IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මේ වසර අවසන් වන තෙක් වැටුප් වැඩිවීම් නෑ

(අංජුල මහික වීරරත්න)

මෙම වර්ෂයේ ඉදිරි කාලයේ  රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන  ලෙස  වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී  අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළ අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි බව දැනුම් දුන්නේය.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත් මෙම වසරේ  නැවත වැටුප් වැඩිවීමක්  කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා කීය.



අදහස් (5)

මේ වසර අවසන් වන තෙක් වැටුප් වැඩිවීම් නෑ

ජයනාත් Thursday, 16 May 2024 11:27 AM

පඩි වැඩි නොකරට කමක් නැහැ . බාර් ලයිසන් දුන්නා ... වාහන පර්මිට් ටික දුන්නා ... ඒ මදැයි ... ආ.... ඡන්දෙත් එනවා නේ.. කමක් නැහැ .. හාල් බෙදුවා නේ.

:       0       7

NAMAL Thursday, 16 May 2024 11:40 AM

මේ වසර අවසානය වන තෙක් ඔයාලා ඉන්නෙත් නෑ .

:       0       8

ravin Thursday, 16 May 2024 02:41 PM

වැඩි කරන්නේ කොහොමද? ඔන්න තවත් මුද්‍රිතමාධ්‍යයකින් දැක්කා 225 රක්ෂණ ගාස්තු වැඩිකරලා එක පවුලේ උදවියත් ලබා දෙන්න කියලා ඉල්ලනවා කියලා.. පොදුජනයාට 225 නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ

:       0       5

මට මතක නෑ Thursday, 16 May 2024 03:00 PM

ඇයි එතකම් ඉන්නද කල්පනාව

:       0       2

Kazi Shajahan Thursday, 16 May 2024 04:08 PM

අමරවීරත් මේ අවුරුද්දේ ඔක්තෝබර් ඉදන්, පඩි නෑ, වැඩත් නෑ, හොරා කාපු සල්ලි වලින් තමයි ෂේප් වෙන්ඩ වෙන්නේ.. යන්තම් හිරේ යන්නේ නැතිව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site