හොරණ කොළඹ මහා මාර්ගය පුළුල් කිරීම සඳහා කඩා දැමූ මකර තොරණට පොරොන්දු වූ පරිදි වන්දි නොගෙවී යැයි විරෝධය පළ කළ බොරැලැස්ගමුව කටුවාවල පරම ධම්ම විශුද්ධාරමය අසළ පාරේ වැඩ නතර කිරීමට කොන්ත්‍රාත් සමාගමට සිදු විය.
විහාරාධිපති සීනීපැල්ලේ චන්ද්‍රානන්ද හිමියන් පැවසුවේ නිසි පරිදි වන්දි නොගෙවා පාර පළල් කිරීමට විරෝධය පළ කළ බවයි.
ඝණ්ඩාරය ගසා දායකයන් කැඳවූ බව ද ඒ හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ කලත් පිළිවෙලක් තියෙනවනේ.පාඩුවක් වෙනවනම් කවුද කැමති එය විඳදරාගෙන ඉන්න.(හේ)
තණ්හාව නිසා ශෝකය උපදී. (හේ)
පාර හදන්නේ හැමෝම වෙනුවෙන්නේ.මේ සදහා වියදම් වුනු මුදල අදාල තැන් වලට ගෙව්වානම් ප්‍රශ්නයක් නැහැනේ. (හේ)
මේ විදිහට මූල්‍යමය දේ (වන්දි) පස්සෙන් යනකොට මට නම් ඇතිවෙන්නේ හොඳ හැගීමක් නොවේ (නි)
පාර පළල් කරන්නේ අපි හැමෝම වෙනුවෙන් නම් මකර තොරණ ගැන හිතන්න එපා අපේ හාමුදුරුවනේ. (නි)
මේ වැඩ මෙහෙම වෙන්න දෙන්නේ ඇයි? (නි)
පන්සලක් ඉදිරිපිට මකර තොරණක් අවශ්‍යද? මකරෙක් කට ඇරගෙන සිටීමෙන් අසුභ බවක් එකතුවෙන බවයි මගේ හැඟීම (නි)