කැකිරාව, මාවනැල්ල මහන්තේගම , බණ්ඩාරගම, පිළියන්දල හා මහනුවර දී රිය අනතුරුවලින් අද දස දෙනෙක් මරුමුවට පත්වූහ.
කැකිරාවේ දී පියාත් පුතාත් මවත් දියනියත් යතුරු පැදියකින් යද්දී බසයක හැපී පියත් පුතාත් මිය ගොස් මවත් දියනියත් බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පිළියන්දල ජබුරලිය දී ත්‍රීරෝද රියක් හා මෝටර්රථයක් ගැටී කාන්තාවක මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
අවුරුදු එක හමාරක් වයසැදි දියණියක් ඇතුළු තුවාල කරුවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
මහනුවර දී ත්‍රීරෝද රියක් හා මෝටර් රථයක් ගැටී ත්‍රීරෝද රියදුරු මියගිය බව මහනුවර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාරවල් හොඳට හදල තියෙන නිසා තමා ඔය වාගේ අනතුරු වැඩියි. බොහෝ රියදුරන්ට වේගය මිසක් ප්‍රවේසමෙන් රිය පදවීමක් නැත. නීති රීති නොපිලි පැදීම අනතුරුවලට හේතුව වේ. (නදී)
රටේ මාර්ග නීති පද්දතියක් නීතියට ක්‍රියාත්මක නොවෙන නිසා ..අපේ රටේ අසරණ ජීවිත ටික බිලිගෙන යන්නේ විශාලා මහා නුවරට නොදෙවෙනි තැනට පත්වෙමිනි ..! (නදී)
ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පාරවල් කාපට් කරලා තියෙන්නේ ? තාත්ත කියල තියෙන්නේ ටිකක් වේගෙන් ගියාට කමක් නැහැ කියල ..? මැරෙන්නේ දුප්පත් මිනිස්සුනේ (නදී)
අනුන්ගේ ඔපා දුපාවලට අදහස් දාන්න කට්ටිය හිටියට අද කවුරුත් නැති හැටි. දැන් මිනිස්සු මරණ එක ගානක් නැහැ (නදී)
විනීත රියදුරු මහත්වරුනගේ ප්‍රතිඵල තමා. සතෙක් මලා ම අනෙයි අපොයි කියන අපේ උදවිය මිනිසා ගැන තැකීමක් නොකිරීම නම් සදා මගේ සිතට වද දෙන ප්‍රශ්නයකි. අදික කේන්ති යන හේතුවකි (නදී)
රිය අනතුරුවලිනුත් ලංකාව ලෝක වාර්තාවක් තියයි වගේ නේද? (නදී)
මෝඩ මිනිස්සු ඉගිල්ලෙන්න හදනවා (නදී)
ඇත්තටම හරියට නීතියක් නැති රටේ මේ වගේ අපරාද වෙනෙක අහන්න දෙයක් නෑ , නීතියක් හදල අපරාද වලට ජිවිතෙන් වන්දි ගෙවන්නේ අන්ත ජිවිතවල වටිනාකම වැටහෙනවා ජීවත්වෙලා ඉන්න එයට මැදපෙරදිග වගේ දඩුවම් දෙන්නේ නැතිනම් අපේ රට හදන්න බෑ (අ)
සති අන්තයේ මේ සිදුවීම් වල හේතුව බීමතින් රිය පැදවීම. (නදී)
දිනකට 10යි, මසකට 300යි, වසරකට 3600, දස වසරකට 36,000, වසර 30ක ට 108,000 යි. (නි)