(මනෝප්රිය ගුණසේකර)
නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ බව කියන මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකු වශයෙන් මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.
මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති බව සදහන් කරන වික්‍රමසිංහ මහත්මිය එහෙයින් මහජනතාවට දැනගැනීම සදහා සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටින්නීය.
ආන්දෝලනාත්මක දුරකථන සංවාදය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන වික්‍රමසිංහ මහත්මිය ‘රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවත් ‘ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමතිතුමාද? හා කුමන හේතූවක් නිසාද? යන්න ජනතාවට කියන්න’ යනුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන්නීය.
කමා ඉදිරිපත් කරන ප්‍රශ්න දෙකට පිළිතුරු දෙන්නැයි ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන වික්‍රමසිංහ මහත්මිය මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන්නැයි සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක එක්කෙනා එක්ක කතාකරන්න යන්නේ නැතුව පාඩුවේ හිටියනම් මොන ප්‍රශ්නයක් වත් නැත.
රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව ඔබතුමිය පවසන්නේ කුමන හේතු සාධක සහිතවද? රාජ්‍ය සේවකයකු වශයෙන් ඔබ බැදී සිටිනවා මහා ජනතාවට සත්‍ය සත්‍ය වශයෙන්ම හෙළිදරව් කරන්න.මහජනතාවට පුර්ණ වූ නෛතික බලයක් හා අයිතියක් තියනවා මෙහි සෑම සත්‍යයක්ම දැන ගන්නත්....ඕගොල්ලෝ වේදිකාව පිටිපස්ස වෙස් බැදලා හරියන්නේ නැහැනේ. දැන් නටන්න ඉතින් අපි ඉස්සරහට ඇවිල්ලා. කොළඹ විශ්ව විද්‍යාලේ නීති පී්ඪයේ මම සිසුවෙක්ව සිටින කාලේ මම ඔබේ දේශන වලට සහභාගී වුන ශිෂ්‍යයෙක්. මට හිතෙන විදිහට ඔබ යකඩ ගැහැනියක්. ඒ නිසා සත්‍ය සත්‍ය ලෙසම මහජනතාවට එලි කරන්න.
ඔය හඩ පටිය අහපුවම මටනම් තේරෙන්නේ සංවාදයේ වචන එහෙන් මෙහෙන් කපලා කොටලා වෙනස් අර්ථයක් එන විදිහට සකස් කරලා වගේ.
කොහෙන් හරි ගේමක් ගහල රිංගලා යන්නයි බලන්නේ. ඇත්තටම අපිටත් දැනගන්න ඕන කවුද ඇමතිය කියලා ?
ප්‍රශ්නයක් නෑ ප්‍රසිද්ධියත් ලැබුනානේ. අර තවත් නීතියට සම්බන්ධ කාන්තාවක් ජනාධිපතිවරණයට තරග කරන්න කුරුමානම් අල්ලන වෙලාවේ ඔබතුමියටත් පුළුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.
චුදිතයෝ එක්ක දුරකථනයෙන් කතා කරන්න ගියහම ඉල්ලන් කන්න වෙනවා කියලා දැනගන්න ඕන. එහෙමවත් උගත්කමක් නැති අය මේ වගේ තනතුරුවලට දාපු අයට හොද පාඩම්..
සාමාන්‍යයෙන් මේවගේ භාරදුර විශාල නිලයක් දරන කෙනෙක් චුදිතයකු සමග දුරකථනයෙන් කෙලින්ම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය ක්‍රමවෙදය චූදිතයාගේ පෙරකදෝරු මහත්මයා හරහා නඩුවට අදාල දේවල් සාකච්ඡා කරන එක... මෙතන තිබෙන්නේ වෙන ප්‍රශ්නයක්.. මේ ගොල්ල (දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන්, රජයේ ලොකු තනතුරු දරන නිලධාරීන්, සංස්ථාවල ලොකු නිල දරණ පුද්ගලයන්) පක්ෂ, පාට කුමක් වුණත් එකම පැලැන්තියක්... මොවුන් නිතරම හදන්නේ කුමක් හෝ ඩීල් එකක් දමලා පැලැන්තියේ පුද්ගලයන් ආරක්ෂා කරගන්න. එම නිසා පසුගිය කාලේ කරපු වංචාවල් කරපු 95% කටම මේ වනතුරු දඬුවම් නොකර නිදහසේ එහෙම නැත්නම් ඇප පිට. අතරින්පතර බොරු නාටකයක් රඟපාලා මහජනතාව නොමග යවනවා. ජනතාව දිනෙන්දින දුප්පත් වෙනවා. ඉහළ පැලැන්තිය දිනෙන් දින තම වත්කම් කෝටි ප්‍රකෝටි ගණනින් වැඩි කරගන්නවා...
"රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව ඔබතුමිය පවසන්නේ කුමන හේතු සාධක සහිතවද?" ඔබ රාජ්‍ය සේවයේ සිටියාද? සිටියා නම් ඔබ හේතු දැනගෙන සිටිය යුතුයි. නොසිටියා නම් නොදන්නා දේගැන කතා නොකර සිටිය යුතුයි. ඉහළින් අවසර නැතිනම් රාජ්‍ය නිලධාරියෙකුට රටේ ජනතාවට නිල මට්ටමින් කතා කරන්න බැහැ. එහෙම කතා කරන්න අවසර තිබෙන තැනැත්තාට ඒ දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශක කියා කියනවා.
බමුණෝ .. නීතියනම් එහෙම තමයි වෙන්න ඕනේ .. ඔය සාටකලා බලයේ ඉන්නකොට නීතියටද වැඩ කලේ ? දිල්රුක්ෂිලාව දැන් පතුරු ඇරියාට දිල්රුක්ෂිලා සාටකලාගෙන් පත්වීම් ලබපු උදවිය නොවේද ? සාටකයන්ගේ අනිසි ක්‍රියාවන්ට කැමැත්ත නොදී විරෝධය පලකල නිසා සාටකලා විසින්ම පයින් ගහලා වගේ දොට්ට දැම්මා... නමුත් ඔය දිල්රුක්ෂිලා අපට වැඩකුත් නැහැ . අපමණ සුදුසුකම් තියාගෙන මඩපාරවල් කමින් දේසපාලන මඩගොහොරුවෙන් ජීවිතයට වරප්‍රසාද හෙවීමට වඩා නම්බුයි පාරේ ස්වීප් විකුනලා ජීවිකාව ගෙනයාම කියලයි මමනම් කියන්නේ .