පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිකුරාදා (14) මධ්‍යම රාත‍්‍රී 12 ට අවසන් වන බැවින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන ආකාරයේ කාර්යයන් සිදු කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.
මැතිවරණ ප‍්‍රචාරණය අවසන් වීමෙන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප‍්‍රචාරණ වලින් වැළකී සිටි යුතු බැවින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබද පැමිණිලි තමන් වෙත හෝ පොලිස් නිලධාරීන් වෙත පමණක් ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටී.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු කරන දෑ නීතියක් මඟින් නැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමසාරිස් මෙම ඉල්ලීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කියන දේම අහයි. (ම)
"දැලෙන් සුලන් බදිනට තැත් කරනු වැනී"කිව්වලු.(ම)
අපේ අය මේවා අහයිද? (නි)
මැකෝගේ ඉල්ලීම පරිදි හෙට සිට කිසි එකෙක් මාගේ ෆේස්බුක් පිටුවේ දමන වාර්තා කියවීමෙන් වළකින ලෙස ඉල්ලමි.(ම)
මැතිවරන කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි අප විසින් පේස්බුක් ගිනුම් වල පල කරන දේශපාලන ප්‍රචාරන දැන්වීම් හෙට සිට නොබලා සිටින ලෙස පේස්බුක් හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
අනේ මැකෝ ප්ලීස් මේකනම් කරන්න එපා , ඊට වඩා හොඳයි ඒ දවස් තුන අපේ අත් දෙක පස්සට කරලා ගැට ගහල ඇස් බැඳලා කන්න කට විතරක් ඇරලා තිබ්බනම් (බ)
මට එකක් තේරෙන්නේ නැහැ. එතකොට ප්‍රචාරය කරලා තියෙන එවුවට මොකද කරන්නේ...? (බ)