IMG-LOGO

මගේ පේ‍්‍රමය අවුරුදු දහතුනක් පැරැණියි

2016-06-03-ent-225

දමිතා මේ දිනවල ආයෙත් වැඩිපුර කතා බහ වන ශිල්පිණිය කිව්වොත් නිවැරදියි. විකාශය කෙරෙන ”සල්සපු නා” නාට්‍ය මාලාවේ ”රේවතී” වීම ඊට හේතුවයි. හිතුවක්කාර, දඩබ්බර, එහෙත් ඒ නාට්‍යයේ අනෙක් ඔක්කොටම වඩා සංවේදී වූ චරිතයක් ලෙස මේ රේවතීගේ චරිතය හඳුන්වන්න පුළුවන්.

”රේවතී” වූ දමිතා කතා බහ කළ රිද්මයයි මේ.

ඇත්තටම මේ නාට්‍යයේ මුල් කොටස් වලදී තිර පිටපත ලිව්වේ තුෂාරි අබේසේකර අක්කා. එයාගෙ වුවමනාවට තමයි මේ චරිතය නිර්මාණය වුණේ. රේවතී නිතරම ඇවිලිලා හිටියට, ඇතුළාන්තයෙන්ම හරිම සංවේදී චරිතයක්. නාලන් මෙන්දිස් මහතා යනු පවුලේ කතාන්දර නිර්මාණය කොට හැමදාම ශ්‍රී ලාංකීය ජනතාවට රසාස්වාදයක් ගෙනදුන් අධ්‍යක්ෂවරයෙක්. අද මෙම නාට්‍යයේ අධ්‍යක්ෂණය සිදුවෙන්නේ ඔහු වෙතින්. අද මේ නාට්‍ය මේ තරම් ජනප‍්‍රිය වීමට ඒ සියල්ල හේතුවක් වෙලා.

 

මේ චරිතයට ඔබ කොහොමද ආරූඪ වුණේ?

මීට පෙර මේ වගේ චරිතයක් දැක තිබෙනවාද? මුලින්ම මට මේ ගැන එතරම් වැටහීමක් තිබුණෙ නැහැ. චරිත සියල්ල අතරට එක් වූ චරිතයක් ලෙස මම සම්බන්ධ වුණෙත් අන්තිමටම වගෙයි. තුෂාරි අක්කා එක්ක චරිතය ගැන කතා කර ගත්තා. නමුත් පළමු දින කීපයේදී පොඩි බයකුත් තිබුණා. අද මට හරි සතුටුයි. මම ඕවර් ගියොත් තුෂාරි අක්කා ”රේවතී” ව කොන්ට්‍රෝල් කළා. ගෙදරට හුරතල් වෙවී, එයාගෙ ආධිපත්‍ය ගොඩනගා ගන්න හදන ඒ චරිතයට ඉතින් මාත් මගේ ඇෙඟන් එන හැකියාවෙන් ටිකක් දැම්මා.

 

මේ දිනවල මේ ගැන කොහොමද නරඹන පිරිස කතා වෙන්නේ.

අටේ සිට අසූව දක්වා සෑම දෙනාගෙන්ම ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. කාගෙ කාගෙ හරි හැඟීම්වල ඉන්න බව තමයි කියන්නෙ. නොබලන කතා අතරේ හැමෝම මේ කතා නැරඹීම ලොකු දෙයක්.

 

මේ නාට්‍ය විතරද මේ දිනවල විකාශය වන්නේ?

කලින් විකාශය වූ ”කෙළිමඬල” නාට්‍ය නැවත විකාශය වෙනවා. ඊට අමතරව තුෂාරි අක්කාගේම අලූත් ”අරාරීරෝ” කියන නාට්‍යයේ රඟපෑම් වලට එක්ව සිටිනවා.

 

වෙනත් වැඩ කටයුතු මොනවාද?

මානව හිමිකම් සංවිධාන හා බැඳී කටයුතු කරනවා. එහි නිලධාරිනියක ලෙස කාන්තාවන් වෙනුවෙන් රූපලාවන්‍ය කටයුතු සඳහා නොමිලේ දායක වෙනවා. මුදල් ගෙවා ඉගෙනීමට හැකියාවක් නැති අයට කිසිදු අයකිරීමකින් තොරව උපදෙස් ලබාදීම සිදු වෙනවා. පසුගිය දින කීපයේදීත් ඒ වෙනුවෙන් බැංකොක් ගිහින් හිටියෙ. මානව හිමිකම් සංවිධානයේ සභාපතිතුමා මට බාරදුන් අංශයට මම උපරිම කැපවීම කරනවා. ඊට අමතරව සංගීත ප‍්‍රසංග සඳහා තවදුරටත් ජීවිතය ගෙවනවා.

 

මේ හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ.

