පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල මකුණන් බෝ වීමෙන් ළමයින්ට නිදාගැනීමට නොහැකිව බිම නිදාගන්නා බවත් සිසුන් කිහිපදෙනකු මකුණු උවදුර හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර ගත් බවත් ඒවා පිළිසකර කර මකුණු උවදුරට පිළියම් යොදන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (28) පැවැත්විණි.
ශාස්ත්‍ර පීඨයේ සිට සනාතන මන්දිරය දක්වා පාගමනින් ගිය සිසුහු පාඨමාලා මුදලට විකිණීම නවතා දමන ලෙසත්, මකුණු උවදුර මර්දනය කරන ලෙසත්, සියලු සුබ සාධන කටයුතු වලට වහා විසදුම් ලබා දෙන ලෙසත් සියලුම සිසුන් ට නේවාසික පහසුකම් ලබා දෙන ලෙසත්, කළමනාකරන පීඨයට අවශ්‍ය කථිකාචාර්යවරුන් ලබා දෙන ලෙසත්, සම සෞඛ්‍ය පීඨයේ සියලු අධ්‍යාපන හා සුබ සාධන ගැටළු වහා විසඳා දෙන ලෙසත් ඉල්ලූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් පැටවුනේ නිවාඩු දවසක වතුර ටිකක් උණු කරලා තම තමන්ගේ ඇදන්, පුටු වලට දාගන්න. එතකොට මකුණු ටික මැරෙනවා. අනේ මෙහෙමත් බබාලා (ම)
ප්‍රසන්න, දහස් ගනන් නේවාසිකාගාරවල හිටියට එක් අයකුට එක් ඇදකුයි මෙටිටයකුයිනේ තියෙන්නේ ඉතිං ඒක මොන විදියකින් හරි පිරිසිදු කරගන්න බැරිද, (ම)
පසන්න, දහස් ගනන් නේවාසිකාගාරවල හිටියට එක් අයකුට එක් ඇදකුයි මෙටිටයකුයිනේ තියෙන්නේ ඉතිං ඒක මොන විදියකින් හරි පිරිසිදු කරගන්න බැරිද, (ම)
ලැජ්ජාවේ පණ යනවා මේවට? මෙහෙම උපාධි අපේක්ෂකයෝ ඉන්න රටකද අපි ජිවත් වෙන්නේ? තව ටික දවසකින් අනුන්ගේ වහලා ඉන්න කෘමි සතුන් ටික ඉවත් කරලා දෙන්න කියල රජයට බලකරලා උද්ඝෝෂණ කරයි. ලජ්ජා නැතිකම දැන් මෝඩ කමටත් වඩා දරුණු වෙලා වගෙයි. (බ)
මකුණු වදයට පිළියමක් අවශ්‍යයි (නි)
මේකේ කොමෙන්ට්ස් දාන හුග දෙනෙකුට පේරාදෙණිය හොස්ටල් ගැන කිසිම අවබෝධයක් නැති බව තේරෙනවා . ඒ අය හිතාගෙන ඉන්නේ ගෙදරක මකුණෝ ශුද්ද කරනවා වගේ කරන්න පුළුවන් කියල . එක හොස්ටල් එකක ළමයි 500 - 600 ඉන්නව . මෙට්ට කොට්ට 500- 600 එළියේ දානවා කියන එක ප්‍රයෝගික දෙයක්ද . කොහෙද ඔච්චර ඉඩ තියෙන්නේ . ගලහා පර දිගේද වේලන්නේ .අනික මෙට්ටවල මකුණෝ බෝ උනාම සුද්ද කරන්න බෑ . මොකද බිත්තර තියෙන්නේ ඇතුලේ . මුළු මෙට්ටේම පෙගෙන්න උණුවතුර දාන්නද කියන්නේ ?.(බ)
බොරුවට කෑ ගහන්නේ, සුද්ද කරගන්න බැරිද කොට්ට මෙට්ට? (නි)
