කටුනායක පොලිසිය ඉදිරිපිට බේස්ලයින් මාවතේදී යතුරුපැදි කරුවෙකු අද දහවල් 2.30 ට පමණ රිය අනතුරකින් මියගිය බව පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා උතුරු සීදුවේ පදිංචි ගාල්ලගේ සුජීත් ජීවන කුමාර නැමැති 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඔහු අමන්දොළුව සීදුව පැත්තේ සිට මීගමුව දෙසට යද්දී යම්කිසි වාහනයක වැදී මෙම අනතුර සිදු වී ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ මීගමුව සිට තෙල්දෙනිය බලා ගිය සීග්‍ර ගාමී ලංගම බස්රථයක් රියදුරා සමග සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු කටුනායන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතාගේ මෙහයවීමෙන් රථ වාහන පොලිස් කොස්තාපල් 30412 සමරවික්‍රම ඇතුළු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd