සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ වැල්ලවත්තේ ශ්‍රී ලාංකික යුවළේ පිරිමියාගේ මළ සිරුර හමු වී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.
පසුගිය 24 වැනිදා මේ අනතුර සිදුවිය.
එම ලාංකිකයා ගේ සිරුර සෞදියේදී මිහිදන් කිරීමට කටයුතු යොදා ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අතුරුදන් වූ කාන්තාව සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ. මේ දෙදෙනා වැල්ලවත්තේ පදිංචි යුවළකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරම් (බ)
සිදුවීම ගැන ඉතා කණගාටුයි. ඒත් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කිව්වේ ලංකාවේ කාටවත් අනතුරක් නෑ කියලනේ. (හේ)
පවු.! අන්තිම වරට නෑදෑ හිතමිතුරෙකුටවත් බලාගන්න බැරි උනානේ ඔවුන්ගේ අවසන් කටයුතු. (ර)
කාන්තාව නිරුපද්‍රිතව හමුවෙන්න ඕන. මෙය කණගාටුවට කාරණයක්. (ර)
එතුමියට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා.! (ර)
කණගාටුදායක පුවතක් (නි)
අල්ලාහ් දෙවි පිහිටෙන් අතුරුදන් වූ කාන්තාව කරදරයක් නැතුව හම්බ වේවා. (ර)
ලංකාවේ හිටිය නම් අපේ හතරවරම් දෙවිවරු හරි බලා ගන්නවා. දැන් පේන්නේ නැද්ද ගෘහ සේවිකාවෝ හැටියට යන අපේ කාන්තාවන්ට වෙන දේවල්. (බ)
දෙදෙනාටම නිවන් සුව ලැබේවා.(හේ)
දුක තමයි මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්න.(හේ)
දේව කැමැත්තට පිටින් කාටවත් යන්න බැහැ! (හේ)
අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, නිරුපද්‍රිතව නැවත අපරටට යාමට හැකි වේවා. (අ)