ඉන්දීය පිල හමුවේ පරාජයන් වැලකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේ කාඞීෆ් නුවරදී හෙට (20 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේදී තමන් ඉදිරියේ ඇති අභියෝගය මැනවින් වටහාගෙන සිටී. එබැවින් අතීතය අමතක කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය දෙස බලන්නේ සුභවාදී ආකල්පයකිනි.
වසර 38 ක් පුරා දිවෙන ඉන්දු - ශී‍්‍ර ලංකා එක්දින තරග ඉතිහාසය ආරම්භ වන්නේ 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියෙනි. 1975 ජූනි 16 වැනිදා, මැන්චෙස්ටර් නුවරදී පැවැති මුල්ම තරගයේදී, එවකට ටෙස්ට් වරම් නොතිබූ ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූ නමුත් දෙරට අතර මෙතෙක් පැවැති එක්දින තරග 139 න් තරග 75 ක ජය හිමිවී ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි. ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 52 ක් පමණි.
වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීත් ඉන්දියාව හමුවේ පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැති තරග 5 කින් යුත් එක්දින තරගාවලියද 4-1 ක් ලෙසින් පරාජය විය. අනතුරුව මෙම ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සහභාගි වූ පෙරහුරු තරගයේදීද ශී‍්‍ර ලංකා පිල ඉන්දියාව හමුවේ පරාජය විය.
ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරග 4 ක් පරාජය වී තිබෙන නමුත් මහේල ජයවර්ධන පවසන්නේ ඒ සියල්ලම අතීතයක් පමණක් බවයි. එසේ නම් මහේලගේ අදහස වන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ හෙට පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගැනීමේ අවස්ථාව බවද?
කි‍්‍රකට් කී‍්‍රඩාවේ සාමාන්‍ය ස්වභාවය අනුව යම් දෙයක් එක දිගට සිදුවීමේ සීමාවක් මෙන්ම කිසියම් අනුපාතයක්ද තිබේ. එය තරංගයක් මෙන් ඉහළ පහළ යන්නකි. පිතිකරුවකුගේ සහ පන්දු යවන්නකුගේ සාර්ථකත්වයට මෙන්ම කණ්ඩායමක සාර්ථකත්වයටද මෙම න්‍යාය එකසේ බලපාන්නකි.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට සහභාගි වූ ඉන්දීය කී‍්‍රඩකයන් අතුරින් හෙට තරගයට සහභාගි වන්නේ නායක මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා සහ විරාට් කෝලි යන තිදෙනා පමණි. සෙසු කී‍්‍රඩකයන් සියලූ දෙනාම නවකයෝ වෙති.
කණ්ඩායමේ බහුතරය නවකයන් වුවද මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දීය පිලයි. මූලික වටයේදී දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය පිල සමත් විය.
කෙසේ වෙතත් වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග කෙරේ ශී‍්‍ර ලංකා පිල මහත් විශ්වාසයෙන් පසුවෙයි. පළමු වටයේ තරග 3 කදී ලකුණු 152 කට කඩුලූ 7 ක් දවාගෙන සිටින මාලිංගට ඕනෑම අවස්ථාවකදී තරගයක් කණපිට පෙරළීමේ හැකියාව තිබේ. නුවන් කුලසේකර මෙන්ම රංගන හේරත්ද පළපුරුදු පන්දු යවන්නෝ වෙති.
ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර් මහතා පවසන පරිදි සීමිත ඕවර තරගයක අවසන් ඕවර කිහිපය යැවීමට ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නාද ලසිත් මාලිංගය.
”අපි ඉතාමත් දැඩි තරගයක නිරතවෙලා ඉන්නේ. ඒත් ඒ කී‍්‍රඩාව කෙරේ ඇල්මක් ඇතිවයි......පසුගිය කාලයේදී අප ලබාගත් සාර්ථකත්වයේ රහසද එයයි. මා හිතන්නේ අප ඉදිරියටත් එසේම ඉඳීවි” යයි එක්දින ලකුණු 11,000 කඩයිම පසුකර සිටින මහේල ජයවර්ධන ඒ. එෆ්. පී. පුවත් සේවයට පවසා තිබිණ.
අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටි ඉන්දීය කි‍්‍රකට් ලෝලීන්ට ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වය මහත් පී‍්‍රතියට කරුණක් වී තිබේ. කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධ අභ්‍යන්තර ප‍්‍රශ්න තිබෙන නමුත් ඉන්දීය පිල සතුව හොඳ කී‍්‍රඩක පිරිසක් සිටිති.
”මේ අනාගතයේ කණ්ඩායමයි. ඔවුන් දැන් නිරතව ඉන්නේ නිර්භය කී‍්‍රඩා රටාවකයි” යයි 1983 දී ඉන්දීය පිලට ලෝක කුසලාන දිනා දුන් කපිල් දේව් ඒ. එෆ්. පී. පුවත් සේවයට පවසා තිබිණ.
”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා” යයි වඩාත් තැන්පත් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි පවසයි.
කෙසේ වෙතත් මෙම තරගයට බාධාවක් වුවහොත් ඒ වර්ෂාවයි. කාඞීෆ් නුවර පවතින වර්ෂාව නිසා තරග රැසකටම බාධා ඇතිවූ අතර එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ඕවර 24 කට සීමා විය.
කෙසේ වෙතත් හෙට තරගයේදී ලකුණු සමවුවහොත් ජයග‍්‍රාහකයා තෝරා ගැනීම සඳහා ‘සුපිරි ඕවරයක්’ යැවීමේ අවස්ථාවක් පවතී. එහෙත් වර්ෂාව නිසා තරගය අතහැර දැමීමට සිදුවුවහොත් පළමු වටයේදී වැඩි තරග සංඛ්‍යාවක් ජයගැනීමේ පදනම මත ඉන්දීය පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණය ලබාගන්නවා සත්තයි.අපේ සිංහ පැටවුන්ට ජය නියතයි. කණගාටුව පැරදෙන "නිහතමානී දෝනි" වැනි ඉන්දීය ක්‍රීඩකයන්ට ඉන්දියානුවන් ඉදිරියේ මූණ දෙන්න සිදුවෙන ආකාරය. (නි)
වඩාත් හිතන්න පුළුවන් ඉන්දියාව දිනයි කියලා. නමුත් ගිය අවුරුද්දේ සීරියස් එක මතකද ? අමාරු සටනක් ලංකාවට. පෙරහුරු තරගයේ ලංකාව අලුත් පෙරහුරුවක් ඉන්දියාවත් එක්ක කළා. 49 ඕවරය වෙනකම් දෝනි ට ගහගන්න බැරුව හිටියේ. පැරදුනත් හොඳ තරගයක් දුන්නොත් හොඳයි. (නි)
මගෙත් අදහස නුවන්ව හරි තිසරව හරි දිල්ශාන් එක්ක ආරම්භක පිතිකරුවෙක් විදියට එවනවා නම් හොදයි කියලා. කොහොම හරි හෙට තරගය දිනන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි! (නි)
නියත ජය අපිටයි! (නි)
හෙට තමයි ඉන්දියන් බුකීකාරයන්ගෙ මල්ල හිඳෙන්නෙ (නි)
මේකත් විකුනයි ද ?
