(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් කළ ඉල්ලීම යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද ( 1) එකඟත්වය පළ කළේය.
මැතිවරණ කොමිෂන් සභාව කළ එම ඉල්ලීම පාර්ලිමේන්තුවට යෝජනාවක් හැටියට ගෙන එන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට නොහැකි නම් එය යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා පැවසුවේය.
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැදිහත් වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ මුදල් ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර බේරා ගන්නා ලෙස දැනුම් දී ඇති බව එහිදී ප්‍රකාශ කර ඇති කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා මැතිසබය අමතමින් පැවසුවේද පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර ගැටලුව විසඳා ගන්නා ලෙස බවද සඳහන් කර ඇත.
ඒ අනුව මේ ඉල්ලීම කතානායකවරයාට කිසිසේත්ම බැහැර කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවෙන් ඊට විසඳුමක් නොලැබෙන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවත් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පස්වරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනාව පාර්ලිමේන්තුවේදී නිකන්ම පැරදෙනවා නේ .ඉතින් චන්දය නිකන්ම හබක්
පනත පරාජය කිරීමට අත උස්සන්නේ පොහොට්ටුවට ගැතිකම්කරන එලොවටත් මෙලොවටත් වැඩක් නැති අලියගේ නැට්ටෙ එල්ලිලා ඉන්න අර කට්ටියයි.
මෙය නීත්‍යානුකූල ඉල්ලීමක් වන අතර මුදල් අමාත්‍යවරයාට මුදල් නිදහස් කළ හැක්කේ 2023 අයවැය අනුමත කර ඇති කාලය නාස්තියකින් තොරව ප්‍රතිපාදන තිබෙන බැවිනි.
අන්න ඒ අදහස හොඳයි.. ජාත්‍යන්තරයට රනිල් බයයි...