IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක තමයි

2016-08-26-ent-79

මේ දිනවල මියුසික් වීඩියෝ හරහා සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති ඇය ශෙහානි පෙරේරාය. ජනප්‍රිය නිළි උදාරි පෙරේරාගේ නැගණිය වන ශෙහානි මෙවර අප හා කතාබහට එක්වුණි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-26-ent-76මගේ වයස අවුරුදු 20යි. මම මේ වෙනකොට Cabin Crew Diploma එකක් කරලා ඉන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් සඳහා එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?

මම පොඩි කාලේ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. අම්මි තමයි ඒ සඳහා එක්කන් ගියේ. ඊට පස්සේ පාසලේ වැඩකටයුතුත් එක්ක ඒ කටයුතු කරගන්න බැරි වුණා. ආයේ නැවත මම ක්ෂේත්‍රයට එන්නේ මියුසික් වීඩියෝවකින්. ඒ ශාන් අයියාගේ සිංදුවකින්. නමුත් මාව ගොඩක් අය හඳුනන්නේ මගේ අක්කා නිසා. ඊට පස්සෙ මම තව යෂාන් අයියගෙ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. මම අලුත් මියුසික් වීඩියෝවක් සඳහා මෑතකදී දායක වුණා. ඒකෙ නම "මලකුත් තිබුණා". එය ගායනා කරන්නේ උමාරා සිංහවංස සහ චිත්‍රාල් සෝමපාල. ඒක මේ මාසේ එළිදක්වනවා. ප්‍රඩක්ට් ෂූට් සඳහාත් මම දායක වෙනවා. jezza fashion, ideals exclusive, jinendra clothing ඒ අතරින් කිහිපයක්.

 

නිරූපණයට දායක වෙන්නේ ඇයි?

මම නිරූපණය කරන්නේ වෘත්තියක් විදියට නෙමෙයි. මම චූටි කාලේ ඉඳන්ම අක්කව දැකලා, අක්කගෙ ෆොටෝස් දැකලා තමයි නිරූපණයට ආස හිතුණේ.

 

නිරූපණය පිළිබඳ ගුරුහරුකම් ලබාගන්නේ අක්කගෙන්ද?

මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කරලා නැහැ. නමුත් මම යම් යම් දේවල් අක්කගෙන් ඉගෙන ගන්නවා. මොකද මගේ කැමැත්ත තියෙන්නේ වෘත්තීමය ගුවන් සේවිකාවක් වෙන්න.

 

වෘත්තීය ගුවන් සේවිකාවක් වුණොත් නිරූපණයෙන් ඈත් වෙනවාද?

නෑ එහෙම වෙන්නෙ නෑහැ. හොඳ වැඩක් හම්බුණොත් අනිවාර්යයෙන් කරනවා.

 

නිරූපණය හොඳද?

හොඳයි. මට තාම ඒගැන ලොකු අවබෝධයක් නැහැ. මොකද මම ක්ෂේත්‍රයට තාම අලුත් නිසා. මාව රවට්ටන්න ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම උදව් කරන අයත් ඉන්නවා. ගොඩක් අය බලන්නේ නරක පැත්තට යොමුකර ගන්න. තෝරාබේරාගෙන තමයි වැඩ කරන්න ඕන.

 

ගෙදරින් නිරූපණයට කැමැත්තක් තියෙනවද?

ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සරලාම අක්කි තමයි ඒ දේවල්වලට ගියේ. ඒ නිසා ඒ ගැන කිසිම බාධාවක් නැහැ.

 

මේ සඳහා අක්කාගෙන් ලැබෙන සහයෝගය?

අක්කා තමා මට ගොඩක් උදව් කරන්නේ. අක්කා තමා මගේ Role Model. ඒ වගේම මගේ හොඳම යාළුවා. එයා තමයි මගේ හැමදෙයක්ම තෝරලා බේරලා කරල දෙන්නේ.

 

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ටෙලිනාට්‍යවලට ආරාධනා කරල තියෙනවා. ඒවාට ඉදිරියට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක තමයි. ඒ අතරතුර තමයි රංගනයට දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ.

 

අම්මාගෙන් ලැබෙන සහයෝගය?

අම්මා ගොඩක් කැමතියි මේ දේවල් කරනවාට. ෂූටිං වලට යද්දී අම්මා තමයි මාත් එක්ක එන්නේ. නිරූපණ ක්ෂේත්‍රය තුළ දෙයක් බාරගන්න කලින් හැමදෙයක්ම හොයා බලන්න ඕනේ. කවුද කරන්නේ, මොකටද කරන්නේ, අදින ඇඳුම් පවා හොයල බලන්න ඕනේ. ලංකාව තුළත් යම්කිසි සීමාවන් තියෙනවනේ.

 

අද ගොඩක් නිරූපණ ශිල්පිනියන් අඩනිරුවත කියන දේ මාකට් කරනවා නේද?

ඒක නම් වැරදියි කියල තමයි හිතන්නේ. ගෑනු ළමයෙක් ලස්සට අඳින්න ඕන. නමුත් ඕනවට වඩා කොටට ඇඳීමෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. අපි යම්කිසි දෙයක් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අපේ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නනේ. අපේ හොඳ නම නැතිකර ගත්තොත් ජීවිතයටම වැඩක් නැහැ.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවද?

මට මගේ අම්මියි, තාත්තියි, අක්කිලා දෙන්නයි මේ හතරදෙනා තමයි මගේ ජීවිතේම. මට මේ අය තමයි ගුරුහරුකම් දෙන්නේ. ඒ අයව ආදරයෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-08-26-ent-78
2016-08-26-ent-77
2016-08-26-ent-75
2016-08-26-ent-74
2016-08-26-ent-73
2016-08-26-ent-72
2016-08-26-ent-71
2016-08-26-ent-70
2016-08-26-ent-69
2016-08-26-ent-68
2016-08-26-ent-67
2016-08-26-ent-66



අදහස් (0)

මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක තමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site