ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාරපන යන මහත්වරුන් නීතිඥ සහාය ලබාදී ඇති හෙයින් නව රජයේ දූෂණ වංචා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගලදී පැවසීය.
මාරපන මහතා මෙම රජයේ වංචා දූෂණ විමර්ශන කමිටුවේ සාමාජිකයකු බවද ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ ප්‍රධානියාට විදේශගතවීමට අවසර දී ඇත්තේ ඔහුගේ නීතිවේදියාගේ මත යැයිද කීවේය.
මේ ආකාරයෙන් හොරුන් ඇල්ලිය නොහැකි බවත් මෙය ජනතාව රැවටීමේ සෙල්ලමක් බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බලන් ඉන්නේ දෙපැත්තෙන්ම ගැලවෙන ගොඩවල් එයාගේ ඔඩොක්කුවට වැටේවි කියල.පව්...ඔහොම යන් ..ඔහොම යන් ..ලබන මැතිවරණෙන් ඔයාලව මිනිස්සු අතු ගාලම දමාවි (අ)
එතකොට විදායක සබාවේ එකම සුදනා කව්ද (නදී)
දුමින්ද සිල්වාවත් අත් අඩංගුවට ගන්නේ නැත්තේ රජයේ ප්‍රබල ඇමති කෙනෙකුගේ බලපෑම් මතලු. මහින්ද රාජපක්ෂ සමග ගිය රජය තියනකොට මේ ඇමති මහින්ද රාජපක්ෂ එක්ක විදේශ රටවල්වලත් සංචාරය කරපු කෙනෙක්. (නදී)
එතකොට කවුද ?දඬුවම් කරන්නේ (නදී)
හොරු අල්ලන්න කියන්නෙත්, හොරු අල්ලන්න හදන්නෙත්, ඒවාට කමිටු පත්කරන්නෙත්, කම්බා හොරු ටික තමයි. විලි ලැජ්ජාවක් නැති කමට වැඩිය හොඳ නැත්ද අතේ පයේ වැඩක් කරලා කීයක් හරි හම්බ කර ගත්තානම්.රටට කීර්තියක් ගෙනත් දෙන්න වෙන්න ඇති අායෙත් පාරක් (නදී)
ඇයි මෙචරකල් කිව්වේ මේ අයගේ හොරකම් ඔප්පු කරන්න ඕනේ තරම් සාක්කි තියනවා කියලා. දැන් මේ මොනවාද කියවන්නේ. කෝ ඒ සාක්කි ටික පොලිසියට දෙන්න හොරු ටික අල්ලන්න. (හේ)
හොරු අල්ලන්නට යන්නේ හොරාගේ අම්මගෙන් පේන බලන්න යන අයනේ (නදී)
අයියෝ දසුන් තාමත් තේරෙන්නේ නැද්ද මේ කියනදේ? හපොයි මෙහෙමත් රටක්. (නදී)
සමහරු පොතුත් පලකල නේද මෙගා ඩීල් කියලා ගණන් හිලව් එක්ක. සියලුම තොරතුරු නැතුවද ඒවා පලකලේ. පාරවල් රත්තරනින් හදන්න පුළුවන් කියලා කිව්වේ කොහොමද? දැන් අපිද මේවා හොයල දෙන්න ඕනි. ජේ.වී.පී එකට නිකන් අත හෝදගන්න පුලුවන්ද මෙහෙම කියලා. . (නදී)
දසුන්, ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 99.9% ම හොරු. දැන් කියන්න කව්ද හොරු අල්ලන්න යන්නේ කියලා. (නදී)