යාල වනෝද්‍යාන මායිමේ සිතුල්පව්ව යෝද කණ්ඩියේ පස්සරයාය ගෙදරක අඹ ගසකට නැඟ සිටි වළසකු නිර්වින්දනය කර බිමට ගෙන යාල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී නිලධරයෝ සමත්වූහ.
අද අලුයම දොර ළඟ කෙඳිරියක් ඇසී බලද්දී කාන්තාවක වළහා දැක ඇති බවත්, ඇගේ කෑගැසීම අසා වැසියන් එහි එද්දී වළහා අඹ ගහට නැඟ ඇති බවත් කියති.
කෑම සොයා ගිය මේ වළසා ගමට එන්නට ඇතැයි පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වලහෙක්. තවත් තැනක හාමුදුරුනමක්. ගිය සතියේ ටයි දමාගත් මහත්තයෙක්. බලාගෙන ගියාම පුදුම ගස් නැගිල්ලක්නේ තියෙන්නේ. (ස)
ප්‍රේමකුමාර.., කියන්න බලන්න ඔයාට තියෙන සුදුසුකම්..!!! ඇමතිකම ලබන්න තරම්....!!! (අ)
කිට්ටුව මීයක් තියෙන්න ඇති. ඒකයි වලස් හාමි ගමට එන්න ඇත්තේ. (නදී)
එතකොට මැරිලා වගේ නිදාගෙන හිටිය මේ වලසාගේ යහළු වලසා කෝ ...? (නදී)
වලහට හැංගෙන්න තරම් කොච්චර හයියෙන් කෑ ගහල ඇත්ද? (දී)
වලහට වඩා සැර ඇති ගෙවල් හිමි කාන්තාව (දී)
නියම වැඩේ දැන් කතාව වෙනස් කරලා කියලා දෙන්න පුළුවන් (දී)
තිලක්, ඒ යහළු වලසා මියක් කඩන්න ගිහින් අත ලෙව කන්න... (දී)
වලහත් චන්ද ලකුණක් හැටියට ගනීද දන්නේ නැහැ අලියට දැන් බැරි නිසා නේද? (දී)
මේක පුදුම වැඩක්නේ..මම මට හිතෙන දේ දැම්මම ඒක පලවෙනවානම් පැත්තක ඉන්න මේ වහන්සේලාට ඩොන් යන්නේ මොකද? මම කිව්වේ වලහට වෙච්ච දේ..ඒ ගැණු මනුස්සය වලහගේ දත් කුට්ටම දකින්න ඇති..එකේ තියෙන උල්දත් දැක්කම බය වෙන්නේ නැද්ද? කැ ගැහිල්ලට වලහත් බය වෙන්න ඇති..මම හිතුවේ එච්චරයි..එහෙම නොවුන කියල හිතෙනවනම් තමන්ගේ අදහස ලියන්න.. (දී)
අහල පහල නාන තියනවාද දන්නේ නැහැ (දී)
මේ කාන්තාව බය වෙලා කෑ ගැහුවේ නැත්නම් වලහගෙන් ගෙදර මිනිස්සුන්ට නැත්නම් ගමේ මිනිස්සුන්ට කරදර වෙන්න තිබුනා.., නේද...? (ස)
අලි මදිවට වලස්සුත් දැන් ගම් වදිනවා ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ(දිල්)
ඉස්සර වලස්සු දැකල මිනිස්සු ගස් නැග්ගේ ,එත් දැන් ? උන්ටත් තේරිලා රටේ වෙනස (දිල්)
අසරණ සතුන් එයාලගේ වනාන්තරයට කරදරයක් නොකර යවන එක ගොඩක් හොද. (දිල්)
අගය කළ යුතු දෙයක්.(හේ)
මේක හරි වැඩක්නේ එකෙක් බිමට බෑවට පස්සේ දැන් සේරම නගිනවා....(අ)
ගමරාලගේ අඹ වගෙයක් ..........හොරකම් කල වලස් හොරෙක් ....ගම මහගේ මෙය දුටුවා ......මුළු ගමටම කෑ ගැහුවා ,,,,,,,,,,,,,, අඹ ගෙඩියක් කඩා ගන්න .........හිතුනා ගහ උඩට යන්න,,,,,,,,,,,, , අඹ ගෙඩි නැහැ ගහ මුදුනේ.......කොහොමද බිමට බහින්නේ.........? (අ)
මම හිතුවා මුකුත් අසාධාරණයක් වෙච්ච වලසෙක් සාධාරණය ඉෂ්ට කරගන්න ගහ උඩට නැගලා උපවාසයක් කළා කියලා.(දිල්)
ගෙට වදින්න ආපු වලහෙක් දැක්කාම ඕනෑම කෙනෙකුට ඉබේම කෑගහෙනවා. ඔන්න මගේ අදහස. දැන් මේකටත් කාට හරි ඩෝන් යාවිද දන්නේ නැහැ. (ස)