මාලිංගට ඉන්දියාව හොදට බැට දෙනවා. ඒ වෙනුවට තිසර දාන්න. ශාමින්ද වෙනුවට සේනානායක ආදේශ කරන්න. තණ නිල්ල දගපනිදු යවන්නන්ට වඩා වාසියි. ඉන්දියාව දගපන්දු යවන්නන් 3 ක් දමාවි . (නි)
ඉන්දියාව කොහොම සෙල්ලම් කළත් අපි මැච් එක ගහලා ඉන්දියාව පරදවනවා. (නි)
ඔය කෑගහන එක් කෙනෙක්වත් පිත්තක් අරන් පිට්ටනිය මැද්දට ගිහින් තියෙනවද? අපේ කොල්ලන්ට ජයවේවා! (නි)
අද ශ්‍රී ලංකාව දිනනවා අනිවා ඡය වේවා..!(ස)
අපේ කණ්ඩායමට අවශ්‍ය ආත්ම විශ්වාසය පමනයි . දක්ෂකම් තියනවා. ලෝකේ තියන අහංකාර, උඩගුම කණ්ඩායම ඉන්දියාව. ඔවුන් අනිත් අයව හෙළා දකිනවා. මේ පාරත් මලයාලි ගුරුකම් කාරයෝ ගිහිල්ලද දන්නේ නෑ. එහෙම අය හිටියොත් අපේ ප්‍රේක්ෂකයෝ එයාල ගැන වගබලාගන්න ඕනා. අපේ කණඩායමට ජය පතමි.(නදී)
ඔයාලගේ විකාර අදහස් බැලුවා. ටීම් එකක් දින්නේ කණ්ඩායමේ උපරිම දක්ෂතා මත හා ක්‍රීඩාව කෙරෙහි තිබෙන්නාවූ උනන්දුව මතයි.(නදී)
ඉන්දියා ටීම් එක හෙට ඉන්දියා යන්න ටිකට් බූක් කරලාලු (නි)
ඉන්දියාව හමුවේ යලිත් වරක් පරාජය වීමනම් අපට ඉවසිය නොහැක. නමුත්, ඇත්ත කතා කරනවානම්, ඉන්දීය කණ්ඩායම අපට වඩා බලවත් බව අකැමැත්තෙන් වුවද පිළිගත යුතුය. මෙම තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම ඔවුන් වන අතර ඉන්දියාව පරාජය කිරීමටනම් අපේ සෑම අංශයක්ම උපරිම වශයෙන් තිබිය යුතුය. විශේෂයෙන්ම පන්දු රැකීම. වර්ෂාව නිසා තරඟය සම්පුර්ණයෙන් විනාශ නොවී අඩු ඕවර ගණනක් හරි ක්‍රීඩා කෙරෙත්වා යැයි පතමි.(නදී)
ලෝකේ අහන්කාරම ජාතිය තමයි ඉන්දියානුවන්. බංගලාදේශ් ,පකිස්තාන් නිහතමානී මෙයාලට වඩා මම අද්දැකීමෙන් කියන්නේ.(නදී)
මේ පාරත් ඉතින් අනිත් පාරවල් වාගේ තමා......(අ)
කාලයක් අපි ඔස්ට්‍රලියාව හමුවේ අනු ශුරයන් වුනා....මේ කාලේ ඉන්දියාවට.(නදී)
මේ කියන දේවල් නෙවෙයි. උඩ පන්දු රැකගන්න අපි වසන වන්ත වුනොත් තරගය දිනයි. වාසනාව ඉන්දියාවට නං කුමක් කරන්නද? (අ)
එක ක්‍රීඩකයෙක් මත බලාපොරොත්තු මහා පොදියක් තබන එක මෝඩ ක්‍රියාවක්.(නදී)
ඉන්දියාව දිනනු ඇත. (අ)
කපිල්දේව්යටතේ ඉන්දීය පිල ලෝක කුසලානේ දිනුවේ 1975 නොව 1983 වසරේ ලෙස නිවැරදි කරන්න .(අ).
දැන ක්‍රිකට් ලෝකේ ආධිපත්‍යය පවතින්නේ ඉන්දියාවයි. ඒ පීඩනයෙන් මිදිලා ආත්ම ශක්තියෙන් ක්‍රීඩා කරොත් අපිට දිනන්න බැරි නැහැ. ශාමින්ද අයින් කරලා සචිත්‍ර දානවනම් හොඳයි කියලයි මගේ අදහස.කෙසේ වෙතත් අපේ ටීම් එකට "ජය ශ්‍රී". (අ)
ඔව් මේක ඔවුන්ට ලැබෙන අන්තිම සහ හොඳම අවස්ථාව මේ අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන නොගතහොත් යලි ඔවුනට මෙවැනි අවස්ථාවක් තව බොහෝකලකින් උදා නොවනු ඇත.එබැවින් මෙය තරඟයට අවශ්‍ය වන්නේ දක්ෂ තාවය සහ ආත්ම විශ්වාසයි එය හෙට දිනයේදී ඔවුන්ට නොඅනුමානව ලැබෙනු ඇත.අපේ කණ්ඩායමට එකසිතින් ජය පතමි. (අ)
