IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති

වසර තුනකට පසුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කරට ගෙන යළිත් ටෙස්ට් පිටියට පිවිසි මහේල ජයවර්ධන ලෝකයේ අංක එක හිමි ටෙස්ට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය 1-1 ක් ලෙසින් සම කරගත්තේය. වෙනත් ආකාරයකින් කිවහොත් ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම හමුවේ තරගාවලි පරාජයකින් ගැලවුණේය. ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුව අනුව 6 වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙසේ ටෙස්ට් තරගායලියක පරාජයෙන් ගැලවුණේ පසුගිය මාස 12 ක කාලයේදී පිට පිටම ටෙස්ට් තරගාවලි 4 ක් පරාජය වීමෙන් අනතුරුවය. එකම තරගාවලියකදී ටෙස්ට් තරග දෙකකින් එංගලන්තය පරාජය කිරීමේ අගනා අවස්ථාවක් ගිළිහි ගිය නමුත් තරග දෙකකින් පමණක් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී තම කණ්ඩායමේ කී‍්‍රඩකයන් විසින් පෙන්වන ලද කැපවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායකයා සෑහීමට පත්ව සිටී. "අප දිගින් දිගටම සටන් කරමින් අවස්ථාවන් නිර්මාණය කරගනිමින් සිටියා. මේ විදිහට දිගින් දිගටම කී‍්‍රඩා කළොත් අපට දියුණු වෙන්න පුළුවන් වගේම තරුණ කී‍්‍රඩකයන් ඉදිරියට ගෙන යන්නත් පුළුවන්” -ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඒ ඇති” යයි කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය නිමාවේදී මහේල ජයවර්ධන පැවසීය. ඕවල් ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වූ නමුත් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල අපරාජිත විය. ටෙස්ට් වරම් ලබා වසර 30 ක් ගතවී ගියද, ශී‍්‍ර ලංකා කණ්ඩායම එකම ටෙස්ට් තරගාවලියක ටෙස්ට් තරග දෙකකදී එංගලන්තය පරාජය කර නැත. මෙවර ඒ සඳහා කදිම අවස්ථාවක් උදාවූයේ ගාල්ලේදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගය ලකුණු 75 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වූ හෙයිනි. එහෙත් දෙවැනි තරගයේ පළමු ඉනිමේදී සියල්ල කණපිට පෙරැළී ගියේය. පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ම ලකුණු 30 ක් ඇතුළතදී දැවී ගිය අතර මහේල ජයවර්ධන ලකුණු 105 ක් ලබාගත් නමුත් පළමු ඉනිම ලකුණු 275 කට සීමා විය. එහෙත් එංගලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 460 ක් ලබාගත් අතර ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ කෙවින් පිටර්සන් පන්දු 165 කින් ලකුණු 151 ක් ලබාගත්තේය. -එංගලන්ත පන්දු යවන්නන්ට සියලූ ගෞරව හිමිවිය යුතුයි. පළමු දිනයේදී ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා විතරක් නොවෙයි අප ඇද බැඳ තබාගත්තා. තවත් ලකුණු 100 ක් විතර, මා කියන්නේ ලකුණු 350 ක් - 370 ක් විතර, තිබුණා නම් එය හොඳ ලකුණු සංඛ්‍යාවක් වන්නට තිබුණා” "තරගයේ අවසානය වෙද්දී වෙනස වුණේ ඒකයි” යයිද මහේල පැවසීය. තරගය ජයගැනීම සඳහා ලකුණු 94 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා සිය දග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තැබීය. තිලකරත්න ඩිල්ෂාන් විසින් පන්දු යැවීම ආරම්භ කරන ලද අතර පළමු  ඕවරයේදීම එංගලන්ත නායකයා දවාගැනීමට ඩිල්ෂාන් සමත් විය. ජොනතන් ට්‍රොට් දවාගැනීමට රංගන හේරත් සමත් වූ නමුත් කෙවින් පීටර්සන්ගේ පිතිහරඹය නිසා නැවතත් සියල්ලම එංගලන්ත පිලේ වාසියට හැරිණ. "මට සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි. ඒ නිසා ඔහු ගැන විශ්වාසය තැබීම සාමාන්‍ය දෙයක්. ඒත් මුත්තයියා මුරලිදරන් සමග අප කළ දේ රංගන හේරත් සමග නොකිරීම අප ඉදිරියට යද්දී මුහුණ දෙන අභියෝගයයි” "ඒ නිසා, රංගන හේරත්ගේ පීඩනය අඩුකරමින්, ඔහුට සහයෝගය දිය හැකි දග පන්දු ඒකකයක් අප හදාගත යුතුයි” යයිද මහේල ජයවර්ධන පැවසීය.  



අදහස් (0)

මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site