මගේ අම්මාව, ආච්චිව බලාගන්න ඕනෑ. ඉතින් මගේම මහන්සියෙන් ආ ගමනේදී ගත්ත වාහනයට ලීස් ගෙවන්න ඕනෑ. මගේ අයියටත් උදව් කරන්න ඕනෑ. මම ඒ වගකීම් වලට ආසයි. මගේ පවුල හා බැඳී කටයුතු කිරීම ලොකු සතුටක්. මේ සියලූ වැඩ අතරේ හඬ කැවීම් කටයුතු වලටත් දායක වෙනවා. සිරසේ ”බ්ලැක්ලිස්ට්” සහ ”හිරු” ගෙ එන සුරංගනාවියකගෙ කතාව සඳහා දෙබස් කැවීම් වලට මේ දිනවල දායක වෙනවා.

 

ජීවිතය මේ විදියට ගෙව්වාට, තවමත් තනිකඩයිනෙ.?

නැහැ. කසාද බැඳලා වෙන්වෙලා යන ජීවිත අතරේ අවුරුදු 13 ක් තිස්සේ මගේ පේ‍්‍රමය පවතිනවා. ඒක කොච්චර ලොකු දෙයක්ද? ලොකු වෙඩින් එකක් නොවුවත්, චාමෙට සියල්ල සිද්ධ වේවි. මේ අවුරුද්දෙ මටත් මංගල අවුරුද්දක් වේවි.

 

2016-06-03-ent-228

 

පසුගිය දිනවලට ක්ෂේත‍්‍රයේ ඇතිවෙච්ච සිදුවීම් ගැන අද කොහොමද හිතන්නෙ?

මගේ පැත්තෙන් කතා කළොත් මට ලොකු ප‍්‍රශ්න තිබුණෙ නැහැ. මට මේ ඔක්කෝම ප‍්‍රශ්න ආවෙ සම්මාන ලැබෙන්න ගත්තාමයි. ජාත්‍යන්තරව පවා සම්මානයට ලක්වුණා. ඵල ඇති රුකට ගල් ගහනවා වගේ මටත් කතා හදන්න කුහක සිත් මුල් වුණා. හෘද සාක්ෂියක් ඇති චරිතයක් ලෙස මම ඒවායින් සැලූණේ නැහැ. මම බුද්ධාගම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. දුක වගේම සතුට මට දරාගන්න පුළුවනි. ඒ ආත්ම ශක්තිය නිසා තමයි අද මා දීර්ඝ ගමනක යෙදී සිටින්නෙ.

 

ඒ කියන්නේ පරණ ප‍්‍රශ්න දැන් ඔක්කොම ඉවරද?

ඔය අහන්නේ සහෝදර ශිල්පිණියක හා මා අතර වූ ප‍්‍රශ්නයනෙ. ඇත්තටම ඒක සිද්ධ වුණේ අනවබෝධය නිසා කියලා ඇයත් තේරුම් ගත්තා. එක් එක් අය ඇයව ඇවිස්සුවා කිව්වොත් හරි.

 

දැන් දෙන්නා පෙර සේම මිතුරියන්ද ?

ඇත්තම කිව්වොත් සියලූ දේ ඉල්ලා අස්කර ගැනීමම මම ඉහළින් අගය කරනවා. එදා ඒ තත්ත්වයට පත් වුණේ වටපිටාවෙන් ඇයට ආ ඇවිස්සීම් නිසයි. එදා අපට ඒ නිසා කතා කරලා විසඳාගන්න බැරි වුණා. ඉතින් නඩු මගට ගියා. මම එයාට වරදක් කරලා නැහැ. අද මම එයාව අගය කරනවා. එයාව අවුස්සපු අය ගැනත් වෛරයක් නැහැ.

 

ඔබ බොහෝ විට අනෙක් අය ආමන්ත‍්‍රණය කරද්දි, බොහෝම ලෙංගතු ස්වරයෙන් අමතන්නේ. මගේ අයියා, මගේ අක්කෙ, මගේ නංගියේ, මල්ලියෙ ඔන්න ඔය විදියටයි ක්ෂේත‍්‍රයේ සිටින නවකයිනුත් ඔබ ගැන ආදරණීයව කතා කරන්නේ? ඇයි මේ. මේකත් මවා පෑමක් නෙවෙයිද?

අපොයි නැහැ. දමිතාට එහෙම වෙන්න බැහැ. මොකද මගේ ජීවිතය බුද්ධාගමේ හරය හා බැඳුණු එකක්. රංගනය කරන්නේ කැමරාව ඉදිරියේදීම විතරයි. සමකාලිනයින්, ප‍්‍රවීණයින් වගේම මට නව පරපුරත් එක හා සමානයි. එයාලට මාව දැනෙන විදිය නිසා ඒ විදියට කතා කරනවා ඇති. එය බෙහෝම අව්‍යාජ දෙයක්.

 

හැඩ ගැන්වීම් ලක්කිත උක්වත්ත

විලාසිතා ප‍්‍රනීත් 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-06-03-ent-227
2016-06-03-ent-226



අදහස් (0)

මගේ පේ‍්‍රමය අවුරුදු දහතුනක් පැරැණියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site