IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මගෙ සිංදුවක් රේඩියෝ එකෙන් ඇහෙනකොට පුතා අම්මා අම්මා කියනවා’

SAN_5344

 

වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ පසුබිම් ගීත ගායනයේ රැජිණිය ඇයම බව කිව හැකිය. ඇය උරේෂා රවිහාරිය. ඇගේ හඬ මිහිරිය. වින්ඳනාත්මකය. සිනමා කාව්‍යයේ සොඳුරුතම ගැයුම ඇයම වන්නීය. මේ දිනවල ඒ මියුරු හඬ වින්දනය කළ හැකි වන්නේ තිරගත වන ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය යෙනි. උරේෂාගේ ඒ ගීතවත් හඬට සමීපව ගීතවත් කතාබහකට ඇය සඳැල්ලට එක්වූයේ මෙලෙසිනි.

   SAN_5368    

 

buttonඋරේෂා කොහොමද ඔබගේ ආදර කැදැල්ල?

ගොඩාක්ම සතුටින් සහ සාමකාමීව ගත කරන බව කියන්න පුළුවනි. හොඳ මවක්, බිරිඳක් වගේම හොඳ ගෘහණියක් කියලත් හිතෙනවා.

SAN_5303


button හොඳට රසට උයන්න පුළුවන් කියලත් ආරංචියි?
අපේ සිංහල කෑම හොඳ රසට උයන්න පුළුවනි. අම්මා තමයි මට ඉගැන්නුවේ. ඉන්පස්සෙ අත්දැකීම් එක්ක ඒ සූපශාස්ත‍්‍රය මමම වැඩිදියුණු කරගත්තා. මම උයන කෑම රසයි කියලා අපේ තාත්තා සහ මගේ සැමියා වර්ණනා කරනවා.

 


button සැමියාගෙ අද දවසේ කටයුතු මොනවගේද?
සැමියා රුචිර නදීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරනවා. එයාගේ රාජකාරි වෙනුවෙන් කාර්යබහුලයි. නමුත් නිතර මගේ කලා කටයුතු සහ සංගීත කටයුතුවලට උදව් වෙනවා.

 


button පුංචි පුතා?
එයාගෙ සුරතල් බල බලා ඒවා අත්විඳිමින් තමයි කාලය ගත කරන්නෙ. දැන් පුතාට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. එයාගෙ නම සසෙන් ප‍්‍රවිවේක්.

 

SAN_5381

 


button එයා මොනවටද දක්ෂයි කියලා හිතන්නෙ?
එයා ගීත අහන්න හරිම ආසයි. කෑම කවන වෙලාවට පවා ගීත අහනවා. මගේ ගීතයක් ඇහෙද්දි ”අම්මා අම්මා’’ කියලා කියනවා. මගේ හඬ එයාට හොඳට දැනෙනවා. සංගීතයට හරි පුදුම කැමැත්තක් තියෙන්නෙ.

 


button ඇයි පසුගිය කාලයේදී ඔබ පුතා එක්ක ඡුායාරූපවලට සහ පුවත්පත් සාකච්ඡුාවලට පෙනී නොසිටියේ?
ගෘහණියක් ලෙස පුද්ගලිකත්වයට ගොඩාක් ආසා කෙනෙක් මම. සාමාන්‍ය ජීවිතයේදී පවා එහෙමයි. මම ලෝකයට යන්නෙ ගීත ගායනයෙන්. සාමාන්‍ය ජීවිතය පටලවාගෙන අවට ලෝකයට යන්නවත් ජනප‍්‍රියත්වය සොයා යන්නවත් මම කැමති නැහැ.

 

SAN_5398

 


button අද දවසේ ඔබ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ විශේෂ වී සිටින්නේ චිත‍්‍රපට පසුබිම් ගායන ශිල්පිනියක ලෙසයි. එහි ප‍්‍රමුඛ තැනකට ඇවිත්. ඔබ ඒකට කැමතිද?
ඇත්තටම පුද්ගලිකව මම ඒකට කැමතියි. එක් එක් ශිල්පිනියන් එක් එක් විදියට වර්ගීකරණය වෙනවනෙ. චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ මගේ හඬට වැඩි අවස්ථාවක් ලැබුණා. නමුත් මට ලැබුණු වාසනාව සෑම වර්ගීකරණයක් ඇතුළෙම සිටීම. එළිමහන් ප‍්‍රසංග, ගෘහස්ථ ප‍්‍රසංග, ටෙලිනාට්‍ය ගීත, වෙනත් ප‍්‍රාසාංගික අවස්ථා ඒ ආදී සෑම අංශයටම දායක වෙනවා. එයත් එක්තරා විදියක විශේෂත්වයක්.

 


button ඒ, ඒ අවස්ථාවලදී ඔබ ගයන ගීතත් වෙනස්ද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒ ප‍්‍රසංග ස්වරූපය අනුව ගීත රිද්මයේ වෙනසක් කළ යුතු වෙනවා.

 


button ඉස්සර උරේෂා හිංදි ගීත ගැයුවා. අද හිංදි ගීත ගයන්නෙ නැද්ද?
අදටත් ගයනවා. හැබැයි රූපවාහිනී වැඩසටහන්වලදී විශේෂ ඉල්ලීමක් ලැබුණොත් විතරයි.

 

SAN_5404

 


button අද දවසේ රසිකයින් වැඩිපුර ඔබට ගයන්න කියන්නෙ මොන ගීතද?
ඉස්සර ඉඳලාම කොහේ ගියත් ”? යාමේ මේ සාදයේ” ගීතයට විශේෂ ඉල්ලීමක් තිබුණා. එය අදටත් එහෙමයි. ඒක එළිමහන් ප‍්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගීතයක්.

