පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ එක්සත්ජාතික පාක්ෂිකයකුගේ ගෙවත්තේ කුරුළු කූඩුවක සිටි මැකෝ ගිරවුන් දෙන්නා සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
හිටපු පළාත් සභා ඇමැතිවරයකු වන ගෙහිමියා කතරගම ගොස් සිටියදී මේ සොරකම සිදු වී ඇත.
ගේට්ටුව අසල තිබු සෙරප්පු ජෝඩු දෙකක ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ නිවසකට ද අසල කැලැවකට ගිය බවද පොලීසිය කියයි.
ගිරවුන් දෙනොගේ වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වන්නට ඇතැයි දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ අම්බලන්ගොඩ මේ වචන දෙක දැක්කම මම හිතුවේ මැතිවරණ කොමසාරිස් ගැන තමයි ප්‍රවෘතිය කියලා. මැතිවරණ කොමසාරිස් අම්බලන්ගොඩ කෙනෙක් නිසා. (නදී)
මමත් බැලුව මොකක්ද මේ මැකෝ කියන්නේ කියලා. එකපාරටම වෙන වෙන අදහස් ඔලුවට අාවේ ඒ නම දැක්කම. (නදී)
දැන් ඉන්න ඔක්කොම ගිරවු වගේ තමයි. (නි)
ඔය අහිංසක සතුන්ට දකුණු ඇමරිකා වල කණ්ඩායම් වශයෙන් සන්තෝෂයෙන් ඉන්න දෙන්නෙ නැතුව ලංකාවට ගෙනවිත් කූඩු කරලා දුක් දෙනවා (නි)
කීර්තිමත් ග්‍රේරෝට ලජ්ජා හිතෙනවා ඇති. මෙච්චර කල් මිනීමරුවෝ අල්ලපු මට දැන් එක එකාගේ කුරුල්ලෝ හොයනත් සිද්ද වුනානේ කියල. (බ)
කොමසාරිස් කාර්යාලයේ මැකෝවත් උස්සලාද දන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න (බ)
සමහර පාක්ෂිකයොත් මැකෝ ගිරවු වගේ තමයි. ඔහේ කියවනවා. වැඩක් නැහැ. (නි)
ග්‍රේරෝ හරිම දක්ෂයෙක්නේ! (නි)
ඇත්තටම මටත් හිතුනේ බැකෝ එකක් නැතිවෙලා කියලයි (නි)
මම මුලින් හිතුවේ පළාත් සභා ඇමතිතුමෙකුගේ බැකෝ එකක් උස්සලා කියලා (නි)
දේශපාලුවන්ගේ කුඩු අල්ලන්නත් ග්‍රේරෝගේ සහය ලබාගත්තා නම් හොඳයි. (නි)
ගිරවුන්ටවත් දැන් පාඩුවේ ඉන්න දෙන්නෙ නැහැනේ අපේ අයියලා? (නි)
අපේ මිදුලේ ඕනෑතරම් මැකෝ ගිරවු ඉන්නවා.කුරුල්ලෝ අල්ලනවාට බළලුන්ගේ කරේ පොඩි සීනුවක් දමන්න ඕනෑ නීතියේ හැටියට. නැත්නම් අයිතිකාරයාට දඩ වදිනවා. (නි)
ඔය ගිරවුන්ව අල්ලලා අහකට දාලා අලියෙක් දෙන්නෙක් ඇතිකරන්න. (නි)
ග්‍රේරෝට සුබ පැතුම්! (නි)