IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මගේ අරමුණ සොයාගත හැක්කේ කුසපත් ඇදීමෙන් පසුවයි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී තමන්ට නිශ්චිත අරමුණකට යාහැකි වන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ‘ලංකාදීපයට’ පැවසීය. එතෙක් පුහුණුවීම්වල නිරතවෙමින් ක‍්‍රීඩා උළෙලට සුදානම් වන බව ඔහු වැඩි දුරටත් පවසයි. නිලූක පවසන්නේ සිය ක‍්‍රීඩා දිවියේ වැදගත්ම ස්ථානයට දැන් තමන් පිවිස ඇති බවත්, එමගින් ක‍්‍රීඩා උළෙලට සහභාගිවී දස්කම් අතරට එමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට තමන් කැපවෙන බවයි. බැඞ්මින්ටන් ලෝක සම්මේලනය විසින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක සුදුසුකම් ලබා ඇතැයි නිල වශයෙන් පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලදී. ”තරගකාරීත්වය ඉහළයි. ජයග‍්‍රහණය ලබා මගේ රටට කීර්තිය ගෙන දීමයි එකම අරමුණ. එම අරමුණට යෑමේ ඉලක්කය හඳුනා ගන්න හැකි වෙන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව යැයි” නිලූක පැවසීය. ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත (ක‍්‍රීඩක) කිරීමේදී 47 වැනි ස්ථානයේ සිටින නිලූක මේ මස 17 වැනිදා ස්පාක්‍ඳ්ක්‍ඳයේදී ආරම්භවන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.



අදහස් (0)

මගේ අරමුණ සොයාගත හැක්කේ කුසපත් ඇදීමෙන් පසුවයි

උදිත් Monday, 07 May 2012 11:33 AM

ඔබට ආඩම්බර වෙන්න පුළුවන් රට ගැන

:       0       0

කසුන් Monday, 07 May 2012 01:35 PM

අපි සැවොම මේ වෙලාවේ මොහුට ශක්තියක් විය යුතුයි

:       0       0

අනුරාධ Monday, 07 May 2012 05:40 PM

තෙරුවන් සරණීන් දේවාශිර්වාදයෙන් ඔබට ජය වේවා!

:       0       0

indu Monday, 07 May 2012 06:12 PM

රටටත් ජාතියටත් නැති තමන් ඉපදුන රට පවා දෙන මිනිස්සු

:       0       0

indu Monday, 07 May 2012 06:16 PM

අපේ මවුබිමට කිර්තිය ජය ගෙන දෙන්නට ඔබට දහිර්ය සක්තිය ලැබේව

:       0       0

patrick Monday, 07 May 2012 07:41 PM

ඔබ ධෛරියවන්ත ක්‍රීඩකයෙක් ඔබට ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2010 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 711 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site