මෙහෙම ගියොත් අපිට මේ වන සත්තු නැති වෙන කාලේ වැඩි ඈතක නැහැ (අ)
කාන්තාව බය වෙලා කෑගැහුවා ට වැඩිය සද්දෙන් ලංකා තිලක් බෙරිහන් දෙනවා නේද ? ඔබේ වටිනා අදහස් උපහාසයට ලක් කලේ කවුද තිලක්. ? මෙතන අදහස් පලකරන බවලතුන් ද ? (ස)
අලි මදිවට දැන් වලස්සු. (ස)
වලහා බය වෙන්න තරම් ඒ කාන්තාව කැ ගසා තියනවා. (ස)
ආනන්ද මල්ලි ඔබ ගැන මට ආඩම්බරයි. මම ලොකු අයියා. (ස)
වලස්සු දෙන්නෙක් ගමනක් යනකොට දේශපාලක තුමෙක් ඉස්සරහට එනවලු එක වලහෙක් මරුන වගේ බිම වතිරුනාලු.අනිත් වලහ දුවල දුවල ගිහිල්ල ගහකට නැග්ගලු .ඊට පස්සේ වෙච්චදේ තමයි මරු. (අ)
වලහා නොවලහා සිදුවූ දෙය පැවසුවා . (අ)
ලංකා තිලක් වැනි උදවිය කොහෙත් ඇත...වලියක් නැතිව පල කල අදහසක් නැත.(නදී)
අහල පහල නාන ලිදක්වත් තියනවද දන්නේ නැහැ (නදී)
කාන්තාවගේ ගිය ආත්මයේ ඥාතියෙක්ද දන්නේ නැහැ, මතක්වෙලා බලන්ට ඇවිත් ඇති. (අ)
ඔන්න මම නම් මෙතන ලංකා තිලක් මහතාට කේන්ති යන්න තරම් අදහසක් පල කලේ නැහැ.(නදී)
වලහා මිනිසුන් අතරට ඇවිත් .කලේ හොඳ බව තේරෙන්න ඇති.(දිල්)
වලහාට බිය වූ කාන්තාවට දැන් බිය නැතිව ගොස් ඇතයි සිතමි. ඒ අතරේ නවිනි ගේ කටට මසුරන් ද දමමි. (ස)
පිටිගලට වයස 150 දී විතර හොඳ ගීත රචකයෙක් වෙන ලකුණු පේනවා .ඔය හැකියාව හංගගෙන නොයිඳ දිගටම ලියන්න (දිල්)
අනේ මන්දා උදේ පාන්දර උඩ විසි වෙලා ඇහැ ඇරුනේ ලංකා තිලක් මහතාගේ කෑගැහිල්ලට. අර ගහ උඩට ගිය වලහා දැන් තවත් බය වෙලා ඇති. (නදී)
තිලක් ගේ කේන්තිය මෙතන අදහස් ලියන කාන්තාවන් ට තිබුනා නම් මෙලහකට එසැන පුවත් තීරය ගිනි අරන්. (නදී)
ගඩාපි ගමට ඇවිල්ල එකයි වලහ ගහට නැගල තියෙන්නේ බඩුමිල වැඩිනේ !(අ)
වන රක්ෂණය මීට වඩා හොදට කරන්න ඕනේ සත්තුන්ගේ වනාන්තර මෙට වඩා පුළුල් කරන්න ඔනේ (අ)
මෙන්න නවිනි ගේ කටට මසුරන් .(ස)
මේ කාන්තාව වලහ දැකලා කෑගහල වත් තියෙනවා. ඔය කට කයිවාරු ගහන අපේ උන්නැහෙ කෙනෙකු මෙයාව දැක්ක නම් දන්නෙම නැතුව සුළු දිය බානවා සිකුරුයි.(නදී)
කොච්චර උනත් වලහගේ ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන නැතුව ඌව නිර්වින්දනය කරපු එක නරකයි. ඇහුවනම් කියයි, දැන් උබලා අපේ වාසස්ථාන විනාස කොරනවා. අපිට ඉන්න හිටින්න තැනකුත් නැති වෙයි, අනාගතේ අපේ පරම්පරාව සුරකින්නයි මම ගහ උඩට නැග්ගේ. ඒ ඉල්ලීම් දෙනකන් බහින් නැහැ කියලා. (අ)
වලහාට ගස්නගින්ට කිවේ කවුද ටිකදවසකින් අලිත් ගස් .(අ)
තිලක්, කාන්තාවන් සමග පැටලෙන්නේ නැතිව ඔබට කිසිම අදහසක් ඉදරිපත් කරන්න බැහැනේ. (ස)
ලංකා තිලක් යනු බන්දුල පෙරේරා තුමා ම ය ...එය දැනගත්තෙ දැන් මේ යන වලියෙන්ය... (ස)
වලසෙක් වුණු එක හොඳට ගියා. අසරණ සතාට කැලයටම ආපසු යන්න ලැබුණා. බැරි වෙලාවත් අලි පැටියෙක් වුණා නම් කෙළින්ම ගිහින් නතර වෙන්න වලව්වේ හාමු කෙනෙකුගේ භවනේ තමා (දිල්)
