ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාරපන යන මහත්වරුන් නීතිඥ සහාය ලබාදී ඇති හෙයින් නව රජයේ දූෂණ වංචා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගලදී පැවසීය.
මාරපන මහතා මෙම රජයේ වංචා දූෂණ විමර්ශන කමිටුවේ සාමාජිකයකු බවද ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ ප්‍රධානියාට විදේශගතවීමට අවසර දී ඇත්තේ ඔහුගේ නීතිවේදියාගේ මත යැයිද කීවේය.
මේ ආකාරයෙන් හොරුන් ඇල්ලිය නොහැකි බවත් මෙය ජනතාව රැවටීමේ සෙල්ලමක් බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මේ විදියට නම් හොරුන් අල්ලන්න බෑ‘
පිවිතුරු Tuesday, 24 February 2015 02:24 PM
මෙයා බලන් ඉන්නේ දෙපැත්තෙන්ම ගැලවෙන ගොඩවල් එයාගේ ඔඩොක්කුවට වැටේවි කියල.පව්...ඔහොම යන් ..ඔහොම යන් ..ලබන මැතිවරණෙන් ඔයාලව මිනිස්සු අතු ගාලම දමාවි (අ)
දුමින්ද Tuesday, 24 February 2015 09:29 AM
එතකොට විදායක සබාවේ එකම සුදනා කව්ද (නදී)
අසංක Tuesday, 24 February 2015 09:53 AM
දුමින්ද සිල්වාවත් අත් අඩංගුවට ගන්නේ නැත්තේ රජයේ ප්‍රබල ඇමති කෙනෙකුගේ බලපෑම් මතලු. මහින්ද රාජපක්ෂ සමග ගිය රජය තියනකොට මේ ඇමති මහින්ද රාජපක්ෂ එක්ක විදේශ රටවල්වලත් සංචාරය කරපු කෙනෙක්. (නදී)
රණවක Tuesday, 24 February 2015 10:12 AM
එතකොට කවුද ?දඬුවම් කරන්නේ (නදී)
රමණි Tuesday, 24 February 2015 10:25 AM
හොරු අල්ලන්න කියන්නෙත්, හොරු අල්ලන්න හදන්නෙත්, ඒවාට කමිටු පත්කරන්නෙත්, කම්බා හොරු ටික තමයි. විලි ලැජ්ජාවක් නැති කමට වැඩිය හොඳ නැත්ද අතේ පයේ වැඩක් කරලා කීයක් හරි හම්බ කර ගත්තානම්.රටට කීර්තියක් ගෙනත් දෙන්න වෙන්න ඇති අායෙත් පාරක් (නදී)
දසුන් Tuesday, 24 February 2015 10:27 AM
ඇයි මෙචරකල් කිව්වේ මේ අයගේ හොරකම් ඔප්පු කරන්න ඕනේ තරම් සාක්කි තියනවා කියලා. දැන් මේ මොනවාද කියවන්නේ. කෝ ඒ සාක්කි ටික පොලිසියට දෙන්න හොරු ටික අල්ලන්න. (හේ)
රණවක Tuesday, 24 February 2015 10:42 AM
හොරු අල්ලන්නට යන්නේ හොරාගේ අම්මගෙන් පේන බලන්න යන අයනේ (නදී)
සුමුදු Tuesday, 24 February 2015 11:07 AM
අයියෝ දසුන් තාමත් තේරෙන්නේ නැද්ද මේ කියනදේ? හපොයි මෙහෙමත් රටක්. (නදී)
ප්‍රදීල් Tuesday, 24 February 2015 12:28 PM
සමහරු පොතුත් පලකල නේද මෙගා ඩීල් කියලා ගණන් හිලව් එක්ක. සියලුම තොරතුරු නැතුවද ඒවා පලකලේ. පාරවල් රත්තරනින් හදන්න පුළුවන් කියලා කිව්වේ කොහොමද? දැන් අපිද මේවා හොයල දෙන්න ඕනි. ජේ.වී.පී එකට නිකන් අත හෝදගන්න පුලුවන්ද මෙහෙම කියලා. . (නදී)
චමිල Tuesday, 24 February 2015 12:42 PM
දසුන්, ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 99.9% ම හොරු. දැන් කියන්න කව්ද හොරු අල්ලන්න යන්නේ කියලා. (නදී)