බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිසිය හා දේශපාලඥයන් ඡන්ද නීති රැකීමට සහයෝගය දෙන බව පෙනේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බදුල්ලේදී පැවසීය. ‘‘ඡන්ද නීති බලගැන්වීමට පොලිසිය උපරිම ලෙස උත්සාහ ගන්නවා.
දේශපාලඥයන් ඊට සහයෝගය දෙන බව පෙනුණා. ” බදුල්ලේ පොලිසියට, දේශපාලඥයින්ට හා මහජනයාට ඔහු ස්තූතිය පළ කළේය. මොනරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය කෙසේදැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසූයේ තවම ඒ පැත්තේ නොගිය බවයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැකෝගෙන් බදුල්ලට මල් මිටක්
නිමල් රාජපක්ෂ Tuesday, 09 September 2014 09:26 AM
චාමි, ඔබ නොදන්නා මැකෝ. ඔහු පවතින රජයේ නිලදාරියෙක්. ඒ නිසා ඔහුට සිදුවෙනවා පවතින රජයට පක්ෂපාති වෙන්න. අපේ රටේ මැතිවරණ කොමිසමක් නැහැ. මැතිවරණ පවත් වන්නේ පවතින ආණ්ඩුව ඒ නිසා මෙවැනි සුළු සිදුවීම් සිදුවන්නේ. බලන්න ඉන්දියාව මැතිවරණ කොමිසමක් තිබුනත් මොන තරම් දේ වෙනවද (නදී)
සමීර Tuesday, 09 September 2014 01:39 AM
විදායක ක්‍රමය තියෙනකල් මේ වගේ නිලදාරීන් අසරණයි. අචිනි කියනවා වගේ ජීවිත හානි 20 ක් උනත් කියන්න වෙන්නේ සාමකාමී කියල තමයි. (නදී)
චමී Tuesday, 09 September 2014 02:31 AM
අපි නොදන්න මැකෝ! (නදී)
ගාමිණී සිරිවර්දන Monday, 08 September 2014 09:52 AM
අපිත් බලමුකෝ මැ.කො. ත් මල්මිටත් වැඩ කරයිද කියලා (නි)
සේන Monday, 08 September 2014 09:57 AM
අනේ මන්දා කව්රු ඇත්ත කියනවාද කියලා තේරුම් ගන්න බැහැ (නදී)
අචිනි Monday, 08 September 2014 10:07 AM
ජීවිත හානි 20 පමණ හැරුණු විට සර්ව සාදාරන හා ඉතා සාමකාමී මැතිවරණයකි. මට නිකන් පිස්සු වගේ (නදී)
ධම්ම Monday, 08 September 2014 10:16 AM
මොණරාගලත් ගිහිල්ලාම බලන්නකෝ සර්. (නදී)
මහේෂ් Monday, 08 September 2014 10:54 AM
මැකෝට ජයවේවා! (නි)
වසන්ති Monday, 08 September 2014 11:16 AM
මැකෝ හරියට අවංකව හිටියොත් මමත් දෙනවා මල්මිටක්. (නි)
ඇන්ඩෝ Monday, 08 September 2014 01:09 PM
මල් මිටක් කිව්වේ..? තණමල්විල ඔය පැත්තේ නිසා අහන්නේ. (නදී)
අශෝක Monday, 08 September 2014 01:21 PM
මැකෝ කොච්චර උඩ පැන්නත් අහවල් කෙනා ගහන පදේට තමයි නැටුම. (නදී)
ප්‍රනාන්දු Monday, 08 September 2014 01:36 PM
මැකෝ තුමනි, ඔබ තුමා කෙලින් හිටියොත් මොනරාගල පාලනය කල යුතුයි. චන්දෙ දවස වෙනකන් ඉංඩ එපා, මේ තත්වයෙන් ගියොත් මිනිස්සුන්ව එදාට වෙඩි තියලා බය කරනවා. ඉහල පෙලේ මහත්වරු සමග සාකච්ඡා කොට ජනතාවට සාදාරනය ඉටු කරන්ඩ ඔබ තුමාට හැකිවේවා. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි නේද මහ්තයෝ. (නදී)
ඉසුරන්දි Monday, 08 September 2014 01:36 PM
පොලිසිය දේශපාලකයෝ නෙමෙයිනේ ගහ මරා ගන්නේ. ඔය නිකන් බත් පතට 50 ට 100 ට වැඩකරන අයනේ කරන තරමක් කලබල කරන්නේ. (නදී)