ඒ වගේම මේ ජැක්ලින් හෙට්ටිආරච්චි. ඔබ ආදරය කරන චාන්දනී හෙට්ටිආරච්චිගේ දුව ඇයත් මේ මස 21 වැනිදා බිෂොප් විද්‍යාලයේ දී සවස 6.45 ට NEXT GEN සංගීත ප්‍රසංගය සඳහා දායක වෙනවා.
ජැක්ලින් දැන් කොහොමද NEXT GEN සංගීත ප්‍රසංගයට තියෙන සූදානම?
ඔව්, මේ දවස්වල මගේ අලුත්ම ගීතය ඉන්ද්‍රචාපා එක්ක කරනවා. ඒ වගේම සුපුරුදු සංගීත වැඩ කටයුතුත් එක්ක ප්‍රසංගයට සූදානම් වෙනවා. මේ ප්‍රසංගයට කසුන් අයියා ආරාධනා කරාම මම ඉතාමත් කැමැත්තෙන් හා කිව්වා. මොකද මටත් වුවමනාව තියෙන්නේ මගේම කියන ගීත ගයනා කිරීමට. මම අදටත් ගායනා කරන්නේ මගේම ගීත. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපි හැමෝටම.
විශේෂයෙන්ම කියන්න ඕනේ මෙවැනි ප්‍රසංගක් පැවැත්වෙන්නේ ලංකාවේ පළමු වතාවට. යොවුන් ගායක ගායිකාවන් පිරිසක් එකම වේදිකාවක දකින පළමු අවස්ථාව. විවිධ අයගේ විවිධ ශෛලීන් තියෙන්නේ. ඉතින් වෙනස් අලුත් අත්දැකීමක් වේවී කියලා කියන්න පුළුවන්. ඒ වගේම මමයි අම්මයි එකම වේදිකාවක ගීත ගායනා කරනවා දකින්නත් පුළුවන්. ආදරණීය රසික රසිකාවියන්ට ආදරෙන් ආරධනා කරනවා එන්න කියලා මේ ප්‍රසංගය බලන්න. නීෂා
රන්සිත් සේයාරෑ / සුමුදු
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මගේ අලුත්ම ගීතය ඉන්ද්‍රචාපා එක්ක කරනවා