අද ශ්‍රී ලංකාව දිනනවා. කෝලිටයි දෝනිටයි හැමදාම ගහන්න බැහැ (නි)
කාලෙකින් බලන්න ලැබෙන,"ආසියාවේ මහා හටන " නමින් නම් කල හැකි තරගයක්,කණ්ඩායම් දෙකම උපරිම දක්ෂතා තලයක ඉන්නේ. තරමක පීඩනයක් ඉන්දියාවට තියෙනවා මට හිතෙන හැටියට. අපරාජිත බව රැක ගන්න ,තිරණය මොනවා උනත්, අපේ සිංහයන්ට සියලු දේම වාසනාව ගෙන දෙන දිනයක් වේවා! ක්‍රීඩා ලෝලී අප සැමගේ බලාපොරොත්තුව ඉටු වේවා.(නදී)
96 ලෝක කුසලානෙන් පස්සෙ මුලු ලෝකෙම හිතුවෙ වැරෙන් පහර දෙන දෙන්නෙක් ඔපෙන් දැම්මම සේරම හරි කියලා. ඒක හැම රටක්ම උත්සහ කළා.ඒත් ඒක සාර්තක වුණේ නැහැ. සනා කලු යුගල විතරයි ඒක කලේ.ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නැහැ. හයියෙන් ගහන කෙනෙක් දැක්ක ගමන් අපේ අය කියනනෙ ඔපෙන් ගස්සන්න කියලා.ආවොත් අවා ගියොත් ගියා කියලා කලින් ගස්සලා කලින් අවුට් වුනොත් පීඩනය මුලු කණ්ඩායමටමයි.අනික අපි ආස කරන ඒ ගැහිල්ල ගහනවා නම් ඒක කළ හැකි හොඳම දෙන්නා දැන් ගහනවා.ඒ දෙන්නව තේරුවෙ මුලු ලෝකෙටම ඔය ගැහිල්ල උගන්නපු අපේ සනා.. ඊට එහා තේරීමක් කරන්න ක්‍රිකට් ගැන අපි මොනවද දන්නෙ? (නි)
තිසරට ආරම්භක පිතිකරුවෙක් ලෙස අවස්ථාව දීල බලන්න කුසල් වෙනුවට.මොකද අවසන් තරංග ටිකේම කුසල් දැවී ගිය කලින්ම.ඩිල්ෂාන්ට තියෙන බර අඩු කරන්න තිසරව දාන්න.නුවන් කුලසේකරටත් කන්ට්‍රැක්ට් එක දුන්නොත් ආරම්භය කරන්න තිසරට පස්සේ එන්නත් පුළුවන්.පීඩනය දෙන්න ඉන්දියාවට.ජයවේවා කොල්ලන්ට තරඟයේදී මොනවා වුනත්. (අ)
T ලෝකෙම ඔට්ටු අල්ලනෙත් ඉන්දියාවට; බුකි කාරයෝ පරදින්න කැමතිත් නෑ; ඉන්දිය ව තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව ඉන්නේ එනිසා දිනන්නම ඕන; බලමු හෙට(අ)
දවසම වැස්සොත් හොදයි. එතකොට හත හදාගන්න පුලුවන්.(නදී)
ජය පැරදුම කාටත් පොදු දෙයක් 100% ශ්‍රී ලංකා ටීම් එක දිනන බව මට විශ්වාසයි. දෝනි නියත මානි නායකයෙක්. ඒ නායකත්වයට මම කැමතියි. හරියට අපේ කැප්ටන් කූල් වගේ.(නදී)
නිසල්, ඔයා තණනිල්ල දැක්කද? මැච් එක ගහන්නේ කාඩිෆ් වල. අපි නවසීලන්තයත් එක්ක ගහලා ඔන්න මෙන්න පැරදුනු ක්‍රීඩාපිටිය. මතකද මාලිංග කඩුලු 4ක් ගත්තා. මෙම තරඟාවලියේ මේ දක්වා පැවතුනු තරඟ 4න්ම වැඩිය කඩුලු අරන් තියෙන්නේ වේග පන්දු යවන්නන්. (නි)
ඉන්දියානුවන් අන්ත පරාජය කර අපේ කොල්ලෝ කුසලානය අරන් ලංකාවට එනවා අනිවාර්යයි (නි)
ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන්. බ්‍රහස්පතින්දා අපේ දවස. (නි)
හෙට ඉන්දියාවට අකුලාගෙන ගෙදර යන්න වෙනවා.සිදුවූ සියළු දේ අතීතයේ.ජය වේවා! (නි)