මෙයාලා මේ ගත් තීරණය එච්චර හොඳ එකක් නෙමෙයි වෙන්න ඇති. ඒත් සිසුන් 5600කට තියෙන හොස්ටල් 17ක මකුණො ඉවත් කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඕක තනියම අයින් කර ගන්න පුලුවන් නම් මෙහෙම උද්ඝෝෂණ කරන්න ඕනෑ නැහැ. (නි)
කෑවම වේදනාව දන්නේ ළමයින් විතරයි (ම)
මමත් කැම්පස් ගිය කෙනෙක් හැටියට කියන්නේ ඔය ළමයි කවදාවත් ශ්‍රමදානයක් දාල කැම්පස් එක සුද්ද කරලා තියෙනවද? කැම්පස් එකට තීන්ත ගාන්න කීයක් හරි එකතු කරලා දීල තියෙනවද? (ම)
මෙවැනි කාරණා වලට උද්ඝෝෂණය කරන එකේ වරදක් මා දකින්නේ නැහැ. ඒ වගේම “රටේ ජනතාවගේ දහදිය මහන්සියෙන් ලබාදෙන නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනය ගනිවු! පිස්සු නැටීම නවතා මහන්සියෙන් උගනිවු!" කියලා මිනිස්සු පෙළපාලි යන තැනට වැඩේ නොකරගන්න එකත් ඔයාලගේම වගකීමක්. (නි)
මේවා දැකලා මට හිනහා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැහැ (නි)
පොඩ්ඩක් හොයලා බලන්න විශ්ව විද්‍යාලවල ළමයි සමාජයට කොපමණ සමාජ සත්කාර කරනවද කියල.එතකොට තෙරිවී.මොකද දේශපාලකයෝ වගේ පෝස්ටර් ගහගෙන ඒවා කරන්නේ නැහැනේ. (කෞ)
ෆොන්සේකා මහත්තයෝ ඔය කැම්පස් ගිය කාලේ තීන්ත ගන්න සල්ලි එකතු කරලා දුන්නද ? ශ්‍රමදාන දාල සුද්ද කළාද?(බ)
අපිත් බැරිම තැන තමා පාරට බැස්සේ. අවුරුදු ගානක් තිස්සේ මෙම ප්‍රශ්නය තියෙනවා. කාටවත් කියන්න බැහැ. මකුණො මර්දනයට මොකුත්ම නොකර අපි උඩ බලා ඉන්නවා කියලා කියනවා. මකුණො කන අපිටනෙ අමාරුව තියෙන්නේ. උණු වතුර වත්කරනවා, මෝර්ටීන් ගහනවා. මොනවා කළත් වැඩක් නැහැ. බැරිම තැන තමා පාරට බැස්සේ. තේරුම් ගන්න බලන්න (නි)
අපිටත් ඔය ප්‍රශ්න තිබුණා. අපි මකුණන්ට බෙහෙත් ගෙදරින් අරන් එන්නේ. ලැජ්ජයි මල්ලි (නි)
මොන විහිලුවක්ද - මකුනෙක් මරාගන්න ශිෂ්‍ය සටන් (බ)
ලංකාවේ බොහොමයක් දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා බොහොමයක් අදහස් වල කුහකත්වය සහ ඊර්ෂ්‍යාව ගැබ්වෙලා තියෙනවා. මේවගේ වෙලාවට විශ්ව විද්‍යාල සිසුවන් පහතට දාලා සියුම් සතුටක් ලබනවා. සමහරුන්ට මේ වගේ දේවල් ගැන දැනීමක් නැහැ. මේ වගේ ශිෂ්‍ය නේවාසිකාගාර, හිර ගෙවල් වගේ තැන් වල කෘමි වසංගත, බෝවෙන රෝග පැතිරීමේ හැකියාව වැඩියි. ඒවාට තිබෙන විද්‍යාත්මක විසඳුම් ගැනීම පාලන අධිකාරියේ වගකීමක්. දහස් ගණනක් ජීවත්වෙන නේවාසිකාගාරවල කොට්ට මෙට්ට අවුවට දාන එක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි (නි)
