‘අපි ඇතිකරපු සංවර්ධන වැඩ අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා එයාගේ නම් දාගෙන විවෘත කරන්න යනවා. එතුමා හැමදාම කළේ අනුන් කරපු දේවල් වලට උප්පැන්න දෙන්න යන එක. හරියට මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා වගේ‘ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳුදා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් පැවසීය.
‘අවුරුදු එක හමාරක් තුළ වයඹ පළාතේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් කරන්න අපට පුළුවන් වුනා. ඒ අතර කුලියාපිටිය ප්‍රදේශයටත් මහින්දෝදය විද්‍යාගාර, මහින්දෝදය ගුරු විවේකාගාර සහ සති පොළවල් ලබාදීමට කටයුතු කළා. වයඹ පළාත තුළ පොල් අතු සෙවිලිකර තිබු පාසල් ගොඩනැගිලි ඉවත් කරලා නවීන ගොඩනැගිලි ඉදිකළා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 870 ක මුදලක් වැයවුණා. ඒ වගේම පළාත තුළ රුපියල් ලක්ෂ 4980 ක වියදමෙන් සති පොළවල් 28 ක් ඉදිකළා. විශේෂයෙන් කුලියාපිටිය ප්‍රදේශයට දැවැන්ත සේවයක් කළා. එවැනි විශාල වැඩකොටසක් කරනකොට තමයි අද පිනට පත්වුණු ආණ්ඩුවේ ඇමැතිවරු අපිට නොයෙක් චෝදනා කරන්නේ. අගෝස්තු 17 වෙනිදා ඒ හැමදේකටම ජනතාව උත්තර දෙන බව මට විශ්වාසයි.‘ යැයිද වයඹ මහ ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ. ජනතාවගේ කලිසම. ඔයාගෙ කලිසම නෙමෙයි. (නි)
ඔයාලට ඡන්දෙ දුන්න අපිට ගහන්න ඕනෑ බූවල්ලෙන් (නි)
නායකයා යන මාවතේ ගෝලයොත් යන්න ඕනනේ මහා ඇමතිතුමෝ.(ම)
ඇත්තටම එතකොට මේ දයාසිරි ඇමතිතුමාගේ පෞද්ගලික සල්ලි වලින් හදපුවද? අපේ බදු වලින් හදන ඒවාට කාගේ නම වුණත් ගහන එක හරිද? (ම)
බලමු ජනමතයේ වරද-නිවැරදිද ? (ම)
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
අවුරුදු එකහමාරකින් නම් නෙමෙයි මේ හැමදේම කළේ. ඔයත් ඔය කරන්නේ ඉස්සර සමහරුන්ගේ කලිසම් සමහර වෙලාවට අඳින ඒකනේ. හැමෝම එකයි බැලුවාම. කලිසමේ වියදම අපි හැමෝගෙම සල්ලි. (නි)
ඔබගේ පුද්ගලික මුදල් වලින් හදපු එකක් නම් ඒක වැරදියි. රජයේ ජනතාවගේ බදු මුදල් හදපු වලින් හදපු යමක් මොන මහජන නියෝජිතයා විවෘත කළත් ඒකේ වරදක් නැහැ. (නි)
මෙම තත්වයට වගකිවයුත්තේ කවුද? ජනාධිපතිවරණය කලින් නොතිබ්බා නම්, ඔබ මේ ඡන්දය කරන්නේ රාජ්‍ය බලය සහිතව. එතකොට කිසිම නීතියක් නැහැ. ඕනෑ දෙයක් විවෘත කරගන්නත් තිබුනා. පෝස්ටර් කටවුට් ටොන් ගණනක් මුද්‍රණය කරලා සෑම තාප්පයක්, ගහක්,ගලක් පිරෙන්න අලවන්න තිබුනා. ඩිෆෙන්ඩර් , ප්‍රාඩෝ ඇතුළු රජයේ වාහන සියල්ල පරිහරණය කරන්නත් තිබුනා. අර නැව් එන්නේ නැහැ කිවුව වරායට පසුගිය දවස්වල නැව් 6 එකපාරටම ඇවිල්ලා. මේවත් රූපවාහිනියේ පෙන්වන්න තිබුනා. ඔය ඔක්කොම නැතිකළේ කවුද? (නි)
සති පොළක් ඉදිකරන්න එච්චර මුදලක් වැඩි නැද්ද? (නි)
දැන් ඒ අය ගෙදරින් අරන් ඇවිත්ද ඔහොම දේවල් හදල තියෙන්න? (ම)
අපේ කලිසම ඇඳන් ඔයාගේ වගේ යන එක හරිද මහත්තයෝ? ඕවා අපේ බදු සල්ලි. (ම)
ඔබතුමාට පණදීපු මිනිහෙක් මම. දැන් ඔබතුමාත් මගේ කලිසම ඇඳගෙන කඩේ යනවා. කැතයි මහත්තයෝ කැතයි, ලැජ්ජයි. අපිට මතකයි ඔබතුමා අලියා පිටේ නැඟලා කියපුවා. (නි)
අයියෝ පවු! (නි)
ඒක තමයි මහත්තයෝ දේශපාලනය කියන්නේ (නි)
තමන්ගේ පුද්ගලික මුදලින් හැදුවා නම් ඔහොම කිවුවට කමක් නැහැ. මේවා ජනතාවගේ බදු මුදල් (නි)
කොහොමහරි ජනතා අයිතියට පවරන එක හොඳ වැඩක්නේ. (නි)
