IMG-LOGO

මගේ පළමු වීඩියෝවෙන් ඉතා හොඳ අත්දැකීමක් ලැබුවා

2016-11-16-ent-192

වෘත්තියක් නියැළෙන ගමන් නිරූපණ කලාවට සම්බන්ධවන ඔහු නමින් කෞෂ් එම්.ජේ. ගීත රූප රචනා හා ෆොටෝ ෂූට් සඳහා සම්බන්ධවී සිටින ඔහුගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ මෙලෙසින් අදහස් දැක්වූවාය.

 

ඔබේ නම කිව්වොත්?

2016-11-16-ent-199කෞෂ් එම්.ජේ.

 

රැකියාවක් කරනවාද?

ඔව් රැකියාවක් කරනවා.

 

රැකියාවක් කරන ගමන්ද කලාවට එකතු වෙන්නෙ?

ඔව් මම රැකියාවක් කරන ගමන් තමා කලාවට සම්බන්ධ වුණේ.

 

ඒ කොයි කාලේද?

දැනට මීට අවුරුද්දකට කලින් තමයි කලාවට සම්බන්ධ වුණේ.

 

මුලින්ම දායකවූ කටයුත්ත කිව්වොත්?

මම මුලින්ම ෆොටෝ ෂූට්වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ කසුන් කල්හාරගේ අලුත් මියුසික් වීඩියෝ එකට සම්බන්ධන වෙන්න අවස්ථාව ලැබුණා.

 

කොහොමද එකේ අත්දැකීම ගැන කිව්වොත්?

මම පොඩි කාලේ ඉඳලම කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙලා මේ ගොඩනැගිලි කොන්ක්‍රීට් පොළවල් දැකලා දැකලා සුන්දර කැලවල් ස්වාභාවික සම්පත් තියෙනවා කියලා මට දැකගන්න ලැබුණේ මගේ පළවෙනි වීඩියෝ එකේදී. ඇත්තටම ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. ඒ පරිසරයත් එක්ක දවසක්ම කරපු වීඩියෝ එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අත්දැකීමත් එක්ක වාසනාවන්තයි කියලා මට හිතෙනවා. අපේ රටේ කොළඹින් පිට ගිහින් ඒ සුන්දර පරිසරයත් එක්ක ලබාපු අත්දැකීම කවදාවත් අමතක වෙන්නේ නැහැ.

 

ඉදිරිකටයුතු ගැන කිව්වොත්?

ඉදිරියට මම මගේ ජීවිතයට ලබා ගත්තු එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමා මගේ ලොකුම බලාපොරොත්තුව.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද උදවු කරපු?

ඔව් අනිවාර්යයෙන්ම මුලින්ම මතක් කරන්න ඕනේ මගේ දෙමාපියන් දෙදෙනාව. මගේ නංගිව. එයාලා තමා මට මේ තැනට එන්න මග පෙන්නුවේ. ඊට පස්සේ නිරූපණය ක්ෂේත්‍රයේ මගේ යා‍ළුවෝ හැමදෙනාවම මතක් කරනවා. මම සම්බන්ධව වුණු පළවෙනි මියුසික් වීඩියෝ එකට මට ආරාධනා කරපු වත්සලා නංගිවයි කසුන් කල්හාර අයියවයි, ෂූට් එක කරපු රුක්මල් නිරෝශ් අයියා ඇතුළු සියලුම දෙනාව මතක් කරනවා. විශේෂයෙන් මට මේ ක්ෂේත්‍රයට එන්න මගේ හැමදේටම හිටපු ඉන්දික අයියා (Indika Bridal) මතක් කරන්න ඕනේ. එයා තමයි මට හැමදේටම විශේෂ මගපෙන්වීමක් කළේ. තව මම ඉගෙන ගන්න නිරූපණ පන්තියේ මගේ ගුරුවරයා නික් සර්වත් විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ හැමදෙනාගේම සහයෝගයෙන් තමා මට මේ තැනට එන්න වාසනාව ලැබුණේ. ඒ නිසා මට උදවු කරපු හැමදෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.

 

2016-11-16-ent-197
2016-11-16-ent-196
2016-11-16-ent-195

2016-11-16-ent-193
2016-11-16-ent-191
2016-11-16-ent-190
2016-11-16-ent-189
 



අදහස් (0)

මගේ පළමු වීඩියෝවෙන් ඉතා හොඳ අත්දැකීමක් ලැබුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site