වැටවල් කඩාගෙන ඇවිල්ලා මට අත දෙන රසික පිරිසක් මේ වෙද්දි මා වටා එක්වෙලා ඉන්නවා. ප‍්‍රසංග වේදිකාවෙන් බැහැලා වාහනේට යන ටිකටත් කට්ටිය ඇවිල්ලා සෙල්ෆි ගහනවා. ඒ තරමට මිනිස්සු මට ආදරෙයි. ඒ ගැන ගොඩක්ම සතුටුයි.

 

මේ ලබාගෙන තියෙන ජනප‍්‍රියත්වය මත සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න එහෙම අදහසක් නැද්ද?

බෑන්ඞ් එකක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. ප‍්‍රිහාන් අයියටයි, ලහිරු අයියටයි ලොකු උවමනාවක් තියෙනවා මට බෑන්ඞ් එකක් හදන්න. නමුත් දැන්ම නෙමෙයි. මට දැන් ලැබෙන ප‍්‍රසංගවලින් ලංකාව වටේම යන්න දැන් මට උවමනාව තියෙන්නෙ. තව අවුරුද්දකින් වගේ ඒ දේත් සිද්ධවෙයි.

 

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැනත් කියමු.

මේ ගීතය තව මාසයක් දෙකක් යනතුරු වගේ යවන්න පුළුවන්. නමුත් අලූත්ම ගීතය අගෝස්තු මාසයේ එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නෙ.

ඒ වගේම මගෙ එකම අරමුණ වුණේ ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා වෙන්න. ඒ දේ මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඒත් ඒ ජනප‍්‍රියත්වය ටික කාලයයි. ඒ ලංකාවෙ හැටි. ලංකාවෙ සංගීත ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියම ගායකයා කියලා එක්කෙනෙක් ඉන්නවා ටික කාලයක්. නමුත් ඒ ගීතය බැහැගෙන යද්දි ඔහු ජනප‍්‍රිය ගායකයෙක් නෙමෙයි.

නැවත ඔහුගේ ජනපි‍්‍රය ගීයක් ආවොත් ඔහු ජනපි‍්‍රය වෙයි. නැත්නම් නෑ. මට ඒ වාසනාව ටික කාලයකට හෝ ලැබුණා ආයෙත් වරක් ගීතය හරහා. ඒක ටික දවසකින් නැතිවෙලා යයි. නමුත් මම දෙවැනි ගීතයෙන් අසමත් වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒ නිසා හොඳට තෝරලා බලලා ඊළඟ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ හීන ගොඬේ තිබෙන තවත් හීනයක් තමයි සම්මානයක් ලබා ගැනීම. සමහරවිට ලබන අවුරුද්ද වෙද්දී එයත් සාර්ථක වෙයි.

 

අවසාන වශයෙන් සඳුන් ගැන පොඩි විස්තරයක් කළොත්?

මම සඳුන් චතුරංග පෙරේරා. මූලික අධ්‍යාපනය හැදෑරුවෙ මොරටුව සොයිසා විදුහලේ. නාලන්දා විද්‍යාලයේ තමයි උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. එහිදී විශ්වවිද්‍යාලයට වරම් ලැබුවත් ඒ හැමදේම කැපකරලා සංගීත ක්ෂේත‍්‍රයට ආවෙ. මගෙ ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි. මගේ ගම මොරටුව.

 

ධනු විජේරත්න

 

2016-07-07-ent-103



අදහස් (0)

මගේ හීනෙ වුණේ ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා වීමයි

එරන්ද Monday, 11 July 2016 08:16 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 571 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site