ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී තමන්ට නිශ්චිත අරමුණකට යාහැකි වන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ‘ලංකාදීපයට’ පැවසීය. එතෙක් පුහුණුවීම්වල නිරතවෙමින් ක‍්‍රීඩා උළෙලට සුදානම් වන බව ඔහු වැඩි දුරටත් පවසයි.
නිලූක පවසන්නේ සිය ක‍්‍රීඩා දිවියේ වැදගත්ම ස්ථානයට දැන් තමන් පිවිස ඇති බවත්, එමගින් ක‍්‍රීඩා උළෙලට සහභාගිවී දස්කම් අතරට එමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට තමන් කැපවෙන බවයි.
බැඞ්මින්ටන් ලෝක සම්මේලනය විසින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක සුදුසුකම් ලබා ඇතැයි නිල වශයෙන් පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලදී.
”තරගකාරීත්වය ඉහළයි. ජයග‍්‍රහණය ලබා මගේ රටට කීර්තිය ගෙන දීමයි එකම අරමුණ. එම අරමුණට යෑමේ ඉලක්කය හඳුනා ගන්න හැකි වෙන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව යැයි” නිලූක පැවසීය.
ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත (ක‍්‍රීඩක) කිරීමේදී 47 වැනි ස්ථානයේ සිටින නිලූක මේ මස 17 වැනිදා ස්පාක්‍ඳ්ක්‍ඳයේදී ආරම්භවන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ආඩම්බර වෙන්න පුළුවන් රට ගැන
අපි සැවොම මේ වෙලාවේ මොහුට ශක්තියක් විය යුතුයි
තෙරුවන් සරණීන් දේවාශිර්වාදයෙන් ඔබට ජය වේවා!
රටටත් ජාතියටත් නැති තමන් ඉපදුන රට පවා දෙන මිනිස්සු
අපේ මවුබිමට කිර්තිය ජය ගෙන දෙන්නට ඔබට දහිර්ය සක්තිය ලැබේව
ඔබ ධෛරියවන්ත ක්‍රීඩකයෙක් ඔබට ජය