‘මේ රටේ ජනතාවගේ මුදලින්  ජීවත් වෙන්න මට අවශ්‍ය නැහැ. ඒ නිසාම මම ඇමැතිවරයෙක් විදියට නිල නිවාස, නිල වාහන ලබා ගත්තෙත් නැහැ.  මට අවශ්‍ය කරන්නේ ජනතාව ජීවත් කරවීමටයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා දිවුලපිටියේ පැවැති එජාප ක්‍රියාකාරීන්ගේ හමුවකදී පැවසීය.

‘ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහණයෙන් පස්සේ මහ මැතිවරණයකට අවස්ථාව උදා වෙලා. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන, රටේ අනාගතය හිතා වෙනසක් සිදු කළා. මේ රටේ පැවති දුෂ්ඨ පාලනයට තිත තැබුවා. අපට අවශ්‍ය වුනේ යහපාලනයෙන් පිරුණු නව දේශපාලන සංස්කෘතියක් ඇති පිරිසිදු දේශපාලනයක් ගෙන එන්නයි. එදා ඒ ජයග‍්‍රහණය ලැබුවා. අද අපට අවශ්‍ය රට වෙනුවෙන් ජනතාවට සේවය කරන්න  පුළුවන් පිරිසිදු චරිත පාර්ලිමේන්තුවට යවන අවස්ථාව උදාවෙලා. පාර්ලිමේන්තුවේ හිටපු සමහරු කුඩු ගෙනාවා. එතනෝල් ගෙනාවා. බාර් දමාගෙන රට විනාශ කරන්න හැදුවා. ඩී.ඇස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මහත්වරුන් තම දේපල ජනතාව වෙනුවෙන් වියදම් කළා. අද සන්ධානයේ අය ජනතා මුදලින් සාක්කු පුරවා ගන්නවා. එහෙම කරමින් මහින්ද රාජපක්ෂ අගමැති වෙන්න හැදුවත් ඒ අගමැති සිහිනය මෛතී‍්‍රපාල ජනපතිවරයා කඩා බිඳ දැමුවා.

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක, සමාජ සේවා හා සුභ සාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක එඩ්වඩ් ගුණසේකර, දිවුලපිටිය හිටපු සංවිධායක කිත්සිරි මංචනායක යන මහත්වරු ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

2015-07-20-ruwan-dp-(1) 2015-07-20-ruwan-dp-(4) 11701234_796641293787117_2239364133688074056_n