ගහෙන් වැටුණාම ගොනා අනිනවා කියන්නේ ඕකට තමයි. 17 වෙනිදට අලියත් ගහයි............... (ම)
මම ජන්දය දෙන්න හිටියේ ඔබට. නමුත් ඔබ මේ හෑල්ලුවට ලක්කලේ අමරදේවයන්ගේ අමරණීය ගීතයක්. මේ විදිහට වටිනා ගීතවලට ඇද කරන්න එපා. මගේ ජන්දෙනම් දැන් ඉතින් කීයටවත් ඔබට දෙන්නේ නැත. (ම)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මම ඒත් බැලුවා මොකද කියලා! දැන්නේ දැනගත්තේ (නි)
මේක කියන්න තිබුනේ 'පෙර දිනයක මා පෙම් කල පක්ෂය මම අමතක කෙරුවා - මගේම දේවල් මට නැති උන හැටි හීනෙන් මට පෙනුනා' කියල නේද? (නදී)
අපිට ඔබ ගැන දුකයි මහත්තයෝ (නි)
ඔන්න ඔහේ ඔය කලිසම දීලා දාන්න අනේ! (නි)
දිලිප්, 2005 ට කලිනුත් අපි බදු මුදල් ගෙව්වා. එහෙත් ඒවායෙන් අපිට මොනවද ලැබුනේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. (නි)
කවුරු කලත් මොකද මේවා රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ.ප්‍රශ්නයකට තියෙන්නේ මෙච්චර මුදලක් වියදම් වුණේකොහොමද කියන එකයි.(ම)
මහජන මුදලින් හදපුවා හරියට මෙයාගේ වගේනේ කතාව (නදී)
මහකකුළුවා ඇදේට යනකොට පැටව් යන්නෙත් ඇදේට නේ.ඔය මුල්ගලුත් ගලවල අලුතින් හිටවන්නේ.(නදී)
දයාසිරිත් එස් බී දිසානායකගේ තත්වයට පත්වෙලා ද දැන් (නදී)
අවුරුදු 30 අපේ බදු මුදල් වියදම් කලේ දියුණු රටවල්වලින් යුද්දෙට ආයුද ගේන්න. ඊට පසු ඒ බදුමුදල් වලින් රටේ යටිතල පහසුකම් ඇතුව මහා විසාල සංවර්දනයන් සදහා වියදම් කළා. (නදී)
ෂෙහාන්, මහවැලිය, නිදහස් වෙළඳ කලාප, ජනසවිය, ගම් උදාව, මහපොළ ශිෂ්‍යත්වය ඒවත් 2005 ට පස්සෙද? (නදී)
මේකේ කොමෙන්ට් දාන අය සේරම ඉපදිලා තියෙන්නේ 2005 පස්සේ. ඊට කලින් අපි බදු ගෙවපු බව සේරම දෙනාට අමතකවෙලා. සිල්වා ඔයානම් බර්ලින් වලනේ ඉපදෙන්න ඇත්තේ ඔහෙටම වෙලා ඉන්ඩ ලංකාවට එන්ඩ නොයේවා කියල පතනවා. 2005 කලිනුත් අපි බදු ගෙව්වා එ්ත් ඒ සල්ලි සේරම පොකෙට් වලට ගියේ ? (නදී)
ෂෙහාන්, අපි බදු ගෙවනවා. අපි වෙනුවෙන් කතා කරන්න නියෝජිතයින්ව පත් කරලා යවනවා පාර්ලිමේන්තුවට. පළාත් සභා වලට හා පළාත් පාලන ආයතන වලට රජයක නිශ්චිත වැඩපිළිවෙලක් ඔවුන් නිර්මාණය කරන්න ඕනේ රටේ හා යුගයේ අවශ්‍යතාවයට අනුව. එතැනදී රජයේ සේවයේ නියුතු අයව, රජයේ ආයතන මැදිහත් කරගන්නවා. පක්ෂ ප්‍රතිපත්ති වැඩක් නැහැ. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකෙරෙනවා නම් ඒ අයව නැවත තෝරා පත් කර නොගැනීමයි කළ යුතුයි. ඒ වගේම කල යුත්තේ රටට අවැසි දේ සහ වාසි දේ. ආදායම් උපයන්න පුළුවන්, රැකියා උත්පාදනය කරන්න පුළුවන් ව්‍යාපෘති. තම ප්‍රතිරුප ගොඩනගන්න ඉලක්ක කරගෙන රටට ගෙවා ගන්න බැරි ණය උගුලකට හසු කිරීම නෙවේ කළ යුත්තේ. (නදී)
2005 ට කලින් ෂෙහාන් ලංකාවේ හිටියේ නැද්ද ? (නදී)
මේ හැමදෙයක්ම ගොඩනඟලා තියෙන්නේ අපේ බදු මුදල් වලින්. ඔබතුමාට පඩි ගෙවන්නෙත් අපේ බදුමුදල් වලින්. මේ රට කාගෙවත් බුදලයක් නෙමෙයි. සැබෑ ජනතා සේවකයෙක් මෙහෙම කතා කරන්නේ නැහැ. (නි)
ඇත්තම කිවුවට ස්තූතියි! (නි)
අනේ දයාසිරි මහත්තයෝ, ඔයාගේ කතාව හරියටම හරි. මොනවා වෙතත් ඇත්තම කිව්වා. මහජන අපේ බදු මුදල් වලින් ඔයගොල්ලෝ රජ කරමින් අපිටම කොකා පෙන්නනවා. (නි)
හැබැයි අකිල කෙළින් කතාකරන කෙනෙක් (නි)
88 ,89 වගේ... තැන්... තැන්වල...මරහඬ මතුවෙනවා ... එදා වගේ නැවතත් වැට ඉනි වල . ඔළුගෙඩි සිහිවෙනවා මව් වරු, කඳුළු බිබී දුක් වින්ද අතීතය තවමත් රැව් දෙනවා (බ)