මේ ළමයින්ට වෙන වැඩක් ඇත්තේම නැද්ද?(හේ)
විලි ලැජ්ජයි! නිකන් හැමදේම දෙන නිසා වෙන්න ඇති මේ සෙල්ලම්. මකුණෙක්වත් වඳ කරගන්න බැරි කොටසක්ද මේ උගතුන් කියලා රටට බිහිවෙන්න යන්නේ? වටිනා කාලය කා දමමින් පෙළපාලි යන වෙලාවේ කට්ටිය එකතුවෙලා ඇඳන් මෙට්ට ටික එළියට අරන් ගසලා දාලා උණු වතුර ටිකක් දාලා ඇඳන් ටික හේදුවා නම් ඉවරනේ (නි)
මේකට කුමක් හෝ පිළියමක් ලබා දෙන්න.(හේ)
මකුණ අපිරිසිඳු කම නිසා බෝවෙන සතෙක්.(හේ)
මෙයාලද ලංකාවේ සරසවි සිසුන්? (නි)
තියෙන කම්මැලිකම. තම තමන්ගේ ඇඳුම් ටික, කොට්ට,මෙට්ට ටිකත් දෙමව්පියන් ඇවිල්ලා හෝදලා දෙනතුරු බලා ඉන්නවා ඇති. (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විදෙස් රටවලට රැකියාවට යන අයගෙන් සහ එම දැනුමෙන් අධික ලෙස රට තුල උපයන්නන්ගෙන් අධ්‍යාපනයට දුප්පත් රටවැසියන් ගෙවූ මුදල බදු ක්‍රමයකට ලබාගෙන නැවත අධ්‍යාපනයටම යොදවන්න.(කෞ)
මුන්ට වෙන වැඩක් නැද්ද මන්ද (කෞ)
පිරිසිදුව සිටීමෙන් මෙය පාලනය කළහැක. සතියකට දවසක්වත් කොට්ට මෙට්ට අව්වේ දමන්න. (නි)
මකුනෙක් මරාගන්න බැරි උපධිකාරයෝ ටිකක්නේ මුන්. මේ වගේ අය ලොකු තැන් වලට ආවමත් ඔහොමමයි (බ)
දයා, ඔයාට ඕව තේරෙන්නෑ. කැම්පස් ගිහින් හොස්ටල් ඉදල මකුනොත් එක්ක ඉදපු අය තමා ඒකෙ අමාරුව දන්නේ. (බ)
පොල්ලක් අරන් ගේට්ටුව ළඟ හිටියානම් ඔක්කොම මකුණෝ අල්ලගන්න තිබුනා.(හේ)
ඔය විරෝධතා පාගමන් වලට නාස්ති කරන කාලය සහ ශ්‍රමය යොදා දවසකින් ඔය සියලුම නේවාසිකාගාරවල සිටින සියලු මකුණන් තුරන්කර දැමිය හැක. අනේ අපේ උගත් පරපුරේ බුද්ධිමත්කම! (නි)
මකුණු නිදහසට වැට (හේ)
අනිත් රටවල් වල ළමයින්ට මකුනේක්වත් ලැබෙන්නේ නැහැ. ඔක්කොම උසස් අධ්‍යාපන වියදම් තමන්ම කර ගන්න ඕන. හැම දෙයක්ම රටෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලන් අඩු ගානේ සමාජයට , ප්‍රජා සත්කාරයක් හෝ ස්වෙච්චා සේවයක් කරනවාද ඉගෙන ගන්නඅතරේ, ? (හේ)
නිදහස් අධ්‍යාපනය හිමි විය යුත්තේ යම් තීරක අඩු අාදායම් ලබන්නන්ට පමණි. ඉතිරි අය තම පවුලේ අාදායමට අනුපාතව ගෙවීමක් කරන ක්‍රමයක් ඇති කළ යුතුය. සෞඛ්‍ය සේවය සම්බන්ධවද මෙවැනිම ක්‍රමයක් අනුගමනය කළ හැකිය.(බ)
මකුණෝ මරන්න උණු වතුර ටිකක් දාන්න. නැත්නම් කොට්ට මෙට්ට දවසක් අව්වේ දාලා තියන්න. පොතේ දැනුම තිබුණට මදි මොළේ නැත්නම්. විහිළුවක් වෙන්න එපා සමාජය ඉස්සරහා (නි)
