මැතිවරණ රාජකාරි වගකීම් පැහැර හරිමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය සේවකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙවර මහමැතිවරණය සඳහා මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරුවරුන් සහ පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් එක් ලක්ෂ 50,000 පමණ සේවයේ යෙදී සිටිති.
මැතිවරණ පනත අනුව කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරින්ට අවුරුදු 3ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන්නේ සොච්චම් දීමනාවක්, හරියට පහසුකම් දෙන්නේ නැහැ. නිදිමරාගෙන් රාජකාරි කලාට වැඩක් නැහැ කියලා හිතලා වෙන්න ඇති යන්නේ නැත්තේ (ම)
ගයන් ඔයා හරියටම හරි. අපි නිදි මරාගෙන දාඩිය පෙරාගෙන මුළු කාමරේ අහුරලා හුලන් බින්දුවක් නැති තැනක මැරීගෙන කරන දේවල් කාටවත් අගයක් නෑ. අපෙන් රාජකාරිය කරගත්තට පස්සේ අපි ඉන්න ඕනේ පාරේ යන බස් එකක් එනකන් වරු ගණනක් පාරේ ඉඳල අතෙන් සල්ලි වියදම් කරගෙන. අන්තිමට අපට හම්බුවෙන්නේ හුරං කන්නවත් මදි මුදලක් , මැකෝ නඩු දාන්න ඕන අපට නොවේ අපට සොච්චමක් දෙන උන්දැලට (නදී)
ඇයි නරකද ඔලුවටම වෙඩි තියන්න කිව්වා නම් (නදී)
උසුළු විසුළු සිනහවකින් මුව සරසාගෙන සිටියත් මැකෝ ඔබ අපට ජාතික වීරයෙකි. මොහුට ආතතිය හැදෙන්නෙත් නෑ හදන්ඩත් බෑ. මෙතුමා කාටවත් බයත් නෑ බය වෙන්නෙත් නෑ. ඔබට මගේ උපහාරය (නදී)
මැකෝගේ නිර්භීතකම රටට ශක්තියක් (නි)
නීති ඔක්කොම රජයේ සේවකයන්ට පමණක් සීමාකරන්න නම් එපා. (නි)
හැම මැතිවරණයකදීම අපක්ෂපාතව රාජකාරි කල බවට රාජ්‍ය සේවකයන්ට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක්.(නදී)
ටෙන්ඩර් මගඩි, මුල්‍ය වංචා චෝදනා ඇති දුෂිත යැයි චෝදනා ඇති දේශපාලුවන් කී දෙනෙක්ව විරුද්දව දඩුවම් දුන්නද ? සෙට් එක එකතුවෙලා නීති හදලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ටද ? මුල්‍ය වංචා චෝදනා , මැතිවරණ නීති කඩන දේශපාලනයේ යෙදෙන්නන් හුරතල් කරනවා. (නදී)
මැතිවරණ සමයේ නිතිය හැමදෙනා වෙනුවෙන්ම නිවැරදිව ඉටු කරන්න. (නදී)