වන්නි දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වලදී තමන්ගේ ජනහමු වෙතට තමන් යාමට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් හා රහස් පොලීසියේ නිලධාරීන් සහභාගී වන බවටත් මැතිවරණ කොමසාරිස්වරයා තමන් පසුපසම සිටිමින් තම නිලධාරීන් ලුහුබැඳීමට ක්‍රියාකරන බව කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වවුනියාව තේක්කවත්තේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව අතහැර ගියේ ඔහු දෙවන වරට බලයට පත්වීමෙන් පසුව උතුරේ ජනතාවට වූ පොරොන්දු කිසිවක් ඉටුනොකළ නිසා බවත් රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමට මූලික හේතුව බොදුබල සේනා සංවිධානය සහ ඒ වටා එක්වුණු සෙසු ජාතිවාදී බලවේග බවත් ඇමැතිවරයා කීවේය.
‘මේ බොදු බල සේනාවන් ජාතිවාදි අදහස් දරමින් ක්‍රියා කරන කොට මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිම නීත්‍යානුකූල පියවරක් ගත්තේ නැහැ. ඒකෙන් මේ උතුරු නැගෙනහිර ජීවත් වුණු මුස්ලිම් කතෝලික ජනතාවට ආරක්ෂාවක් නැති බව අපට තේරුණා. අවසානයේ බොදුබල සේනාව මහින්ද රාජපක්ෂ මහත්තයට ජනාධිපතිවරණයේදී උදවු කරනවා කිව්වහම අපිට එතන ඉන්න බැහැ කියල තේරුණා. ඒ නිසා අපි එතුමාව අතහැරල මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සහාය දැක්වුවා ජනාධිපතිවරනයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජය යටතේ දියත් කළ දින සියයේ වැඩ සටහන තුළින් උතුරේ ජනතාවට මෙන්ම මුළුමහත් දිවයිනේම ජනතාවට විශාල වැඩ කොටසක් සිදු වුණා.‘
මේ සම්බන්ධයෙන් විමසූ විට ඡන්ද නීති හරියට ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම මැතිවරණ කොමසාරිස්ගේ අරමුණු බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තම එකම උත්සාහය බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු මොකුත්ම නොදන්නවා වගෙයිනේ කතාකරන්නේ. (නි)
අනේ මේ අපේ පැත්තේ කැලේක ගස් ටිකක් තියෙනවා කපල දාන්න එන්න පුලුවන්ද?(නදී)
මෙයා කිසිම වරදක් කරලා නැහැ. මෙයා කැලේ කැපුවේ නැහැ. (ම)
නීතියට අනුවම කටයුතු කරන බවට පෙනෙනවා නම් සොයා බලන්න දෙයක් නැහැ.එහෙත් පසුගිය දිනවල එසේ කටයුතු කළ බව පෙනුනේ නැහැනේ? කොයිකටත් විපරම වටී. (නි)
අනේ ඒක හරි. මෙයා මොකුත් දන්නේ නැහැ. (නි)
අපි බලමුකෝ ජනතාව ගන්නා තීරණය (නි)
මේගොල්ලෝ ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට පැන පැන රටට කරලා තියෙන විනාශය දැක්කහම පස්සෙන් පන්නල විතරක් මදි. විල්පත්තුව පාලු කරලා, ගස් කපලා අනවසරයෙන් ජාතිවාදී කොලනි ඇතිකරලා. මේවා අනාගතයේදී රටේ සාමයට, ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙනවා. අපිට මතකයි උසාවියට ගල් ගහපු හැටිත්. මේ වගේ අයට හැබෑවටම යහපාලනයෙන් දඬුවම් නැද්ද? (නදී)
ඒක එහෙම විය යුතුයි . මහත්තයෝ.මොකද ඔබ එතරම් හොදා.(බ)
ඔබ කොහොමද වෙනත් පක්ෂ වලට බනින්නෙ? ඔබ 100%ක් නිවැරදිද? (නි)
මෙයා මොකුත්ම නොදන්නා පුංචි ළමයෙක් වගෙයිනේ! (නි)
නීතිය කාටත් පොදුයි (නි)
මැතිවරණ කොමසාරිස්තුමාට අපේ උත්තමාචාරය! (නි)
බොදු බල සේනාව ගැන නම් කතා කරන්න ඕනෑතරම් අය ඉන්නවා. ත්‍රස්තවාදය බිහිකිරීමට උදව් උපකාර කළ අය ගැන කවුරුත් කතා නැහැ (නි)
තමන්ගේ අතේ වරදක් නැත්නම් කවුරු පස්සෙන් ආවත් බයවෙන්න දෙයක් නැහැනේ (නි)