 

SAN_5356

 

button ඔබ මෙතෙක් ගැයූ ගී අතරින් වඩාත් කැමති ගීතය මොකක්ද?
සෑම ගීතයක්ම මම ගායනා කළේ බොහෝම ගෞරවයෙන් සහ ආදරයෙන්. ඒ නිසා ඒ සෑම ගීතයකටම ආසයි. ඒ සියල්ල විඳිමින්, ඒවා ඇතුළෙ සිටිමින් ගායනා කළ ගීත. සිනමා ගීත ක්ෂේත‍්‍රය දෙස බැලූවොත්, උන්නා එක ගංගාවක, ගීතය මාව අපූරු මාවතකට යොමු කළා. ඉන්පසුව ”පායනා ඉර පාන වාගේ” තවත් ආලෝකයක් වුණා. ඒ වගේම පසු කලෙක වලාකුලක පාවෙන්නට, සමනල් හැඟුමන් අතරේ, ජල දහරාවේ ගීතය ඇතුළු ගීත විශේෂිත වුණා. වෙසෙසින්ම සිනමා ගීතයේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය යටතේ නිරන්තරයෙන් ගැයුමට අවස්ථාව ලැබුණා. එය අපූරු ගැලපීමක් වුණා.

 


button ඔබ රස විඳින්නෙ කාගේ ගීතද?
හැමෝගෙම ගීත රස විඳිනවා. කාගේ හෝ එක් ගීතයකට හරි ආසා කරනවා. නමුත් සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඇන්ජලින් සහ නන්දා මාලිනිය වැනි ප‍්‍රවීණ ශිල්පිනියන්ගෙ මම ආසාම කරන ගීත ගොඩක් තියෙනවා. ඒ වගේම ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට හරිම ආසයි.

 


button ඒ අතරින් ඔබගෙ ප‍්‍රියතාවයේ ඇති ගීත කීපයක් ගැන සඳහනක් කළොත්?
වික්ටර් රත්නායකයන්ගේ ”අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්’’ ගිගිරි ගීත රාවේ, තනි වෙන්නට මගේ ලොවේ, දෛවයෝගයකින්, මිල්ටන් ගැයූ සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්, ගේ‍්‍රෂන් ආනන්දගේ සවසට පායා, විශාරද නන්දා මාලිනියගේ දෙනෝදාහක් නුවන් අතරේ, යොවුන් වසන්තයේ, ඒ වගේ ගොඩාක් ගීත තියෙනවා.

 


button ඔබ විරහාව අත්විඳලා තියෙනවාද?
ඔව්, නැහැ කිව්වොත් ඒක බොරුවක්. නමුත් ඒ විරහාවේ එල්බගෙනම ඉඳලා නැහැ. ආදරය දුක දැනිලා තියෙනවා. මගේ අත්දැකීම්වලට වඩා ගායිකාවක ලෙස ග‍්‍රහණය කරගත් අවස්ථා තියෙනවා. මේ ආදරය කියන දේ කොහොමද ගීතය වෙතින් ඉදිරිපත් කරන්නෙ කියන දේ ගැන හිතලා තමයි ගීත ගැයීමේදී මගේ උපරිම දායකත්වය ලබාදෙන්නෙ.

sadun-gamage



අදහස් (11)

‘මගෙ සිංදුවක් රේඩියෝ එකෙන් ඇහෙනකොට පුතා අම්මා අම්මා කියනවා’

මදු Wednesday, 16 September 2015 03:10 PM

සිංදු ඔක්කෝම හරිම ලස්සනයි මම ගොඩක් කැමති (අ)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 15 September 2015 02:51 AM

දිව්‍යමය හඬක්. නිකැළැල් චරිතයක්. ආදර්ශවත් මවක්, බිරිඳක්. ඔබට බුදු සරණයි. (නි)

:       0       0

සංජීව Thursday, 17 September 2015 03:02 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 10 September 2015 07:02 AM

අද ඉන්න හොඳම ගායිකාව. ඈ චරිතවත් කෙනෙක් වගේම අන් සැමටම ආදර්ශවත් මවක්. (නි)

:       0       0

මාලික Friday, 11 September 2015 10:44 PM

ඔබේ චරිතවත්කමට සහ හැදියාවට අපේ ආචාරය! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 09 September 2015 04:22 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

චාන්දි, රත්නපුර Tuesday, 15 September 2015 04:30 AM

ලස්සන හඬක් තිබෙන ඔයාට සුබ පැතුම්! (නි)

:       0       0

රංගවීර Thursday, 10 September 2015 08:33 AM

ගොඩක් ලස්සන සින්දු අපේ හරිම කැමති (ම)

:       0       0

කුමාර Monday, 14 September 2015 05:32 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

පුෂ්පා Monday, 28 September 2015 11:29 AM

ඔබට අනුනාදනීය හඬක් ඇත. මම කැමතියි ඒකට (බ)

:       0       0

Ganga Kumuduni Tuesday, 16 January 2024 01:56 PM

ඔයා ගොඩාක් හොද ආදර්ශවත් චරිතවත් මවක් බිරිදක්.ඔයාගේ සිංදු හරිම ලස්සනයි. අහන් ඉන්න කොට වෙනම ලෝකයකට යන්න පුලුවන්. මම ආසම ගායිකාව ඔයා අක්කේ .ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site