ලංකා තිලක්, බවලතුන් නොහිටියානම් ඔබට පුවත් තීරය සඳහා කිසිම සංකල්පනාවක් පහල වෙන්නේ නැහැ නේද ? (ස)
ලංකා තිලක් මෙතන කෑගැහුවේ ඔබ මිසක් අනුෂ්කලා නෙවෙයි. ඔබ ඔය අදහස් ලියන්න ගිහින් මෙතන බවලත් උදවියට අනම් මනම් කිව්වට ඒ උදවිය තමන්ගේ පාඩුවේ ස්වාධින අදහස් ලියාගෙන ඉන්නේ. අනෙක ඔබේ කට වාචාලකම සෙසු පිරිමින්ටත් මදි කමක්. (නදී)
මේ කියන්නේ පාඨක කාන්තාවන්ට. ලංකා තිලක් ට බවලතුන් එක්ක තියන ජම්මාන්තර තරහ පිට කරන්න හදන්නේ උපහාස අපහාස කරලා පුවත් තීරයට ලියන එක නවත්වන්න. අහුවෙන්න නම් එපා.(නදී)
දැන් ලංකා තිලක් හිතාගෙන ඉන්නේ කාන්තාවන් මෙතන අදහස් ලියන එක නවත්වයි කියලා වගේ. (නදී)
වලසා නැති ගසට තිලකේ පණ්ඩිතයා. !! (නදී)
මෙතරම් කරුණාවෙන් බවලතුන් ගැන වද වෙන ලංකා තිලක් තුමාට වනිතා කටයුතු ඇමති තනතුරවත් දෙන්න තිබුනානේ. එහෙමනම් මේ වලහාට බය වෙලා කෑගහපු කාන්තාවගේ සහයටත් ඉස්සෙල්ලාම දුවගෙන යන්නේ තිලක් තමා. (නදී)
ඉස්සරහට හම්බෙන මිනිස්සු විශ්වාස නැති නිසා වලහ ගහට නැගලා.(නදී)
සතාගේ ජීවිතය බේරාදුන් සැමටම පින්. (අ)
මගේ අම්මේ මේ නෝනා කසාද බැඳලාද දන්නෑ. ස්වාමිපුරුශයාට මගේ සංවේගය!!!(නදී)
වළසෙක් නිසා සතුටුවුණු ු තරමක් වලසට පින් (අ)
ස්ථිරව මේ ගැණු මනුස්සය ගෙයි මුල්ලේ ලජ්ජා බයට හැදුනු යුවතියක් වෙන්න ඇති. වලහෙක් බය වෙලා ගහකට නගින්න තරම් කැගැහුවා කියන්නේ ආයේ දෙකක් නැහැ වලහගේ දත් ඔක්කොම දකින්න ඇති. (අ)
ඔය තිලක් කියල ලියන්නේ කවුද හිතා ගන්න පුළුවන් ලියන අදහස් වලින්, නම වෙනස් වුනාට ලියන වචන එකයි , එයා හරි කැමතියි බවලත් අයගේ වැරදි කියල එයාගේ වැරදි වහගන්න..., ''අයියෝ සල්ලි කිවලු '' (අ)
කැල වැනසීමේ ප්‍රතිඵල. (අ)
කාන්ති කතා කරන්න එපා. වනිතා කටයුතු ඇමතිකම වෙන කාටවත් නෙවි මට (අ)
තිලක් කාන්තාවන් ගේ ලජ්ජා බය ගැන කතා කරන්න ගිහින් ඉගෙන ගත්ත පාඩම මතක නැහැ වගේ. (නදී)
කිසිම ස්වාධීන අදහසක් ලියා ගන්න බැරි කෙනෙක් මේ පාඨක සභාවේ ඉන්නවා. ලෙඩක් ද මන්දා ! (නදී)
මොකද තිලක් ඔබට කාන්තාවන් සමග තියන තරහ. ? මොන අදහස ලියුවත් ස්ත්‍රී සංහතියටම ඇනුම් පද කියාගත්ත ගමන්. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන අදහසක් ලියන්න කවද්ද මොලයක් පෑදෙන්නේ. (අ)
වලහා බය වෙන්න තරම් මේ ගැණු එක්කෙනා භයංකර ද? (නදී)
ගැණු කෙනා කෑ ගහපු කෑ ගැහිල්ලට වලහට ආත පාත නැති වෙන් ඇති.මර බයට ගහ මුදුනින් නතර වෙලා වගේ.නිරී වින්දනය කරලා ඉස්සෙල්ලාම බලන්න තිබුනේ කන් දෙක හොදින් තියනවද කියලා. (අ)
තිලක් මහත්තය මොකද මේ ගැහැණු උදවියට හරහට හිටින්නේ ? (අ)
පිටිගල වැනි ගීත රචකයෙකුට ඇයි ශ්‍රීලංකාව තුල තැනක් නැත්තේ? වලසෙක්ව උනත් දමනය කරන්න පුළුවන් ගී පද රචනයක් ඒක. (අ)
වලහට මේස් සපත්තු පුරුදු කරන්න වේවි. (ස)