දැන් මකුණෝ අයින් කරන වැඩෙත් රටේ අනිත් මිනිස්සු කරලා දෙන්න ඕනද ? තව මොනවද අතට පයට ඕන ? (බ)
පුටු මකුණෝ වැනි සතුන් ඇතිවෙන්නේ කොට්ට මෙට්ට අවුවේ නොදමිමත් අපිරිසිඳු කමත් නිසා , මේකට විසදුම උද්ගෝෂණ කිරීම නොව ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ උපදෙස් ලබාගෙන තම නේවාසිකාගාර පිරිසිඳු කරගැනීමය , උද්ගෝෂණ කිරීමෙන් මකුණන් පලා නොයේ . මේ ගොල්ල ලෑස්තිවෙලා ඉන්නේ හැම එකටම උද්ගෝෂණ කරන්න බලාගෙන (බ)
මේ ළමයි පිකටින් කරන වෙලාව තුළදි තමන් නිදාගන්න ඇඳන් ටික හොඳට සුද්ධ පවිත්‍ර කරගෙන මකුණන්ට පාවිච්චි කරන බෙහෙත් ටිකක් දාලා දවසක් මහන්සිවෙලා පිරිසිදු කර ගත්තොත් නරකද? මේ අය හරිම ලෙහෙසි ක්‍රමයක් හොයාගෙන. හැම එකටම පිකටින් (නි)
මේක සමහරවිට විජාතික කුමන්ත්‍රණයක් වෙන්ඩ පුළුවන්. (බ)
හැම දාම ගද යන්න නාල පිරිසිදුව රෙදී හෝදලා ඉන්න පුරුදු වෙනවා. අැද ඇතිරිල්ලක් හත් අවුරුදකට වත් හෝදන්නේ නැති වුනාම මකුණෝ නෙමෙයි අලිත් බෝවෙනවා. ඔය උද්ගොෂණ කරන වෙලාවේ හොස්ටල් එකේ බඩු ටික එලියට දාලා පිරිසිදු කරලා අරගෙන ඉන්නවා බලන්න අපේ බදු මුදල් කන්නේ නැතුව. කක්කුස්සි යන්න පුළුවන් තනියම පස්ස හොද ගන්න බැහැ වගේ වැඩක් තමයි මේක. තමුන් උගතුන් යයි හිතා ගන්න පිරිසක් විසින් ලෝකය හිනැස්සිම. (බ)
අහන්නත් ලැජ්ජයි දරුවනේ.මේක රෝහලක සිටින ලෙඩ්ඩු කිව නම් ප්‍රශ්නයක් නැත.මොකද එ් අය ලෙඩ්ඩු නිසාත් බාල මහලු වසයෙන් නොයෙක් වයස් කාණ්ඩවලට අයත්වන නිසාත්.නමුත් තරුණ ජවසම්පන්න ඔබට තම තමන්ගේ ඇඳේ සිටින මකුණෝ විනාශ කරගන්න බැරිනම් මේ රටට අනාගතයේදී කාගෙ පිහිටද? (බ)
මෙතන කමෙන්ට්ස් වල එක එක කතා කීවට ඕකේ හිටපු අපිනේ දන්නේ අමාරුව. මම අන්තිම අවුරුදු 2ම නිදා ගත්තේ බිම. මකුණෝ වසංගතයක් කිවම, ඒ එකෙක් නෙවෙයි. එක මෙට්ටෙක ඉන්නවා 100ක් 200ක්. ලංකාවේ කැම්පස් ගිය ළමයි ගැන මාර ඉරිසියාවක්නේ තියෙන්නේ සමහරුන්ට. කිසි ප්‍රශ්නයක් නෙතුව ඉගෙන ගන්න තියනවනම් ළමයි පාරට බහින්නේ නැ. (බ)
නිකන් අධ්‍යාපනය දුන්නනම් මේක තමයි වෙන්නේ (ම) .
මකුණොයි උකුණොයි එක්ක සාකච්ඡා කරන්න. හමුදුරුවරුනේ සත්ව අවිහිංසාව අගය කරන්න. (බ)
අපටත් ඔය ප්‍රශ්නේ තිබ්බ එක නිවාඩු දවසක ඔක්කොම එකතුවෙලා ෆුල් සුද්දයක් දැම්ම එකෙන්ම ඔය කරදරේ ඉවර වුණා අපරාදේ අපට ඒ කාලේ මේක කරන්න තිබ්බේ (ම)